බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්…

by editor
ජූනි 20, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදය කාලයකින් ඇසුණු හරවත් මෙන්ව විචක්ෂණශීලී සංවාදයක් බව ලියා තැබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රන්දෙවොලේ අල්තාරය මත පහරන විනිසුරුවරුන්ගේ අශ්ලීල සහ වෛරී හැසිරීම නිසා අධිකරණය සහ ව්‍යවස්ථාදයක අතර ඇති වී තිබෙන බරපතල ගැටුම නිසා ඇතිවීමට නියමිත අනාගත ව්‍යසනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු වන්නේ මේ රටේ සිවිල් සමාජය තිගස්වමිනි.

ඇඩොල්ෆ් හිල්ටර් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට පෙර එවකට ජර්මන් ව්‍යවස්ථාවේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පිරිච්චේදය අත් හිටවීමෙන් අනතුරුව පළමු වරට අධිකරණය ස්වකීය නිශ්චිත බල සීමාව ඉක්මවා ගොස් ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් පරිච්ඡේදයක් අත්හිටුවා තිබිණි. එවැනි බලයක් අධිකරණයට තබා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතකින් හෝ කළ නොහැකි දෙයකි.

එමෙන්ම අධිකරණ සේවා කොමිසමේ අනීතික හැසිරීම, අවුරුදු තුනකින් තුනකට මාරු විය යුතු තනනතුරක් වුවද පුරා වසර නවයක් ධූරයේ රැඳෙමින් සිටින අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ අන්තගාමී ක්‍රියා කලාපය, කුඩු, අයිස්, ගංජා නඩු සඳහා විශේෂ අනුග්‍රහය දක්වමින් සහන සලසන විනිසුරුවරන්ගේ හැසිරීම, නඩු භාණ්ඩ ලෙස පැවති කෝටි විස්සක විස්කි ඉස්සූ විනිසුරුවරයෙකුගේ කතාව මෙන්ම චේම්බර් එකට ගොස් විනිසුරුවරුන්ට අල්ලස් දී නඩු තීන්දු වෙනස් කරගන්නා ජනාධිපති නීතිඥවරු ගැන කතා රටේ අධිකරණ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී හෙළි කරන විට අප අසා සිටියේ මේ මොන රටක් දැයි අපගෙන්ම විමසමිනි.

අධිකරණ ඇමතිවරයා කීවේ තමන් කරන්නට හැකි හැමදේම කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ ජනතාවට මේ අවනඩුව කියන්නේ එය තමන් වෙත ඉතිරි වී ඇති අවසාන විකල්පය නිසා බවය.

රටක පුරවැසියන් ලෙස අප විසින් නෑසිය යුතු එම සංවාදය එළියට එන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී මතුකළ කාරණාවක් හේතුවෙනි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතුකළ බරපතල ප්‍රශ්නය

ලංකාවේ ව්‍යවස්ථාවේ විධායකයේ සහ අධිරණයේ බලතල අකර්මණ්‍ය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීන්දුවේ කතාව මෙසේය.

ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 (අ) පරිච්ඡේදය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ නිර්දේශ ඉල්ලා සිටියේය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එම නිර්දේශය ලබා දුන්නේ නැත. එම හේතුවෙන් එම විනිසුරුවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අංකSCFR35/2024 යන නඩුව පවරමින් සහන අයැද සිටියේය.

එම නඩුව තහවුරු කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අග විනිසුරුවරයා හැර අනෙක් විනිසුරුවරුන් විශ්‍රාම යෑම හෝ ධූරය හිස් වීම මත ඇතිවන කිසිම පුරප්පාඩුවක් සඳහා විනිසුරුවරුන් පත් කිරීම තහනම් කරමින් ජනරජයේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝගයක් නිකුත් කළේය. අනතුරුව එය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කරනු ලැබුවේය.

එම නියෝගය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සමග ගැටුනේය. බලතල බෙදීමේ න්‍යාය මත සකසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව ව්‍යවස්ථාදායකය සහ විධායකයේ බලතලවලට අභියෝග කිරීමක් මේ තීන්දුවෙන් සිදුකොට තිබිණි.

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්නේ
    1 ව්‍යවස්ථාදායකය වෙනුවෙන් කථානායකවරයා, සහ මන්ත්‍රිවරුන්
    2 විධායකය වෙනුවෙන් අගමැතිවරයා කැබිනට් ඇමතිවරයා
    3 මහජනතාව වෙනුවෙන් සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා වශයෙනි.

