සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කතානායක කීවේ ඇත්තක් ද?. සැලසුම කළ බොරුවක් ද?.

by editor
ජූලි 11, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ජනාධිපති රටින් පිටවී සිටින බව මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා අද ජාත්‍යාන්තර මාධ්‍ය  ආයතනයක් වූ BBC ආයතනයට ප්‍රකාශ කළේය.

ඔහු BBC වෙත කියන්නේ ජනාධිපතිවරයා රටන් බැහැරව ආසන්න රටක සිටින බවත් 13 දා ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන්නට යළි රටට එන බවත්ය.

ඊට ස්වල්ප වෙලාවකට පසු කතානායකවරයා සිය ප්‍රකාශය වෙනස් කරගත්තේය. ඒ තවත් ජාත්‍යාන්තර මාධ්‍ය ආයතනයක් වන ANI (Asian News International) වෙත ප්‍රකාශයක් කරමිනි.

ඔහු දුරකථනයෙන් ANI වෙත සම්බන්ධ වී විස්තර කරන්නේ තමන්ට පැටලුණු බවය. ඒ පැටලීම නිසා ජනාධිපතිවරයා රටින් බැහැරව ගියේ යැයි පැවසූ බවය.

ජාත්‍යාන්තර මාධ්‍ය දෙකකට එක ලඟ අවස්ථා දෙකක රටේ තීරණාත්මක ප්‍රශ්නයක් පිළිබඳ කෙරෙන මේ ප්‍රකාශ දෙක හුදු අතපසුවීම් නම් ඒ භායනක අතපසුවීම්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කාතානායකවරයා පළමුව බීබීසි ආයතනය වෙත කරන ප්‍රකාශය තුළ වචන පැටලෙන ආකාරයේ   අතපසුවීමක ස්වරූපයක් පෙනෙන්නෙ නැත. ඔහු ජනපති රටින් ගිය කතාව අවධාරණය කරන්නේ   යළි 13 ඔහු රටට එන බව කියමිනි.  එක්කෝ මේ කිව්වේ ඇත්තකි.  නැතිනම් සැලසුම් කළ බොරුවකි.

ඇත්තක් කීවත් සැලසුම් සහගත බොරුවක් කීවත් ඔහු ඉතා නරක වැරැද්දක් කර තිබිණි.  එනම් ඒ ප්‍රකාශය හරහා රට බරපතල අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමය.

ජනාධිපතිවරයා රටේ ආරක්ෂක ඇමතිවරයා ය. ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා ය. ඔහු රටින් බැහැරවන සෑම අවස්ථාවක දීම ආරක්ෂාව පිළිබඳ වගකීම ආවරණය කිරීමට  අනුප්‍රාප්තිකයෙක් පත් කරන්නේය. මේ අවස්ථාවේ එවැන්නක් සිදුවී තිබුණේ  ද?. එසේ නම් ඒ වගකීම පැවරුවේ කාටද?. ඒ ගැන පාර්ලිමේන්තුව දැනුම්වත් ද?.   කතානායකවරයා  ජනාධිපති රටේ නැති කතාව කියා රට පටලවන්නේ  මෙවැනි පසුබිමකය.

ජනාධිපති සැඟවී සිටින, මන්ත්‍රීවරයෙකුට මගට බැසගන්නට බැරි වාතාවරණයක් තුළ රටේ ආරක්ෂක වගකිම විතැන් වී ඇති බවට කෙරෙන වගකීම් රහිත ප්‍රකාශත්, ඒ ප්‍රකාශ යලි ගිලගන්නට කරන විහිළු සහගත ගොං හැසිරීමත් කිසිම වගකිව යුතු ජාතික නායකයෙක් කරන්නේ නැත.

කෙසේ වෙතත් මේ   නිවැරදි කිරීම ජාත්‍යාන්තරයට විහිළුවක් වී ඇති ආකාරය එම මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

රටම මරණයට පත් වෙමින් ඇති අවසන් මෙහොතේත් අපි ලෝකයට විහිළු සපයමින් සිටිමු.  අගමැති හා ජනාධිපති ඉවත් කර රටේ තාවකාලික ජනාධිපතිකම දරන්නට යෝජනා කරන කතානායක පළවා හරිනු ලබූ ජනාධිපතිටත්  වඩා අන්දරේ කෙනෙක් වීම රටේ දෛවය බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා නැති රටේ ජනපති හටන…

Next Post

ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.