fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඕනෑ තැනට තාමත් නැති චීනයේ සහනය

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2022 - Updated On දෙසැම්බර් 1, 2022
in දේශපාලන, සමාජ
460 5
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන බව කියන ඩොලර් බිලිය 2.9ක විදේශ සංචිතය මේ වනවිට රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ පිරිමසා ගන්නට හැකිද යන්න බොහෝ දෙනකුගේ පවතින ප්‍රශ්නයකි. එහෙත් ඇත්ත එය නොවේ. මේ වෙලාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳන්නට මාස 48ක් පුරා එනම් අවුරුදු 4ක් තුළ ලැබෙන්නට නියමිත මේ ඩොලර් ප්‍රමාණය පසුගියදා ලෝ ප්‍රමුඛ පෙළේ ධනවතකු ලෙස සැලකෙන එලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගන්නට වියදම් කළ මුදලින් 20න් පංගුවක් තරම්ය. එහෙත් මෙය වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මේ ණය ලැබීමට සුදුසුකම් ලැබීම තුළ ලෝකයට ශ්‍රි ලංකාව තුළ  යම් මූල්‍ය විනයක් නිර්මාණය වේය යනුවෙන් ඇතිවන විශ්වාසය මත දැනට බංකොලොත්ව ඇති ශ්‍රි ලංකාවට ණය ලබා දීමට යම් සුදුසුකමක් සපුරාලීමය’ වෙනත් ලෙසකින් කීවොත් ණයක් ලබා දුනහොත් ආපසු ගෙවීමේ විශ්වාසයක් නිර්මාණය වීමය.

මූල්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ණනය අනුමත වුවහොත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ප්‍රධාන පෙළේ  මූල්‍ය ආයතන ශ්‍රි ලංකාවට විවිධ  ව්‍යාපෘති හරහා ණය ලබා දීම කෙරෙහි උනන්දුවකින් පසුවීමය.

එහෙත් මේ සියල්ල සිදුවන්නේ දැනට ණය ගෙවීම පැහැර හරිමින් සිටින ශ්‍රි ලංකාවට මෙම ණය කප්පාදුවකට ලක් කිරීම හෝ ආපසු ගෙවීම කල් දැමීමට අදාළ ණය ප්‍රතිව්‍යූහගතකරණයන්ට ණය දෙන්නන් කැමැති වීමය. මේ වනවිට ඒ සඳහා රජය මුදල් ගෙවා සේවය ලබා ගන්නා ලසාට් ආයතනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතින අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිශ්චිත යමක් මෙම සමාගමින් හෝ  රජය වෙතින් ඉදිරිපත් වූයේ නැත.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

මේ සියල්ල පසෙක තබා අද ලෝකයේ මූල්‍ය විශ්ලේශකයන් වැඩිපුරම බර දමමමින් අවධානයට ලක් කරන්නේ චීනය මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳවය. චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් හැමදාම කියන්නේ ශ්‍රි ලංකාව සමඟ ඔවුන් එකට හිට ගන්නා බවටය. ඊයේ පෙරේදා සහල් තොගයක් සේම ඉන්ධන තොගයක්ද එවමින් ඔවුහු ශ්‍රි ලංකාවට සහයෝගය  පළ කළේය. ඖෂධ වෛද්‍ය  උපකරණ ද නොමිලේ එව්වේය. එහෙත් මේ වෙලාවේ රටක් ලෙස  ගොඩ යන්නට අත්‍යවශ්‍යම කාරණය වන ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ඔවුන් කෙළින්ම කතා කරන්නේ නැත.ඒ වෙනුවට ඔවුන් කියන්නේ ශ්‍රි ලංකාවට  ලබා දුන් සෙසු ආයතන සහය දෙන අයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවය. පසුගියදා ජනාධිපතිවරයා හමුවූ චීන තානාපතිවරයාද මේ බව පවසා තිබුණි. එසේම සති පතා පවත්වන චීන විදේශ අමාත්‍යංහ මාධ්‍ය හමුවේදීද චීන විදේශ අමාත්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රි ලංකාවට මූල්‍ය ආධාර සහ වෙනත් ආධාර ලබා දීමේදී කිසිදු අපේක්ෂාවකින් තොරව කිසිදු දෙශපාලන අරමුණකින් තොරව හුදෙක් සහයොගීතාව සහ මිත්‍රශීලිත්වය මත පමණක් ක්‍රියා කර ඇති සහ ඉදිරියෙදී ශ්‍රි ලංකාව මුහුණ දී සිටින අර්බුදය හමුවේ ක්‍රියා කරන බවයි. එහෙත් ඔහු ශ්‍රි ලංකාව මේ මොහොතේ ඉල්ලා  සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අදාළව චීන සහයෝගය සම්බන්ධයෙන් වචනයක්වත් කීවේ නැත.

