fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 9, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කරච්චි ගුවන් යානයේ නියමුවා කී අන්තිම කතාව

පන්ජාබ් බැංකු ලොක්කා ඇතුළු හාස්කමින් දිවි රැකගත් අය කියන කතා

editor by editor
මැයි 23, 2020
in සමාජ
0
Share on FacebookShare on Twitter

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

සිය ගමනාන්තයට ආසන්නව තිබියදී කරච්චි නිවාස බහුල ප්‍රදේශයක දී කඩා වැටුණු පාකිස්ථාන ගුවන් යානයෙන් 97 දෙනකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් දෙදෙනෙකු දිවි ගලවාගෙන තිබේ.  මෙම අවාසනාවන්ත ගුවන් අනතුර සිදුවන්නේ
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දින ගණනාවක් පාකිස්ථානය රට ලොක්ඩවුන් කිරීමෙන් පසු නැවත වාණිජ ගුවන් ගමන් ආරම්භ කර දින කිහිපයකට පසුවයි.
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගමට අයත් එයාර් බස්  A320 වර්ගයේ PK8303 ගුවන් යානය ලාහෝරයේ සිට කරච්චිහි ජිනා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත යමින් සිටියේ මගීන් 91 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ද සමගිනි. යානය ඊයේ පස්වරුවේ කරච්චි ගුවන්තොටුපලට ආසන්නව නිවාස බහුල ප්‍රදේශයකට කඩා වැටී තිබුණේ මහා ගින්නක් ද ඇතිකරමිනි.
ගුවන් යානය ගොඩබෑමට ගන්නා උත්සාහයේදී යානයේ කාර්මික දෝෂයක් තිබූ බව ගුවන් නියමුවා විසින් වාර්තා කර තිබූ බව එරට වාර්තා පවසයි. ඊට හේතුවී ඇත්තේ යානය ගොඩබෑමට සූදානම් වීමේදී ‘අනතුරු ඇගවීමේ සංඥා ඇමතුම’ නියමුවා විසින් වාර්තා කර තිබීමයි. අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.
අනතුරින් දිවි ගලවාගත් මුහම්මද් සුබයිර්
කෙසේවෙතත් අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ මුහම්මද් සුබයිර් ය. සුළු තුවාල පමණක් තිබූ සුබෙයාර් පවසා ඇත්තේ යානය ගොඩබැස්සවීමට උත්සාහ කළ බවත් පසුව විනාඩි 10-15 කට පසුව අනතුරට ලක් වූ බවත් ය. “යානය කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නෑ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරවමින් සිටියා” ඔහු පැවසීය. අනතුරෙන් පසු ඔහුට සිහි විසඥ වී ඇති අතර සිහිය ලැබීමෙන් පසු ඔහු පැවසුවේ, “මට හැම පැත්තෙන්ම කෑගහනවා ඇහුණා. ළමයින් සහ වැඩිහිටියන්. මට දැක ගත හැකි වූයේ ගින්නක් පමණයි. මම කවුරුවත් දැක්කේ නෑ ඔවුන්ගේ කෑගැසීම පමණක් ඇසුණා” යනුවෙනි. “මම මගේ ආසන පටි විවෘත කරද්දී යම් ආලෝකයක් දුටුවා. මම ආලෝකය දෙසට ගියා. මට අඩි 10 ක් (මීටර 3 ක්) පමණ පහළට පනින්නට සිදුවුණා.” යැයි ද සුබයිර් පවසා ඇත.
පන්ජාබ් බැංකු අධිපති සෆාර් මසූඩ්
ගුවන් යානා අනතුරින් විස්මයජනක අයුරින් දිවි බේරාගැනීමට හැකි වූ අනෙක් පුද්ගලයා වන්නේ පන්ජාබ් බැංකු අධිපති සෆාර් මසූඩ් ය. ඔහුගේ තත්ත්වය ද යහපත් බවට බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
