කීර්ති ප්‍රනාන්දු –
පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් අමතා හෙට (05) හෝ අනිද්දා (06) ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සඳහන් කර ඉදිරිපත් ඇති ලිපියේ දැක්වෙන්නේ තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂ අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ කළු ජූලිය ඉස්මතු කරමින් මේ මස 05 සහ 06 දෙදින තුළ සිදුවිය හැකි යැයි පැවසෙන ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ හෙළිදරව්ව සැලකිල්ලට ගෙන ඇත්තේ බුද්ධි අංශ හරහා ලැබුණු තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බවය.
එමෙන්ම එම ලිපියේ සඳහන් පරිදි කළු ජූලිය ඉස්මතුකරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව භූමියෙන් තොරතුරු ලැබී නැති බවත් එම නිවේදනයේ දැක්වේ.
මෙම බුද්ධි තොරතුර ගැන ඉදිරි පරීක්ෂණ මේ වනවිට සිදුවන බවත් එම නිවේදනයෙන් දන්වා සිටී, එම නිවේදනය පහත දැක්වේ.