පසුගියදා චීන අප්‍රිකා පර්යේෂණ ව්‍යාපෘතිය විසින් China Africa Research Initiative (CARI) එළිදක්වන ලද පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබුණේ ඇතැමුන් සියයට 10 15ක් ලෙස හුවා දක්වා තිබෙන ශ්‍රි ලංකාව චීනයට ඇති ණය ප්‍රමාණය මේ වනවිට සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22ක් පමණ වන බවය. ඔවුන්ට අනුව ශ්‍රි ලංකාව දරන සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40.6ක් පමණ වන අතර එයින් එයින් ඩොලර් බිලියන 7.6ක් දරන්නේ චීනයටය.

කෙසේ වුවද මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන්නේ චීනය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිළිබඳව කතා බහහේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ලබා දුන් ණය ආපසු ගෙවීම සඳහා යම් සහනයක් ලබා දුන්නද මෙම ණය කපා හැරීම හෝ කප්පාදුවකට යාම කෙරෙහි එකඟතාවක් මූලික වශයෙන් දක්වා නැති බවය.

මේ විසල් ණය කන්ද පසුපස ඇත්තේ චීනය විසින් ක්‍රියාත්මක කරන ලද එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ ලෝකය පුරා ව්‍යාප්ත කරන චීන ආර්ථික සහ දේශපාලනික ව්‍යාප්තියේ එක් තීරණාත්මක ප්‍රවේශයක් ලෙසය. මෙම ව්‍යාපෘති මේ වනවිට ලෝකයේම අවධානයට හසුව ඇති අතර ශ්‍රි ලංකාවට ලබා දෙන ලද සීමා රහිත ණය කන්ද මේ වනවිට ණය උගුලක් බවට පත්ව ඇති ආකාරය පිළිබඳව ලෝකය පුරා පසුගිය වසර ගණනාව තිස්සේ කතා බහට ලක්විය. මේ වනවිට එය චීනය ණය උගුලක් දක්වා පමණක් විදේශ සංචිත අර්බුදය හේතුවෙන් දැවැන්ත ආර්ථික අසරණ භාවයක සිටින ශ්‍රි ලංකාවට ඒ අසරණ බවින් මිදීම සඳහා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරුව ඈතට තල්ලු කරන මරාලයක් බවට පත්වේද යන ගැටලුවද නිර්මාණය වී ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි චීනය උගුලකට ශ්‍රි ලංකාව පත්ව නැති බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළත් මේ ගැටලුවලට මඟ පෑදුවේ ඉවක් බවක් නැතිව  කිසිදු කල්පනාකාරීත්වයකින් තොරව චීනයෙන් ලබා ගත් ණය කන්දයි. මේ පසුපස යුදධය ජයගහණය කර ඉදිරි පරම්පරා ගණනාවම රාජපක්ෂ කිරුළට රාජ්‍ය පාලනය සින්න කර දීමේ දැක්මක කටයුතු කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රයද බෙහෙවින් බලපෑවේය.  චීන ණය මඟින් චීන කොන්ත්‍රාකරුවන් අතින් චීන අමුද්‍රව්‍ය යොදා චීන කම්කරුවන් විසින් ඉදිරිකරන ලද ව්‍යාපෘති රැසකි. මෙම ව්‍යාපෘති සියල්ලම ශ්‍රි ලංකාවට නොගැලපෙන හෝ අනවශ්‍ය ව්‍යාපෘති ලෙස සැලකිය නොහැකිය.  මේ වනවිට මෙවැනි චීන ව්‍යාපෘති ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වී ඇත.