ගුවන් අනතුර වූ ස්ථානය වෙත. ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය ළගා වූයේ  ජනාකීර්ණ කලාපයේ වීදි දිගේ විසිරී ඇති සුන්බුන් හරහා ය. ගණනාවක් අනතුරින් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබුණි.
ගුවන් ගමනාගමන පාලක පැදිරිය සහ ගුවන් නියමුවෙකු අතර ඇති වූ සංවාද පට පකිස්ථාන මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ගුවන් යානයේ එන්ජින් අක්‍රිය වූ බව අසන්නට ලැබීම නිසා ගුවන් ගමනාගමන පාලකයෙකු අසන්නේ එය යටි රෝද භාවිතාවකින් තොර හදිසි ගොඩබෑමක් ද (යානයේ ගොඩබෑමේ රෝද දිගහැරීමට නොහැකි හෝ දෝෂ අවස්ථාවකදී සිදුවන) යන්නයි. එයට නියමුවා පිළිතුරු දෙන්නේ “මේඩේ, මේඩේ, මේඩේ” යනුවෙන් වන අතර එය විපතට පත් බවට අනතුරු ඇගවීමේ සංඥාව ය.
ගුවන් ගමනාගමන පාලක මැදිරිය සමඟ නියමුවාගේ අවසාන වචන හුවමාරුව එරට පුවත් සේවයක් මගින් අනාවරණය කර තිබේ. එම සංවාදයෙන් ඇඟවුණේ යානය ගොඩබෑමට අපොහොසත් වී ඇති බවත් අවදානම් නමුත් ආරක්ෂිතව ගොඩබෑමට වෙනත් අයුරකින් උත්සාහයක් ගෙන ඇති  බවත්ය.
නියමුවා – “අපි කෙලින්ම ඉදිරියට යනවා, සර් අපේ එන්ජිම අක්‍රිය වෙලා,”
ගුවන් ධාවන පථයක් ලබාදෙමින් ගුවන් තොටුපල පාලකවරයා නියමු කුටිය ඇමතීය.
ගුවන් පාලක මැදිරිය – “ගියර්-අප් ගොඩබෑමක් සදහා ඔබේ උත්සාහය තහවුරු කරන්න.”
නියමුවා – “සර්, මේඩේ, මේඩේ, මේඩේ පාකිස්තාන් යානය 8303,”
මෙම සංවාදයෙන් පසුව ගුවන් යානය තෙවරක් කරකැවී ගොස් අනතුරට පත්වී ඇති බව තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි එරට වාර්තා පවසයි.
Belly Landing හෙවත් ගියර්-අප් ගොඩබෑමක් සිදුවන්නේ යානයේ යටි රෝද දිගහැරීම සිදුනොවන හෝ දෝෂ සහගත අවස්ථාවකදී අවදානම්සහගත නමුත් මීළග උත්සහක ක්‍රමය ලෙසයි. ගියර් අප් ගොඩබෑමකදී ගුවන් යානයක් ගොඩබෑමේ ආම්පන්නයකින් තොරව සම්පූර්ණයෙන්ම විස්තාරණය වී එහි යටි පතුල හෝ යානයේ බ’ද කොටස එහි මූලික ගොඩබෑමේ උපකරණය ලෙස භාවිතා කරන විට ය. මෙලෙස ගොඩබෑමේදී යානය වේගයෙන් ගොඩබසින විට යානය පෙරළීමට, විසිරයාමේ හෝ හැරීමට හෝ ගින්නක් ඇතිවීමේ අවදානම දරයි.
එක් සිවිල් ගුවන් සේවා නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ  යානයේ යටි රෝද ඇකිලීමට නොහැකි විය හැකි බවයි. සමාජ මාධ්‍යවල පළවන ඡායාරූපවලින් පෙනී යන්නේ එන්ජින් දෙකටම යටින් දැවෙන බවකි. කෙසේවෙතත් යානය ගොඩබෑමට උත්සහ කිරීමේදී යටි රෝද දිගහැරීමට නොහැකි වීම, කුරුල්ලන් ගැටීමක් හේතුවෙන් එන්ජිමට ඇතිවූ හානිය, යළි හරවා යෑමේදී ආනති ගැටලුවක් හා එන්ජින් දෙකම දෝෂ මතුවී ගිනිගැනීම ආදී කරුණ අනතුරට හේතුවන්නට ඇති බවට දැනට අනුමාන කර ඇත.
 අනතුරට හේතුව තීරණය කිරීම සඳහා විමර්ශකයින් යානයේ කළු පෙට්ටි දත්ත ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියි. අනතුර පිළිබද සොයාබැලීම සදහා විමර්ශන කමිටුවක් දැනටමත් පිහිටුවා ඇත.
PIA පවසා ඇත්තේ මෙම යානය 2014 දී ගුවන් යානා සමූහයට සම්බන්ධ වී ඇති අතර පසුගිය නොවැම්බරයේදී එහි වාර්ෂික ගුවන් යෝග්‍යතා පරීක්ෂණය ද සමත් වූ බවයි.