ඉහත නියෝජනය අනුව ශ්‍රි ලංකා ජනරජයේ විධායකයේ ප්‍රධානියා සහ පළමු පුරවැසියාවන ජනාධිපතිවරයා,  රටේ දෙවැනි පුරවැසියාවන අග්‍රාමාත්‍යවරයා, රටේ තෙවැනි පුරවැසියාවන කථානායකවරයා රටේ හතරවන පුරවැසියාවන අගවිනිසුරුවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ඉටු කළ යුතු ඉටුකිරීම්වලින් මෙම නඩුතීන්දුව හරහා වළක්වා තිබිණි.

ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයට බලපෑම් කරන හෝ අභියෝග කරනු ලබන නියෝග නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා බලයක් නොමැති බව පාර්ලිමේන්තුවේ කතානායකවරුන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ද දිගින් දිගටම තීන්දු ගණනාවක් ලබා දී තිබුණේය.

එවැනි පූර්වාදර්ශ සහිතව තිබියදීත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුතුමන්ගේ බලය ද අභියෝගයට ලක් කිරීම පුදුම සහගත විය. රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවට සම්බන්ධව සහ නඩු ප්‍රමාද වීම වළක්වා ගැනීම සම්බන්ධව ප්‍රධාන වගකීම් දැරූ අගවිනිසුරුවරයාට අධිකරණයට අවශ්‍ය විනිසුරුවරුන් ප්‍රමාණය නොමැති වීම නිසා සිය කටයුතු කාර්යක්ෂම ඉටු කිරීම වළක්වාලීම සඳහා උක්ත නියෝගය බලපෑවේය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු දෙකක් පුරප්පාඩු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තුළ 5432ක් වූ නඩු ගණනක් ගොඩගැසී තිබේ. අභියාචනාධිකරණයේ ගොඩ ගැනී ඇති නඩු ප්‍රමාණය 4141කි. පුරප්පාඩු 5කි. මෙය දිගින් දිගමට සිදුවන්නේ නම් ඉතිරිවනු ඇත්තේ ශ්‍රේෂාධීකරණයේ අග විනිසුරුවරයා පමණක් බවත් ඔහුටත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය වසා දැමීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ ක්ෂේත්‍රයේ ඉදියේදී තවත් ඇබෑර්තු ඇතිවීමට නියමිතය. මෙම නියෝගය හේතුවෙන් ගරු අධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවෙන් පනවා ඇති අධිකරණ බලතල ක්‍රියාත්මක කරමින් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ඉටු කිරිමට නොහැකි ව තිබිණි. ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටු කරගැනීම සඳහා අධිකරණයෙන් ජනතාවගේ අයිතිවාසිකමක් කඩ වී තිිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව අනුව ජන‍තා පරමාධිපත්‍ය හිමි වී ඇත්තේ ජනතාවටය. හතරවන ව්‍යවස්ථාවට අනුව එම බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ද ජනතාවගේ ස්වාධිපත්‍ය බලය ආරක්ෂාවන ලෙසය.

එහෙත් ප්‍රස්තුත නියෝගයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් පත්කිරීම සඳහා වූ ජනාධිපතිගේ සහ ව්‍යවස්ථාදායකයේ බලය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 7 (ආ) වන පරිච්ඡේදය අත්හිටුවීමය.

මේ තත්ත්වය ඉදිරිපත් කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මේ ක්‍රියාවලියේ අවසානය අතිශය බිහිසුණු ප්‍රතිඵල ඇතිකරන්නක් බවය. හේ අවධාරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82වැනි පරිච්ඡේදයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අනම්‍ය ක්‍රමයක් හඳුන්වා දී තිබිය දී ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අකුරක්වත් අත් හිටුවීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිවෙකුට හෝ ලබා දී නොමැති ව තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන් බවය.

මෙම කරණු සලකා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පාර්ලමේන්තුවේ සුදුසු කාරක සභාවක් පත් කරන ලෙස ද මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරවරයාත්, කොළඹ දිසා අධිකරණයේ අංක 01 දරන විනිසුරුවරයාත්, කොළඹ සිවිල් අභියාචනාධිකරණයේ විනිශ්ඡයකාරතුමා, ඇපැල් උසාවියේ සභාපතිතුමා,… මේ අය ගරු කතානායක තුමා හැම විටම දේශපාලන වශයෙන් ඉතාම දැඩි බලපෑම් එල්ල වෙනවා. මොකද හේතුව මේ අයට තමයි රටේ විවිධ දේශපාලන පක්ෂවලින් ප්‍රශ්න ආවාම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.

