බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කරච්චි ගුවන් යානයේ නියමුවා කී අන්තිම කතාව

පන්ජාබ් බැංකු ලොක්කා ඇතුළු හාස්කමින් දිවි රැකගත් අය කියන කතා

by editor
මැයි 23, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
සිය ගමනාන්තයට ආසන්නව තිබියදී කරච්චි නිවාස බහුල ප්‍රදේශයක දී කඩා වැටුණු පාකිස්ථාන ගුවන් යානයෙන් 97 දෙනකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් දෙදෙනෙකු දිවි ගලවාගෙන තිබේ.  මෙම අවාසනාවන්ත ගුවන් අනතුර සිදුවන්නේ
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දින ගණනාවක් පාකිස්ථානය රට ලොක්ඩවුන් කිරීමෙන් පසු නැවත වාණිජ ගුවන් ගමන් ආරම්භ කර දින කිහිපයකට පසුවයි.
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගමට අයත් එයාර් බස්  A320 වර්ගයේ PK8303 ගුවන් යානය ලාහෝරයේ සිට කරච්චිහි ජිනා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත යමින් සිටියේ මගීන් 91 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ද සමගිනි. යානය ඊයේ පස්වරුවේ කරච්චි ගුවන්තොටුපලට ආසන්නව නිවාස බහුල ප්‍රදේශයකට කඩා වැටී තිබුණේ මහා ගින්නක් ද ඇතිකරමිනි.
ගුවන් යානය ගොඩබෑමට ගන්නා උත්සාහයේදී යානයේ කාර්මික දෝෂයක් තිබූ බව ගුවන් නියමුවා විසින් වාර්තා කර තිබූ බව එරට වාර්තා පවසයි. ඊට හේතුවී ඇත්තේ යානය ගොඩබෑමට සූදානම් වීමේදී ‘අනතුරු ඇගවීමේ සංඥා ඇමතුම’ නියමුවා විසින් වාර්තා කර තිබීමයි. අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.
අනතුරින් දිවි ගලවාගත් මුහම්මද් සුබයිර්
කෙසේවෙතත් අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ මුහම්මද් සුබයිර් ය. සුළු තුවාල පමණක් තිබූ සුබෙයාර් පවසා ඇත්තේ යානය ගොඩබැස්සවීමට උත්සාහ කළ බවත් පසුව විනාඩි 10-15 කට පසුව අනතුරට ලක් වූ බවත් ය. “යානය කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නෑ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරවමින් සිටියා” ඔහු පැවසීය. අනතුරෙන් පසු ඔහුට සිහි විසඥ වී ඇති අතර සිහිය ලැබීමෙන් පසු ඔහු පැවසුවේ, “මට හැම පැත්තෙන්ම කෑගහනවා ඇහුණා. ළමයින් සහ වැඩිහිටියන්. මට දැක ගත හැකි වූයේ ගින්නක් පමණයි. මම කවුරුවත් දැක්කේ නෑ ඔවුන්ගේ කෑගැසීම පමණක් ඇසුණා” යනුවෙනි. “මම මගේ ආසන පටි විවෘත කරද්දී යම් ආලෝකයක් දුටුවා. මම ආලෝකය දෙසට ගියා. මට අඩි 10 ක් (මීටර 3 ක්) පමණ පහළට පනින්නට සිදුවුණා.” යැයි ද සුබයිර් පවසා ඇත.
පන්ජාබ් බැංකු අධිපති සෆාර් මසූඩ්
ගුවන් යානා අනතුරින් විස්මයජනක අයුරින් දිවි බේරාගැනීමට හැකි වූ අනෙක් පුද්ගලයා වන්නේ පන්ජාබ් බැංකු අධිපති සෆාර් මසූඩ් ය. ඔහුගේ තත්ත්වය ද යහපත් බවට බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
ගුවන් අනතුර වූ ස්ථානය වෙත. ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය ළගා වූයේ  ජනාකීර්ණ කලාපයේ වීදි දිගේ විසිරී ඇති සුන්බුන් හරහා ය. ගණනාවක් අනතුරින් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබුණි.
