fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගෙවත්ත පාරම්පරික බීජ සංරක්ෂණාගාරයක් කළ ග්‍රාමසේවක මහත්තයා

1 වසරක් ago
in සමාජ
493 5
0
Share on FacebookShare on Twitter

ආත්මාර්ථය මිස පොදු පරමාර්ථ වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන මිනිසුන් වර්තමානයේ ඉතා දුලබ ය. එවැනි වටපිටාවක පොදු සමාජයේ යහපත වෙනුවෙන් වෙහෙසෙන සුන්දර මනුස්සයෙක් ලංකාසරට මුනගැසුනි. ඒ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන්පොල ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන එස්.එම්.කේ.පී.සපුකුමාර ග්‍රාම නිලධාරී වරයාය.

වී වර්ග ආදර්ශ වගාව…

තම රැකියාව  කරන අතරම ඔහු තම ගෙවත්ත වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා වෙන් කර ඇත. වසර 20ට අධික කාලයක් ගොවිතැන් කටයුතුවල යෙදෙන සපුකුමාර ග්‍රාම නිලධාරී වරයා දේශීය වී වර්ග 90 ක් පමණ මෙවර මාස් කන්නයේ ද වගා කර තිබේ.

හීනටි වර්ග දොලහක් , හීන් කුරුලු තුඩ, කුරුලු තුඩ, රත්දැල්, කහවනු, මසුරන්, මඩතාවලු, පිහිටු වී, රත්තාවුලු ඇල්, කහරතමහ, කඳන් වී, හීරැස්ස වී , ගාලුසුලයි, පොක්කාලි, පුෂ්ප රාග, මුතු, ඉච්චිනගා, බටපොලැල්, රත්කඳ, තොටේයාය දිග්වී, මහගොඩවී, අසුදුවී ,කිරිනාරන්, ඇතුලු විවිධ වී වර්ග රැසක් ඒ වගාවෙහි තිබේ. ඒවා වගා කර ඇති ලියදි ඉදිරියේ ලේබල් ගසා ප්‍රදර්ශනය කර ඇත්තේ ඉතා පිළිවෙළකට ය.

ගොවි ගෙදර බීජ ප්‍රදර්ශනය කර ඇති අයුරු

වී වර්ගවලට අමතරව විවිධ ලබු වර්ග, බූ මෑ, පොළොන් මෑ, කොට මෑ ආදී මෑ වර්ගද, කොච්චි වරග දහයක් , බණ්ඩක්කා වර්ග අටක්, සිංහල වට්ටක්කා වර්ග තුනක්, වැටකොලු වර්ග තුනක්, තණ, කුරහන්, මෙනේරි, වෙදමුං, කහමුං, බෙහෙත් මුං හා කටු අනෝදා, දෙහි, දොඩම්, ආදී පලතුරු වර්ග ද ගෙවත්තෙහි වගා  කර තිබේ.“

රසායනික පොහොර වර්ග කිසිවක් භාවිතා නොකර ඒ වෙනුවට දේශීය ගවයාගේ ගොම, ගව මුත්‍ර , කොලවර්ග, ඇටවර්ග, උපයෝගී කරගෙන සකස් කර ගත් පොහොර මිශ්‍ර කර මේ වගා සඳහා යොදා ගනු ලබයි .මෙසේ පොහොර යොදා අස්වද්දන කුඹුරු අක්කරයකින් වී බුසල් 60–120 දක්වා ලබා ගත හැකි බව සපු කුමාර   පවසයි. ගෙවත්තෙහිම සදා ගෙන ඇති වගා ළිඳේ ජලයෙන් වතුර සපයා ගන්නා ඔහු නියඟ කාලවලදී ද මේ අභියෝගය ජයගත හැකි  බව පවසයි………

ඔහු තම අදහස් ප්‍රකාශ කලේ මෙසේය……

“ගොඩක් අය වරද්දාගෙන ඉන්නවා ගොයම් ජලජ ශාකයක් කියල . නමුත් ගොයම් ගහක් පීදෙන්න මහ හුඟක් වතුර ඕන නෑ… යන්තම් පොලොව තෙමුනම ඇති.. ගොඩක් ගොවියො මේක දන්නෙ නෑ. දින 21 ක් ලියදිවල තෙතමනය රැඳිල තියෙනවා. දින 21න් 21ට වගාවට වතුර දුන්නම ඇති. උතුරන්න ජලය ඕන නෑ. නියම විදිහට වතුර ටික ගොයමට ලබා දෙන නිසා තමයි අඩි 4-5ක් උස දේශීය වී වර්ගවල ගොයම නොවැටී අස්වනු නෙලන තෙක් පවත්වාගෙන යන්නේ… මං මගෙ වී වගාව සඳහා පැරෂුට් ක්‍රමය තමයි භාවිතා කරන්නේ.“

“මං මේ කාර්‍යය කරන්නෙ ඉතාම කැමැතෙන්. මගෙ අරමුණ තමයි වස විසෙන් තොර ආහාර රටාවකට පුරුදු වෙන්න අපේ රටේ මිනිස්සුන්ට උදව් වෙන එක. මං දැන් අවුරුදු 20ක් තිස්සේ ගොවිතැන් කරනවා. අපේ පාරම්පරික වී වර්ග ව්‍යාප්ත කරන්න මං අපේ ගොවියන්ට නොමිලේ බිත්තර වී ලබා දෙන්න සූදානමින් ඉන්නවා . මේ වෙනකොට ගොවියෝ 300ට වඩා මං බීජ නොමිලේ ලබා දීල තියෙනවා. යාපනය ,මන්නාරම , මඩකලපුව අම්පාර , මොනරාගල , ගාල්ල , මාතර, හම්බන්තොට, වයඹ, පුත්තලම දිස්ත්‍රික්කවල ගොවියන්ට ත් බීජ ලබා දීල තියෙනවා. ග්‍රෑම් ප්‍රමාණයේ ඉඳල බුසල් ප්‍රමාණ දක්වා ඕන තරම් වී ලබා දෙන්න මට පුලුවන් …….”