අපේ අධිකරණ පද්ධතියේ ඉන්න විනිසුරුවරුන්ගෙන් අතිශය බහුතරයක් ඉතාම ගෞරවාන්විත මහත්වරු. නමුත් සමහර විනිශ්චයකාරවරු ඉන්නවා, තමන්ගේ ගමේ දේශපාලකයාට අවශ්‍ය තීන්දුව ලබා දෙනවා. තමන්ට අදාල ජාතකයට අනුව තමයි අන්තිමට තීන්දුව ලැබිලා තියෙන්නෙ.”

“මම මාස අට හමාරක් දේශපාලනය කරන්න පක්ෂයක් නෑ. මගෙ නඩුව කතා කරන්න මාස තුනහමාරක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවෙ ඉන්නවා ඇත්ත දේශපාලන චරිත. පවුල් පසුබිම් නැතිව අවුරුදු ගානක් ගොඩනැගුණ චරිත. විශාල කැපකීරිමක් සහිතව ගොඩනැගුණ හොරකම් වංචා නොකරපු මිනිස්සු ඉන්නවා. ඒ දේශපාලකයින්ට එරෙහිව තහනම් නියෝග ගන්න යන්නේ එක ජනාධිපති නිතිඥයෙක්.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තහනම් නියොග 14ක් දැන් අරන් තියනවා. මේ පුද්ගලයා පැමිණිල්ල වෙනුවෙනුත් පෙනී ඉන්නවා. විත්තිය වෙනුවෙනුත් පෙනී ඉන්නවා. මොකක්ද මේ සදාචාරය.

ඒ වගේම අද නඩුව දාන්න කලින් නීතිඥවරු අහන්න පුරුදු වෙලා ඉන්නවා කවුද ඉන්න ජර්ජ් කියලා. මේ උසාවියට දැම්මොත් මේක කරගන්න පුලුවන් ද කියලා අහන මට්ටමක් ඇවිත්. මේ අපරාධය වෙන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න දෙතුන් දෙනෙක් නිසා. ඒ පෙරේතයන්ට දෙවියන්ගේ අඩවියේ පිනුම් ගහන්න ඉඩ දෙන්න එපා. ඒක ශුද්ධ කරන්න කියලා අපි අග විනිසුරුතුමාගෙන් ඉල්ලන්නේ.

අධිකරණ ඇමති කී බිහිසුණු කතාව

මේ ක්‍රියාදාමය පිළිබඳව මෙතෙක් කළ දේ ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවේය.

“ව්‍යවස්ථාදායක ස්වාධීනයි ව්‍යවස්ථාදායකයේ කටයුතු සම්බන්ධව. අධිකරණයත් ස්වාධීනයි අධිකරණ කටයුතු සම්බන්ධව. කියමනක් තියනවා දිව්‍ය ලෝකය පොළවට කඩා වැටෙද්දි වුනත් යුක්තිය ඉෂ්ට කරන්න ඕන කියලා. ඒක තමයි විනිසුරුවරුන්ට පැවරුණ වගකීම. පන්සලට කෝවිලට දේවාලයට ගිහින් තමයි අන්තිමට මිනිස්සු දැඩි පීඩනයකින් යුතුව අධිකරණයට එන්නේ. ඒ තමන්ට නොලැබුන යුක්තිය බලාගෙන. අධිකරණයට යන හැම කෙනෙකුගෙම හැම නඩුවක්ම වැදගත්. විනිසුරුවරුන්ගේ රාජකාරිය යුක්ති ඉෂ්ට කිරීම.”

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැහැදිලි කළ නඩුවේ තීන්දුව තීන්දුව නිසා අවසානයේ දී අධිකරණයත් වසා දමන්නට සිදුවන ආකාරය අධිකරණ ඇමතිවරයා අනතුරුව පෙන්වා දුන්නේය.

” කාරණයට ප්‍රස්තුත වන්නේ කතානායකවරයාගේ නායකත්වයෙන් යුතු ව්‍යවස්ථාදායක සභාව විසින් ලබා දුන් තීන්දුවක්. අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ උසස්වීමට ව්‍යවස්ථා දායක සභාව විසින් අනුමැතිය දුන්නේ නෑ. ඒ නිසා ඔබතුමාලගෙන් පලිගන්න ඕන. එයයි කතානායකතුමනි මේ කළේ. මේ අතුරු නියෝගයෙන් සමස්ථ විධායකය සහ ව්‍යවස්ථාදයක බැඳ දමා තිබෙනවා.”

නිශ්ශංක බන්දුල කරුණාරත්නට අසාධාරණයක් සිදුවිනි නම් එයට සාධාරණයක් ඉටු විය යුතු නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක් අත්හිටුවීමේ බලය ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළනම් කොතැනින්වත් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී නැති බව අධිකරණ ඇමති කීවේය.

මේක මගින් ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 7අ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම අත්හිටුවලා තියෙන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධනයක්වත් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක අකුරුක් එක වගන්තියක් අත්හිටුවන්න පාර්ලිමේන්තුවට පනතකින්වත් බෑ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය එක පරිච්ඡේදයක් අත්හිටුවලා තියෙන්නෙ.

මේ වගේ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ එක අවස්ථාවයි මම දැකලා තියෙන්නේ. ඒක තමයි ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ වේමස් කොන්ස්ටියුෂන් එකේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය අත්හිටවීම. එතනින් තමයි දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. ලෝක යුද්ධය ආරම්භය ඇතිවෙන්නේ එතනින්. මේක දෙවැනි වන්නේ ඒකට විතරයි.

ඉතිහාසගතවන නීතිඥයා

මේ නියෝගය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තියන බලයක් නෙමෙයි. එතකොට මෙතුමා (දයාසිරි ජයසේකර ) කිව්වා එක නීතිඥයෙක් තමයි මේ තියන හැම එකකටම ගිහින් පෙනී ඉන්නේ. කවුද මේ නීතිඥයා. ඒ නීතිඥයා තමයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා.

ෆයිසර් මුස්තාපා කියන්නේ අපේ රටේ ඉන්න සුවිශේෂ වරප්‍රසාද ලත් නීතිඥවරයෙක්. ඔහු විතරයි ලෝක ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් දරමින් විධායකයෙ කොටසක් විදිහට අධිකරණයට ගිහින් නඩුවලට පෙනී ඉඳලා… එවැනි බලයක් ලබපු ලෝකයේ එකම පුද්ගලයා ඔහුයි.”

“ඒ නීතිඥ මහත්මයා තමයි නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙනුවෙනුත් පෙනී ඉන්නේ. මම ඉල්ලුවෙත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා මෙහෙම නියෝගයක් දුන්නා කියලා තීන්දුවෙන් පස්සේ ඔහු එළියට ඇවිත් කියනවා. අපටත් තේරෙන්නේ නෑ මෙතන මොකක් ද වුනේ කියලා.”

” තව විශේෂයක් තියනවා. මේ නීතිඥමහත්මය නඩු කතා කරන්නේ චේම්බර් ඇතුළේ. මැතිවරණයට දින හතරකට කලින් එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ සභාපති සුසිල් ප්‍රේමජයන්තගෙ තනතුර අත්හිටුවලා එදාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගේ ලේකම් කම නැති කළා එතුමා. ඉතිහාසය එහෙමයි. එතුමා ඒ තරම් බලවත්.”

” ඔහු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පක්ෂවත් පෙනී ඉන්නවා. විපක්ෂවත් පෙනී ඉන්නවා. එතුමා ඉදිරිපත්වන නඩුවල තීන්දු මොනවද කියලා අලුත්කඩේ උසාවියේ නීතිඥවරු තීන්දුව දෙන්න කලින් දවසේ දන්නවා. අපි ලඟ තියනවා රෙකෝඩ් කරගත්තු තොරතුරු. මේක බරපතල ගැටලුවක්. ”

විනිසුරු හොරු ගැන අධිකරණ ඇමතිගේ හෙළිදරව්ව

‘ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලි පථයට වැරදි විදිහට සම්බන්ද කරලා අධිකරණයට දීපු විදුලියෙන් මහේස්ත්‍රාත්වරයාගේ බංගලාවට කරන්ට් අරන්.

දවසක් විදුලි කාන්දුවක් වුනා. අධිකරණ අමාත්‍යංශයේ කාර්මික ශිල්පියා ගියා හදන්න. ඔහුට විදුලිය වැදිලා මැරෙන්නේ නැතිව බේරුණා අනූ නවයෙන්. මොකද වෙලා තියෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලි බිලෙන් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ විදුලි බිල කවර් රකගන්න හොරට රැහැන් ඇදලා. වතුර බිල ගැන බැලුවා. අධිකරණයේ වතුර නලයට පයිප්පයක් දාලා මහේස්ත්‍රාත් නිල නිවසට වතුරත් අරගෙන. මම නියෝග කළා පරීක්ෂණයක් කරන්න අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට.”

“ඔහු පරීක්ෂණයක් කළා. කොළඹ මහාධිකරණයේ විනසුරුතුමා වෙනම පරීක්ෂණයක් කළා. පැහැදිලිවම ඔප්පු වෙලා තියනවා අපරාධය. මේක පත්තරේ ගියා. මිනිස්සු මගෙන් අහනවා අපි ඕක කෙරුව නම් අපට ඇප නෑ. ඔබතුමාල මොනවද කරන්නේ. විනිසුරුවරන්ට විශේෂ නීතියක් ද කියලා.”

” ඒක අක්‍රමිකතාවක්. අපරාධ නීතිය අනුව වරදක්. අපට කරන්න දෙයක් නෑ. අපි අධිකරණ සේවා කොමිසමට මේ තොරතුරු දැන්නුවා. 2024 මැයි මාසේ 08 වැනිදා මම මේ සිද්ධිය අධිකරණ සේවා කොමිසමට යවලා තියනවා අදාල ලිපි ගොනුත් එක්කම. කරුණාකරලා ඒ වගකීම අපට පවරන්න එපා.

තවත් සිද්ධි ගණනක් තියනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු විනිසුරු මාරුවෙලා ගිහින් වෙන විනිසුරුවරියක් පත් වෙලා එනවා. එතුමිය පත් වෙලා ආවට පස්සේ නඩු කටයුතු කෙරී ගෙන ගිය ආකාරය ගැන පැමිණිල්ලක් කරනවා. මොකද වෙලා
තියෙන්නේ… මත්ද්‍රව්‍යවලට පුදුම තීන්දු දීලා. හෙරොයින් සන්තකයේ තබා ගැනීම 1000ක් ගෙවන්න. නැතිනම් නිදහස් කරන්න. ප්‍රමාණය මොකක් වුනත් දඩය දාහයි. ඒක ගෙව්වොත් එවෙලෙම යන්න දෙනවා. ගෙව්වේ නැතිනම් හවස තුනට ගෙදර යනවා. මිනිස්සු ගංජා කාරයො කුඩු කාරයො කරන්නේ අධිකරණය. අපි පණ යනකම් පනත් හදනවා. මිනිස්සු අහනවා ඔයගොල්ල හදන පනත්වලින් ඇති වැඩේ මොකක් ද කියලා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයා ඉද්දි නඩු භාණ්ඩ ලෙස තිබුණ රුපියල් කෝටි විස්සක විස්කි අතුරුදහන් වෙනවා. පැමිණිලි කරනවා හොරු ගෙනිහින් කියලා. ගබඩා කඩලා ගෙනිහින් කියලා. හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරලා රස පරීක්ෂක කියනවා මේක කවුරුත් කඩලා නෑ. මේකට දාන්න පුලුවන් යතුර දාලා ඇරලා තමයි අරන් ගිහින් තියෙන්නේ කියලා. කොහෙද එතකොට හොකරකම් වෙලා තියෙන්නේ. එතකොට ඒ විනිසුරුවරයා මොකක්ද ගත්ත පියවර. ඒ අයට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්ත පියවර මොකක් ද?.

තව එකක් කියන්නම්. අලුත් මහේස්ත්‍රාත්වරයා එනකම් හැමදාම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්‍රය පැය බාගයක් අඩුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නවයට එන කෙනාට අට හමාර වදින්නේ. ප්‍රශ්න කළාට පස්සේ කියන්නේ විනිසුරුතුමා දන්නවා ඒ විදිහ. ඒ විදිහට තමයි වැඩ වුනේ කියලා. රජයේ සේවයේ හැම නිලධාරියාගෙම පැය බාගයක්… මේ අධිකරණ ක්ෂේත්‍රයේ වෙන්නේ. මොකක්ද අධිකරණ සේවා කොමිසම ගත්ත පියවර.

මේ සියලු දූෂණ වැඩ අධිකරණ සේවා කොමිසම හරියට පරීක්ෂා කරලා බලන්නේ නෑ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. එතන ඉන්නවා ලේකම් කෙනෙක්. අද විනිසුරුවරුන්ට පවා ඒ අයගෙ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ කියන්න ප්‍රවේශයක් නෑ.
ඉල්ලිමක් කළාට වැඩක් නෑ.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නවා. එයා තෝරලා බේරලා එයාට ඕන දේවල් විතරයි කොමිසමට දාන්නේ. එයාට ඕන අයට තමයි පිටරට සවාරියක් ආවොත් ඒක දෙන්නේ. එයාට ඕන අයට විතරයි ශිෂ්‍යත්වයක් ඕන වුනොත් දෙන්නේ. අනෙක් විනිසුරුවරුන් කපලා පැත්තකට දාලා. දැඩි මානසික පීඩනයකින් ඉන්නවා. මමත් උත්සාහ කළා. වෙන්නේ නෑ. වෙන්නෙ නැති නිසා තමයි අද මම මෙතන කියන්නේ ජනතාවට.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් කෙනෙක් ඉන්නේ අවුරුදු තුනයි. තුනෙන් තුනට මාරු වෙනවා. දැන් ඉන්න ලේකම්වරයා අවුරුදු නවයයි. ඔහුට ඕන විදිහට තමයි ඔක්කොම පාලනය කරන්නේ. මේක හරි බපතල ප්‍රශ්නයක්.

හැමදාම අපට ඇඟිල්ල දික් කරනවට අපට කැමති නෑ. අධිකරණය කියන්නේ විවෘතයි. මේවා අපි කතා කරන්න ඕන.

මේ දේශපාලන පක්ෂ ටික කොළඹ දිසාධිකරණයට භාර දෙන්න ගරු කථානායක තුමනි. දිසාවිනිසුරුවරයා කියන්න දේශපාල පක්ෂ සියල්ලගෙම නායකයා වෙලා මේවා ඔක්කොම පාලනය කරන්න කියලා. එයා තමයි බලධාරියා.

මේ විකාරය නතර වෙන්න ඕන ගරු කතානායක තුමනි. අපි දන්නවා අපේ සීමාව. තමන් දැනගන්න ඕන විනිසුරුවරයෙක් වුනත් තමන්ගේ සීමාව.

කථානායවරයා ලෙස මේ ගැන තීරණයක් ගන්න. ව්‍යවස්ථාදයක සහ අධිකරණය අතර, නැතිනම් ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බරපතල ගැටලුමකට යන්න කලින් මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ ප්‍රශ්නය විසඳන්න. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ඔබ. ශ්‍රේෂ්ඨාධිකරණය නොවෙයි.

අධිකරණ ඇමතිවරයා පැවසුවේය. සභානායක සුසුලි ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ රටේ ගුර හිඟය මගහරවාගෙන ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට අධිකරණයේ වෛරී තීන්දුවක් බලපෑ ආකාරය ගැනය. අධිකරණය තුළ සිද්ධ වෙන සිල්ලර කාලකණ්ණිකම් ගැනය.

මේ රටේ මිනිස්සුන්ට දේශපාලනය ගැන විශ්වාසයක් තිබුණේ නැත. එම දේශපාලනය හරහා එන ජනතා නියෝජිතයන්ගෙන් ප්‍රකාශිත වත්මන් පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය ගැන ඇති අවිශ්වාසයත් ටෙම්පරි ජනාධිපතිවරයා නියෝජනය කරන විධායකය ගැන විශ්වාසයත් බිඳී ගොස් පිළිකුලකින් කෙළවර වී ඇත්තේය.

මේ අධිකරණයේ දූෂිත ස්වරූපය පාර්ලිමේන්තුවේදීම ඇසෙන්නේ එවැනි පසුබිමකය. පුරවැසියන් ලෙස මේ සමස්ථ ව්‍යුහයේම වෙනසක් හැර අප කුමක් ප්‍රාර්ථනා කරමු ද?.

‘අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරවනේ….”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසාර සංචාරක ගමනාන්තයක් කෙරේ…

Next Post

භූ චලනයෙන් පසු මුලතිව් අහසේ දිස්වන නිල් පැහැති ආලෝක වස්තු දෙකක් ගැන යාපනය විශ්වවිද්‍යාලය කොළඹට දන්වයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.