මෙම මහා පරිමාණ ව්‍යාපෘති විවිධ පරාසයන් තුළ පැතිර ඇත. ඩොලර් බිලියන බිලියන 1545ක් වැය කළ දක්ෂිණ අධිවේගය, ඩොලර් මිලියන 494ක් වැය කළ කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය, ඩොලර් මිලියන 248ක් ණයට ගෙන කළ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඩොලර් මිලියන 104ක නෙළුම් කෙළුණ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගර වැනි මහා පරිමාණ ව්‍යාපෘති මෙන්ම ජල සම්පාදන සහ වෙනත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සහ මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි කාලීනව අවශ්‍ය නොවන රටට බරක් වූ ව්‍යාපෘති ගණනාවක්ද මීට ඇතුළත්ය. චීනයේ එක්සිම් බැංකුව ප්‍රධාන මූල්‍ය ආයතන හරහා ලබා ගත් මෙම ණය බිලියන 5ක් ඉක්මවා ඇත. මෙම දැවැන්ත ණය කන්ද පිළිබඳව සැලකීමේදී  ඒවායේ වැඩි ප්‍රතිලාභයක් ලැබුවේ චීනයද එසේ නැතිනම් එම ණය පොලියත් සමඟ ගෙවන ශ්‍රි ලංකාවේ ජනතාවද යන්න ගැටලුවක් බවට පත්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගන්නට බලාගෙන සිටින ඩොලර් බිලින 2.9ක ණය සහනයට මූලික සුදුසුකම වන ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී ශ්‍රිලංකාව දරන සමස්ත ණය ප්‍රමාණයෙන් පහෙන් එකකට වඩා වගකියන රටක ක්‍රියාකාරිත්වය අතිශයින්ම වැදගත්ය.මේ වනවිට රෝද සියල්ල සිරවී සිටින ශ්‍රි ලංකා ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් ස්වල්පයක් වන්නේ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ මෙම සහනයයි. එහෙත් එය ලබා ගන්නට චීනය දෙන වචනය අතිශයින්ම වැදගත්ය. මෙවැනි පසුබිමකදී චීනය මේ කරන්නේ ඇත්තටම යාලුකම රැකීමද නැතිනම් හිනාවෙවි යාලුවා වළට තල්ලු කිරීමද යන්න අප අවබෝධ කර ගත යුතු කාලය එලඹ ඇත.

 

Share74Tweet46
Previous Post

චීනය කසකස්ථානයට තුලටත් රිංගයි

Next Post

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකාව ලකුණු 313 හඹා ගොස්  ජයග්‍රහණය සනිටුහන් කරති….

Related Posts

සමාජ

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

ජනවාරි 30, 2023
දේශපාලන

විධායක ජනාධිපති ලෙස 13 මුලුමනින් ක්‍රියාත්මක කරනවා… ජනපති ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි!

ජනවාරි 27, 2023
පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් වර්ග කර ඔවුන්ගේ අනාගතය විනාශ නොකරන්න… මනෝ වෛද්‍ය විශේෂ රූමි රූබන්…

ජනවාරි 27, 2023
Next Post

විශිෂ්ට හඹා යෑමක්... ශ්‍රී ලංකාව ලකුණු 313 හඹා ගොස්  ජයග්‍රහණය සනිටුහන් කරති....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist