බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උඳුවප් පෝ දා සිදුවූ ලංකාවේ දැවැන්තම බෝධිවෘක්ෂ රෝපණ මංගල්‍යයේ කතාව….

උස අඩි 40යි... කඳේ වට ප්‍රමාණය අඩි 28යි... බර ටොන් 46...

by editor
දෙසැම්බර් 29, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ආගමික විශ්වාස මත බැඳුණු සංස්කෘතික සාධක සම්බන්ධව ගනුදෙණු කළ යුත්තේ අතිශය සංවේදී දෘෂ්ඨියකිනි. අප මේ ගතකරමින් ඉන්නේ කොවිඩඩ් මලමිනී සමග කරන අසංවර දේශපාලනයක් නිසා සංස්කෘතික වශයෙන් වේදනාවට පත් සමාජ කොටසක වේදනාව සමාජ සංහිඳියාව දෙදරවා දමන්නට ආසන්නය.

මෙවැනි සංවේදී කාරණා කළමනාකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වූ ගෞරවණීය ආදර්ශයක් අද පොහොය දිනයේ රටට ලැබී තිබිණි. ඒ කපා විනාශ කරන්නට ගිය බෝධි වෘක්ෂ රාජයෙක් සම්බන්ධව සිදුකළ අතිශය ප්‍රායෝගික මෙන්ම ඉතිහාසගත ක්‍රියාන්විතයක් පිළිබඳවය.

බෞද්ධයා බෝධියක් සලකන්නේ හුදු වෘක්ෂයක් ලෙසින් නොවේ. එය බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන්වහන්සේ සංකේතවත් කරනු ලබන ලකුණකි. බෝ අත්තක් කපන්නට හෝ නොපෙළඹෙන්නේත් වෙනකෙකු හෝ සිඳ දැමූවිට අප්‍රමාණ වේදනාවට පත්වන්නේත්, මේ සංස්කෘතික ඇගයීම බෞද්ධයෙකුගේ සිත් ගැඹුරෙහි තැන්පත්ව ඇති බැවිනි.

මේ බෝධි ප්‍රශ්නය මතුවූයේ හලාවත මාරවිල ප්‍රදේශයේය. සිංගප්පූරු ආයතනයක් වූ මාරවිල ග්‍රීන් ෆාම් ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ල සහිත මිදුලේ මේ දැවන්ත බෝධි වෘක්ෂයක් පිහිටා තිබුනේය. සියවස් කාලයක් පවතින්නට ඇතැයි සිතිය හැකි මේ වනස්පතිය උසින් අඩි 40කට වැඩිය. වට අඩි ප්‍රමාණය අඩි 28කින් යුතුය. එහෙත් මේ වෘක්ෂය සමාගමේ ප්‍රායෝගික කටයුතු කළමනාකරණය කරගැනීමට  අවහිරයක් වූයේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මූල මණ්ඩලයට හානි නොවන සේ වටේ පස් ඉවත් කිරීම

කපා ඉවත් කිරීම

යෝජනාව වූයේ මේ දැවැන්ත බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමය. ඒ සඳහා සමාගමේ කළමනාකාරිත්වයට  යෝජනා ඉදිරිපත් විය. එහෙත් බෝධියක් කපා ඉවත් කිරීම සමාජය රිදවීමක් විය හැකිය යන සාක්ෂරතාවය විජාතිකයන් වුවත් මේ සමාගම් කළමණාකාරිත්වයට තිබිණි. කළ යුතු දේ පිළිබඳ ඔවුහු විටින් විට සාකච්ඡා කළහ.

මේ අතර ප්‍රදේශවාසීන්ගේ හා සමාගමේ ඉල්ලීම මත මේ ගැටලුව විසඳීමට  දක්ෂණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ මැදිහත් වූහ. මේ දීර්ඝ සාකච්ඡාවාර අතරතුර විශේෂ සිදුවීමක් වාර්තා විය. එනම් බෝධිය ඉවත් කිරීම සඳහා සූදානම්ව එයට හානි කරන පුද්ගලයන් යම් යම් උපද්‍රවවලට ලක්වන බවට වූ කතාවය. මේ හේතුවෙන් කළමනාකාරිත්වයත් හිතූ මතේ වෘක්ෂය ඉවත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් නවතා දැමුවේය.

මේ සංවාදය යන අතර තුරු කිසියම් කටයුත්තක් වෙනුවෙන් සිංගප්පූරුව බලා වැඩමකළ නාමියන් දකින්නට ග්‍රීන් ෆාම් සමාගමේ එරට කළමණාකාරිත්වය පැමිනුණේය. බෝධිය සම්බන්ධව ගත හැකි තීන්දුව ගැන ඔවුහු හිමියන්ව විමසූහ. අවසාන එකඟතාවය අඩි 40ක් උස, අඩි 28ක් වටප්‍රමාණ සහිත ටොන් 46ක් බර මේ  බෝධි වෘක්ෂය නවීණ විද්‍යාත්මක තාක්ෂණය අනුව තිබූ තැනින් ඉවත් කර රෝපණය කිරීමට උචිත පන්සලක් හෝ වෙනත් පූජනීය භූමියක් සොයා එහි රෝපණය කිරීමය.

අවසානයේ සෝබිත හිමියෝ මේ බෝධීන්වහන්සේ රෝපණය කළ හැකි පන්සලක් හෝ වෙනත් ස්ථානයක් ගැන විමසිලිමත් වූහ. පුවත්පත්වල දැන්වීම් පලවිය. දැන්වීම් ගණනාවක් පලකිරීමෙන් පසු පන්සල් 22 කින් මේ සඳහා ඉල්ලුම්පත් ලැබිනි.

බෝධීය තිබුණු තැනින් ගලවන්නට සැරසෙමින්…

සෝබිත හිමියන් ඇතුළු මණ්ඩලයක් ඒ ඉල්ලුම්පත් අතරින් බෝධිය රෝපණය සඳහා බිංගිරිය රත්නායකපුර අරියධම්මාරාමය තෝරාගෙන ගත්තේය. සමාගමට මේ තින්දුව දැනුම් දෙනු ලැබිණි. ඉතා සූක්ෂමව පිහිටි බිමෙන්  බෝධිය ගලවා මාරවිල සිට කිලෝ මීටර හැටක් ඇතින් පිහිටි බිංගිරිය රත්නායකපුර අරියධම්මාරාමයට බෝධි වෘක්ෂය වැඩම කරවනු ලැබූහ.

මෙපමණ දැවැනත් බෝධි වෘක්ෂයක් මේ ආකාරයෙන් රෝපණය වන්නේ ඉතිහාසයේ මුල්ම වතාවට විය යුතුය. එය එක් සංසිද්ධියකි. වඩාත්ම වැදගත් වන්නේ සමාජය තුළ සිත් රිදවීම් නොවී සංස්කෘතික ගැලුවක් කළමනාකරණය කරගත් ආකාරය ය.

රටක් ලෙස ආදර්ශයට ගතහැක්කේ එවැනි බුද්ධිමත් ප්‍රවේශයන්ය.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මාවනැල්ලේ හිඟුලේ බුදු පිළිමය තැන්පත් කළ කුටියට හානි කිරීම ගැන පුළුල් විමර්ශනයක්

Next Post

උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.