බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

 ගණේමුල්ලේ සංජීව හදිස්සියේ ලංකාවට කැඳවූ බලවේගය කුමක් ද?

by editor
සැප්තැම්බර් 14, 2023
in සමාජ
ගණේමුල්ලේ සංජීව

ගණේමුල්ලේ සංජීව

Share on FacebookShare on Twitter

සේනාධීරගේ කරුණාරත්න නැමැති ලාංකිකයෙක් ඊයේ (13) දහවල් 12.50ට  කත්මණ්ඩු සිට කොළඹ බලා එන   ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 යානයට කත්මණ්ඩු අන්තර්ජාතික ගුවන් තොටුපලින් ගොඩවුනේය.  

කිසිම කලබලයක් නොපෙන්වූ වියලි දෑසක් සහිත මෙම පුද්ගලයා සම්බන්ධව කිසිවෙකුට විශේෂ අවධානයක් යොමුවූයේ නැත. ඔහු යානයේ 198 ආසනයේ ඉඳගෙන ගැඹුරු කල්පනාවකින් යුතුව එමින් සිටියේය.

කත්මණ්ඩු සිට කොළඹ බලා එන ගමන මගීන් විශේෂයෙන්ම ආකර්ශනයක කරන්නකි. ගමනේ සෑහෙන කාලයක් යානය ගමන් කරන්නේ  හිමාලය කඳු වැටිය මතිනි. එහෙත් ඒ අසිරිය බැලීමට තරම් වූ අවශ්‍යතාවයක් මේ පුද්ගලයාට නොතිබුණ බව පෙනුනි. ඔහු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණියේය.

එහෙත් ගුවන් තොටුපලින් පිටවීමට පෙර ගුවන්තොටුපල  ආගමන විගමන නිලධාරීන් සේනාධීරගේ කරුණාරත්න අත් අඩංගුවට ගනු ලැබුවේය. ඒ නිසැක බුද්ධි තොරතුරු මත පදනම්වය.

ඒ පැමිණ තිබුණේ මේ රට භීතියට පත් කරමින් තවමත් අපරාධ මිනී මැරුම් කප්පම් සහ මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන මේ රටේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි. ඔහු ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඉන්දියාවේ දී අත් අඩංගුවට පත්වීමේ පුවත

සංජීව ඊයේ (13) සවස කටුනායක දී පොලිස් අත් අඩංගුවට පත් වීම පිළිබඳ පුවත විශ්වාස කළ නොහැකි තරම් එකක් විය.

මීට දින තුනකට පෙර මෙටර මධ්‍යය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ ගනේමුලේ සංජීව සහ ඔහුගේ හිතවත් තවත් පාතාල නායකයෙක් වූ ගොත අසංක සමග නේපාල ඉන්දියා මායිම අසල දී අත් අඩංගුවට ගත් බවය.

ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය. පසුගිය අගොස්තු 25 අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් සංජීවගේ මාකිලංගමුව නිවසට  වෙඩි තැබුවේය.

නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බව පොලිසිය කිවේය. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සංජීවගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර  තිබිණි.

අත් අඩංගුවට පත් වූ බව කී සංජීව හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වන්නේ මේ පසුබිමේය.

මේ වනවිටත් සංජීව රඳවාගෙන් ප්‍රශ්න කරමිනි. ඔහු  මේ රටට පැමිනි ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රය  සම්බන්ධ බරපතල කාරණා ටිකක් එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය.  මෙම බලපත්‍රය යොදා ගනිමින් කවරෙක් හෝ අගෝස්තු 30 ඉන්දියාවට ගොස් ඇත. අනතුරුව එම තැනැත්තා සැප්තැම්බර් මස  මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මණ්ඩු නුවර වෙත පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මණ්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්ට තිබීමය.

 කවුද ගනේමුල්ලේ සංජීව?

මාකඳුරේ මධුෂ් මෙන්ම කොස්ගොඩ සුජී ද එල්.ටි.ටී.ඊ සාමාජිකයන්ගෙන් වැඩ ගත්තේය. ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වූයේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය.

දැන් මධුෂ් එළොව ගොස්ය. සුජී රට හැර දා ගොස්ය. එදා සිට  එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයින්ගෙන් වැඩ ගත් එකම පාතාල කල්ලි නායකයා ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ ය.

ඒ බව කීවේ අප නොව මේ රටේ බුද්ධි අංශය.

සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව යනු    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ පුද්ගලයෙකි. ඒත් සංජීව අධ්‍යාපනයට ‘ආයුබෝවන්’ කියා පාතාලය   තෝරාගත්තේය. ඒ තෝරාගැනීම දැනුම්වත්ව කළ එකකි.

පාතාල කටයුතු සඳහා මුල්ම ප්‍රවේශය ගන්නට පෙර සංජීවගේ  කාලය ගෙවුනේ වේයන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතවය.   ඒ දවස්වල  නයිවල හන්දියේ බෝගහට නුදුරින්  ජිම් එකක් දමාගෙන එහිම නැවතී සිටි සංජීවගේ පළමු කොල්ලය ඒ ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් එකක් කොල්ල කෑමය.  ඒ අපරාධය සඳහා ඔහු මුල්ම වරට බන්ධනාගාරගත වුනේය.

මුල්ම සිරගෙදර ගමනින් පසු දැන හැඳුනුම්කම් සමග එළියට එන ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ වනවිට මෙරට සිදුවූ විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින් සංජීව කරළියට එන්නේය.

පස් ජාවාරම

අනතුරුව ඔහු ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය.    ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.

මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස ගනේමුල්ලේ සංජීව විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මග හැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.

ඔස්මන්ගේ ඉලක්කය කළු අජිත්ගෙන් ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජිව අතර ගැටුමක් ඇති වුනේය. වැරදී ගිය කුරුමාණම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් කළු අජිත් පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ සුරේෂ්ගෙන් කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් කළු අජිත් ඝාතනය කර දැම්මේය. ඒ හීනටියන සංඛ නැමැත්තෙක් හරහාය.

චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද ” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද ගනේමුල්ලේ සංජීව චෝදනා ලැබ සිටියේය.

බන්ධනාගාරයේ සිටි දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ අතර සිද්ධියට අදාළව සංජීව බන්ධනාගාර ගත විය.

එල්.ටී.ටී.ඊ්. සම්බන්ධය

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

2020 ජනවාරි මස 01 වැනිදා  සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය විසින් පරීක්ෂා කරනු  ලැබුවේය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගය අත්හැර පලා යන්නේය.

බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනී ගියේ මේ පලා ගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයෙකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය.

වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන්  ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද ආනන්ද රාසාගේ මල්ලේ තිබී පොලිසිය සොයා ගත්තේය.

මින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි.   ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලෛයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වූහ.

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ 2020ජනවාරි මස 02 වැනිදාය.

රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද්, කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර්  ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති.

වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයෙකි..

යුධ හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැදින්වූ අතර නාවික හමුදාව ඔහු හදුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයින් පැටවීමේ ඡාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාර ගතව සිටියදී දකුණේ පාතාලය සමග හාද කම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර ගනේමුල්ලේ සංජීවගේ ආශ්‍රය ඔහුට  ලැබුනේය.

“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.

“වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත අරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” විසින් යතුරු පැදියකින් පැමිණ අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ අප්පා කොළඹට විකිණූ පිස්තෝලයකිනි. ඒ එඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.

“රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වූහ.

රත්තරන් ඇතුළු ස්වකීය සගයින් මරණ   සමයංගෙන් පළි ගැනීමට පාතාල මෙයෙහුමක් සැලසුම් විනි. ඒ  2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එදින සමයං ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ අංගොඩ  ලොක්කාගේ වැඩකි. ඔහුට මධුෂ්ගේන සහයෝගය ලැබී තිබිණි.

ඝාතන සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරු වූ අංගොඩලොක්කා රටින් පැන්නේය.  අමිල නුවන් නොහොත් ගොත අසංක, කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට පත් විය. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.

ගනේමුල්ල සංජීව විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනෙකු මෙහෙයවමින් සිටියේය.  වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත් අඩංගුවට පත් වූයේය.

පසුගිය වකවානුව තුළ  කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය සතුව තිබේ.

අද වනවිට තත්ත්වය

සංජීවගේ නිවසට එල්ල වුන වෙඩි ප්‍රහාරය….

සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස්පොඩ්ඩාගේ ඝාතනයේ පලිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනී මැරුම් ගණනක් සිදුවිය. සංජීවගේ  ඉලක්ක වැරදී අසරණ තරුණයෙක් ද කෙහෙල්බද්දරදී මියගියේය.

මේ අතර පසුගිය අගෝස්තු 21 වැනිදා ඉන්දියානු තොරතුරු උපුටා දක්වමින් මෙරට  මාධ්‍ය වාර්තා කළේ  මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන ඇති බවත් ගණේමුල්ලේ සංජීව ඒ අතර සිටින බවත්ය.

ඒ සමගම අගෝස්තු 25 අලුයම පිස්තෝලයකින් සහ ටි. 56 ගිනි අවියකින් ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුනේය. ඔහුගේ සොයුරිය පැමිණිලි කර තිබුනේ පොලිසියේ යැයි කියා ගන්නා කණ්ඩායම් නිවසට පැන ඉතාම අනවශ්‍ය ලෙස තමන් පීඩාවට පත් කරන බවය. ඔවුන් එක් අවස්ථාවක නිවසේ ඇති භාණ්ඩ ද කොල්ලකාගෙන ගොස් ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණාය.

කිසිම අපරාධකරුවෙක් නොගන්නා අවදානමක් රැගෙන සංජීව යළි රට තුළට ඇතුළුවන්නට ගොස් අත් අඩංගුවට පත් වන්නේ මේ පසුබිමේ දී ය.

විසඳා ගත යුතු ගැටලු රාශියක් විසඳීමේ වගකීම මේ වනවිට විමර්ශන අංශ වෙත පැවරී ඇත. සංජීවගේ මේ ආගමනයේ හේතුව කුමක් ද?. ඔහු මේ තරම් අවදානමක් ගන්නේ ඇයි?. ඔහු පසුපස ඔහුව හසුරුවන බලවේගයක් තිබේ ද?. තිබේ නම් ඒ බලවේගය කුමක් ද?. මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගත්තත් බොහෝ වෙලාවට ඒවා රටට හොරෙන්  නොවී අපරාධත් අපරාධකරුත් සමග වැළලී යන්නට පුලුවන. ලංකාවේ හැටි එහෙමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාතාල කල්ලි නායක මාකිලංගමුවේ සංජීව රටට ඇතුළුවීමට යෑමේ දී ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට…

Next Post

තවත් වන අලියෙක් දුම්රියට බිලි… එකම ස්ථානයේ දි දවස් තුනක් තුළ බිලිගත් 02 වන අලියා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.