Share86Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

නාවික හමුදා මුරපොළක් පිහිටුවා මුහුදු මහා විහාරයේ ගැටලුව විසඳිය හැකි ද?

Next Post

පසුගිය මාස හතර හමාර තුළ ඩෙංගු මරණ 20 යි… රෝගීන් 19474 යි

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න…    හෙට අය-වැය!
පුවත්

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

නොවැම්බර් 12, 2023
Dinesh-Shafter
සමාජ

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

නොවැම්බර් 4, 2023
මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 
සමාජ

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

ඔක්තෝබර් 23, 2023
Next Post
පසුගිය මාස හතර හමාර තුළ ඩෙංගු මරණ 20 යි… රෝගීන් 19474 යි

පසුගිය මාස හතර හමාර තුළ ඩෙංගු මරණ 20 යි... රෝගීන් 19474 යි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

    1026 shares
    Share 410 Tweet 257
  • නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

    470 shares
    Share 188 Tweet 118
  • අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

    297 shares
    Share 119 Tweet 74
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

    240 shares
    Share 96 Tweet 60

නවතම ලිපි

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

by editor
දෙසැම්බර් 9, 2023
0

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

by editor
දෙසැම්බර් 8, 2023
0

අරක්කු කරන විනාශය… දවසකට බේබද්දන් 50ක් රට තුළ මිය යනබව හෙළි වේ…

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

by editor
දෙසැම්බර් 8, 2023
0

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

by editor
දෙසැම්බර් 8, 2023
0

නවතම ලිපි

ranil

බෞද්ධ හිමිවරු පිරිසක් දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග එක්ව ජනපති හමුවෙලා!

by editor
දෙසැම්බර් 8, 2023
0

පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන ගුවන්තොටුපලට අතුළු වීමට ගිය කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට…

ගුවන්තොටුපල සංවර්ධනය සඳහා යොදවා ඇති බාහිර කම්කරුවන්ට  ආරක්ෂක නිශ්කාශන නැතිව  ගුවන්තොටපල සංවේදී කලාපවලට ඇතුළු විය හැකි ප්‍රවේශ පත්‍ර විකුණන ජාවාරමක්!

by editor
දෙසැම්බර් 8, 2023
0

Ukren

යුක්රේන හමුදාට බැඳෙන්න   ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින් 70ක පිරිසක් පිටත් වෙලා…

by editor
දෙසැම්බර් 8, 2023
0

Somipala

අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

by editor
දෙසැම්බර් 8, 2023
0

Thushara-Sanjeewa

බුවනෙකබාහු රාජ සභාව කුඩු කළ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

මහනුවර නගර සීමාවේ ප්‍රධාන පාසල් ඇතුළු පාසල් 24කට ඩෙංගු අධි අවදානම් රතු නිවේදන!

කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍ උණ ආවත් ඩෙංගු පරීක්ෂාවක් කරගන්න…  විශේෂඥ උපදෙසක්!

by editor
දෙසැම්බර් 7, 2023
0

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

by editor
දෙසැම්බර් 7, 2023
0

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

by editor
දෙසැම්බර් 7, 2023
0

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 7, 2023
0

murder

කටුනායක නිව් අඹ සෙවන හිමිකරු මන්නයකින් කොටා ඝාතනය කරයි!

by editor
දෙසැම්බර් 7, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

දෙසැම්බර් 6, 2023
හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….

දෙසැම්බර් 9, 2023
කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

දෙසැම්බර් 8, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හේළි මිය ගියේ නිර්වින්ද එන්නත්කින්….
  • කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…
  • හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.