ගුවන් ගමනාගමන පාලක පැදිරිය සහ ගුවන් නියමුවෙකු අතර ඇති වූ සංවාද පට පකිස්ථාන මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ගුවන් යානයේ එන්ජින් අක්‍රිය වූ බව අසන්නට ලැබීම නිසා ගුවන් ගමනාගමන පාලකයෙකු අසන්නේ එය යටි රෝද භාවිතාවකින් තොර හදිසි ගොඩබෑමක් ද (යානයේ ගොඩබෑමේ රෝද දිගහැරීමට නොහැකි හෝ දෝෂ අවස්ථාවකදී සිදුවන) යන්නයි. එයට නියමුවා පිළිතුරු දෙන්නේ “මේඩේ, මේඩේ, මේඩේ” යනුවෙන් වන අතර එය විපතට පත් බවට අනතුරු ඇගවීමේ සංඥාව ය.
ගුවන් ගමනාගමන පාලක මැදිරිය සමඟ නියමුවාගේ අවසාන වචන හුවමාරුව එරට පුවත් සේවයක් මගින් අනාවරණය කර තිබේ. එම සංවාදයෙන් ඇඟවුණේ යානය ගොඩබෑමට අපොහොසත් වී ඇති බවත් අවදානම් නමුත් ආරක්ෂිතව ගොඩබෑමට වෙනත් අයුරකින් උත්සාහයක් ගෙන ඇති  බවත්ය.
නියමුවා – “අපි කෙලින්ම ඉදිරියට යනවා, සර් අපේ එන්ජිම අක්‍රිය වෙලා,”
ගුවන් ධාවන පථයක් ලබාදෙමින් ගුවන් තොටුපල පාලකවරයා නියමු කුටිය ඇමතීය.
ගුවන් පාලක මැදිරිය – “ගියර්-අප් ගොඩබෑමක් සදහා ඔබේ උත්සාහය තහවුරු කරන්න.”
නියමුවා – “සර්, මේඩේ, මේඩේ, මේඩේ පාකිස්තාන් යානය 8303,”
මෙම සංවාදයෙන් පසුව ගුවන් යානය තෙවරක් කරකැවී ගොස් අනතුරට පත්වී ඇති බව තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි එරට වාර්තා පවසයි.
Belly Landing හෙවත් ගියර්-අප් ගොඩබෑමක් සිදුවන්නේ යානයේ යටි රෝද දිගහැරීම සිදුනොවන හෝ දෝෂ සහගත අවස්ථාවකදී අවදානම්සහගත නමුත් මීළග උත්සහක ක්‍රමය ලෙසයි. ගියර් අප් ගොඩබෑමකදී ගුවන් යානයක් ගොඩබෑමේ ආම්පන්නයකින් තොරව සම්පූර්ණයෙන්ම විස්තාරණය වී එහි යටි පතුල හෝ යානයේ බ’ද කොටස එහි මූලික ගොඩබෑමේ උපකරණය ලෙස භාවිතා කරන විට ය. මෙලෙස ගොඩබෑමේදී යානය වේගයෙන් ගොඩබසින විට යානය පෙරළීමට, විසිරයාමේ හෝ හැරීමට හෝ ගින්නක් ඇතිවීමේ අවදානම දරයි.
එක් සිවිල් ගුවන් සේවා නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ  යානයේ යටි රෝද ඇකිලීමට නොහැකි විය හැකි බවයි. සමාජ මාධ්‍යවල පළවන ඡායාරූපවලින් පෙනී යන්නේ එන්ජින් දෙකටම යටින් දැවෙන බවකි. කෙසේවෙතත් යානය ගොඩබෑමට උත්සහ කිරීමේදී යටි රෝද දිගහැරීමට නොහැකි වීම, කුරුල්ලන් ගැටීමක් හේතුවෙන් එන්ජිමට ඇතිවූ හානිය, යළි හරවා යෑමේදී ආනති ගැටලුවක් හා එන්ජින් දෙකම දෝෂ මතුවී ගිනිගැනීම ආදී කරුණ අනතුරට හේතුවන්නට ඇති බවට දැනට අනුමාන කර ඇත.
 අනතුරට හේතුව තීරණය කිරීම සඳහා විමර්ශකයින් යානයේ කළු පෙට්ටි දත්ත ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියි. අනතුර පිළිබද සොයාබැලීම සදහා විමර්ශන කමිටුවක් දැනටමත් පිහිටුවා ඇත.
PIA පවසා ඇත්තේ මෙම යානය 2014 දී ගුවන් යානා සමූහයට සම්බන්ධ වී ඇති අතර පසුගිය නොවැම්බරයේදී එහි වාර්ෂික ගුවන් යෝග්‍යතා පරීක්ෂණය ද සමත් වූ බවයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Share80Tweet43
Previous Post

නාවික හමුදා මුරපොළක් පිහිටුවා මුහුදු මහා විහාරයේ ගැටලුව විසඳිය හැකි ද?

Next Post

පසුගිය මාස හතර හමාර තුළ ඩෙංගු මරණ 20 යි… රෝගීන් 19474 යි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.