වටමළු ගසා ගොයම ආරක්ෂා කර ඇති අයුරු…

“මං මගෙ වී අස්වැන්න සංරක්ෂණය කරනවා. ගොයම් කපල වටමලු ගහනවා. මේ වටමලු කන්න හත අටක් වුණත් පරණ වෙන තරමට පැළවීමේ ශක්තිය වැඩි වෙනවා. එහෙම පරණ වුන වටමලුවල බීජ අරගෙන මං ඒවා අටු භාවිතා කරල සංරක්ෂණය කරනවා. ඒ අවශ්‍ය බීජ මං බෝතල්වල දාලා ලේබල් කරල මගෙ ගොවි ගෙදරින් තියෙනවා. මං ගෙදර වගා කරල තියෙන්නෙ වී වගා ආදර්ශනයක් විතරයි….අක්කර ගණනාවක මං මේ පාරම්පරික වී වගා කරල තියෙනවා …“

ගොවි ගෙරද

සපු කුමාර ග්‍රාමසේවක මහත්තයා තම ගෙවත්තේ ගොම මැටි යොදා සකස් කරගත් ගොවි ගෙදර ක් නිර්මාණය කර ඇත. පිදුරු , පොල් අතු සෙවිලි කර ඇති, උස පිළකින්ද යුක්ත ගොවි ගෙදර ඉතා දැකුම්කලු ය. ගොවිගෙදර නැරඹීමට ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක පැමිණිය හැකි බව ඔහු කියන්නේය. එසේම ගොවි ගෙදර තුළ පැරණි ගොවි උපකරණ ද සංරක්ෂණය කර ඇත්තේය.

“මං කවදාවත් මගෙ වසමෙ මිනිස්සුන්ට රජයෙන් පැළ ලබාදෙනතුරු බලා ඉදල නෑ. මං මගෙන් ඉල්ලන ඕනම කෙනෙකුට  නොමිලේ බීජ , පැළ ලබාදෙනවා. පාසල් දරුවන්ට ගෙවත්තෙ වගා කරන්න පැළ ලබා දෙන්න මට පුලුවන්. එයාලට ඇවිත් අපේ ගොවි ගෙදර නරඹනෙත් පුලුවන්. මං ඒවට මුදල් අය කරන්නෙ නෑ .මොකද මගෙයි බිරිඳ ගෙයි රැකියා දරුවො එක්ක මට සතුටින් ජීවත් වෙන්න හොඳටම ඇති.“

“සංරක්ෂණය කර තිබෙන වී වර්ග ව්‍යාප්ත කරගෙන බීජ නිෂ්පාදනය කරන්න මට වැවක් ළඟ කුඹුරු අක්කර 25ක් 30ක් තියෙනවා නම් මට කරන්න බැරි දෙයක් නෑ . රටේ නම ගිය ඈයො දිගට හරහට ඉඩම් හොරා කනවා. ඇයි මං වගේ රටට යහපතක් කරන්න හදන මිනිහෙකුට උදව් කරන්න කාටවත් බැරි .?  ගොවියෙකුට මොනවද කරන්න බැරි. ගොවිකමේ වටිනාකම අපේ ගොවියො හඳුනන්නෙ නෑ. පාරම්පරික වී වගාව කරන කෙනෙකුගෙ කුඹුර ටම ඇවිත් වුනත් නොමිලේ උපදෙස් දෙන්න මං ලෑස්ති යි. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි… ”

ඔහුගේ සරුසාර ගෙවත්ත පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රොලව ප්‍රදේශයේ පිහිටා ඇත. යන එන ගමන් ඔබටත් ඒ ගෙවත්තට ගොඩවිය හැකිය

Join @lankasara on Telegram Channel
Tags: කඳුබොඩපාළුකඩවල වැවසපුකුමාර
Previous Post

අද දවසට කොවිඩ් මරණ 01යි… කොවිඩ් ආසාදිතයන් 302යි…

Next Post

උත්සව සමයෙ දි රටින් කොහෙන් හරි ගෙනත් රුපියල් 97ට හාල් දෙනවා…

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…
  • ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

ජනප්‍රිය පුවත්

  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    233 shares
    Share 93 Tweet 58
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    229 shares
    Share 92 Tweet 57
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    233 shares
    Share 93 Tweet 58
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    295 shares
    Share 118 Tweet 74
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    228 shares
    Share 91 Tweet 57
  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

    172 shares
    Share 69 Tweet 43

Highlights

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

by editor
මැයි 29, 2022
0

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල  කප්පාදු කර  නව...

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

by editor
මැයි 29, 2022
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පෞද්ගලික ලේකම්  සුගීෂ්වර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist