බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉන්දියාව තනිවම හැදූ ගුවන් යානා ගෙන යන වික්‍රන්ට් නැවේ වරුණ !  ගුවන් යානා 30ක් ගෙන යා හැකියි !

by Lanka Sara Editor
සැප්තැම්බර් 5, 2022
in සමාජ
Share on FacebookShare on Twitter
  • දිග මීටර 262ක් – පාපන්දු පිටි දෙකක් තරම් විශාලයි

  • ගුවන් යනා රඳවනය දැවැන්ත පිහිනුම් තටාක දෙකකට සම්බන්ධයි…

  • භටයන් 1700කට ඉඩදිනකට වේල් 500ක් සෑදිය හැකි මුලුතැන්ගෙයක්

  • දවසට රොටී චපාති 10,000ක්

පසුගිය දිනවල ඉන්දීය සාගරයේ හදිසියේ  එහා මෙහා ගිය නෞකා නිසා ඉන්දියාව සිටියේ පසුගිය කාලයේ යම් වික්ෂිප්ත බවකිනි. එයට බලපෑ සමහර හේතුවලට ශ්‍රි ලංකාව ද ඈඳිණි. ඒ මන්ද යත් හම්බන්තොට වරායට පැමිණි යුවාන් වෑන්ග් 05 චීන අධි තාක්ෂණික නෞකාව  සෘජුවම ඉන්දියාවේ කණස්සල්ලට පත් කරවූයේ එයින් ඉන්දියාවේ දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමේ චීන උත්සාහයක් පිළිබඳව සැක සංකා මතු වූ නිසාය. එයට අමතරව තවත් චීනයේ නිෂ්පාදිත පකිස්තානු යුද නැවක් කොළඹ වරයට පැමිණීමද ඉන්දියාව ට සිය අවධානය යොමු  කරවන්නට හේතුවූ කරුණක් විය.

මේ සියල්ල නිම වී දින කිහිපයකින් එනම් පසුගිය 02 වැනිදා ඉන්දියාව නෞකා ප්‍රාතිහාර්යයක් පෑවේය. සිය යුධ ශක්තිය කලාපයට මෙන්ම ලෝකයට පෙන්වන්නට ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් මෙවර කටයුතු කළේ විසල් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් භාරත බිම තුළම නිපදවා එළි දැක්වීමෙනි.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම නැව දියත් කරන ලද්දේ  පසුගිය සැප්තැම්බර් 02 වැනිදාය. ඉන්දියාවේ ප්‍රථම දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකාව නම් කළේ  ‘වික්‍රාන්ට්’ නමිනි. කොචිහිදී සිය මංගල ගමන දියත් කළ  වික්‍රාන්ට් ඉන්දියාවේ මෙතෙක් නිපදවූ විශාලතම යුධ නෞකාවයි.

මෙම නෞකාවට වික්‍රාන්ට් නම තැබීමට හේතුවක් ඇත. හින්දු භාෂාවෙන් ධෛර්යවන්ත යන අරුත ඇති වික්‍රාන්ට් එම නම් ලැබීමට බලපෑ හේතුවක් වන්නේ ඉන්දියාවට බ්‍රිතාන්‍යයෙන් ලැබුණු පළමු ගුවන් යානා ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති නෞකාවේ නාමයද එයම වීමය. මෙම වික්‍රන්ත් ඉන්දියාවට ලැබෙන්නේ 1961දීය. එහෙත් එය විශ්‍රාම යන්නනේ 1991 දීය.

සිය හමුදාවන්ට අවශ්‍ය උපකරණ යන්ත්‍ර සහ වාහන සිය රටේම නිෂ්පාදනය කිරීම සදහා කටයුතු කරන ඉන්දීයාව  මේ නැව ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා වසර ගණනාවක් මිඩංගු කළ අතර ඉන්දීය රුපියල් බිලියන 200ක් පමණ වියදම් කළාය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව  වන INS Vikrant  යනු ඉන්දියාවේ දේශීය යුධ නැව් තැනීමේ කර්මාන්තයේ විස්මිත හා දැවැන්ත ජයග්‍රහණයකි.

නෞකාවේ මෙහෙයුමු මැදිරිය….

ඉන්දියාවේ නවතම යුද යන්ත්‍රය පිළිබඳ රසවත් දැන ගත යුතු කරණු කිහියක් පසුගියදා මාධ්‍යයට එළි දැක්විණි. එයට අනුව වික්‍රාන්ට්  නිර්මාණය කර ඇත්තේ ඉන්දියානු නාවික හමුදාවේ අභ්‍යන්තර නාවික සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලය (DND) මගිනි. ඒ සඳහා තාක්ෂණික දැනුම සහ ධාරිතාව සහිත ප්‍රවීන ඉංජිනේරු මණ්ඩලයක් ඔවුන් සතුය.  එලෙස සැලසුම් කෙරුණු මෙම නැව  ඉදිකිරීමේ කාර්යය පැවරෙන්නේ  සීමාසහිත කොචින් ෂිප්යාඩ් සමාගමටය.එය කේරළ ප්‍රාන්තයේ කොචින් වරාය ආසන්නයේ පිහිටා ඇති සමාගමකි.

මෙම සමාගම නැව නිෂ්පාදනය කිරීම සංකීර්ණ ක්‍රියාදාමයකි. ඒ සඳහා සම්බන්ධිත වූ ආයතන සිය ගණනකි. නැව ඉදිකිරීමේ කාර්යයෙහි විවිධ කොටස්වලට විවිධ සමාගම් විවිධ කොටස් සම්බන්ධ විය.  එ අතර ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ කාර්මික නිෂ්පාදකයෝ ද සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්තකරුවෝද සිටිති. ඉන්දීය නාවික හමුදාව පවසන්නේ එලෙස නැව ඉදිකිරීමේදී විවිධ දායකත්වයන් ලබා දුන් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයකට වැඩි ප්‍රමාණයක් ඇති  බවය.  මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව තැනී ඇති විවිධ කොටස්වලට සහ ඊට සම්බන්ධිත විවිධ අතුරු උපකරණ නිපදවා ඇත්තේ මෙම කර්මාන්ත ඒකකවලය.

බොහෝ රටවල් මෙවැනි නිෂ්පාදන දේශීයව ගොඩනැගුවද එහි ඇතුළත් සෙසු සංචරකයන් විවිධ රටවලින් සපයා ගත යුතු වීම අප දකින සුලබ කරුණකි. එහෙත් ඉන්දියාවට මෙම වික්‍රාන්ත් සමඟ යම් අභිමානයක් ශේෂව ඇත. එයට හේතුව වික්‍රාන්ත්  සියයට 76 ක දේශීය සංරචක සමඟ ගොඩනගා ගැනීමට ඉන්දියාව සමත් වීමය. එය රටක් ලෙස ලබන ජයග්‍රහණයක් බව ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි මෙම නෞකාව දියත් කිරීමේ උත්සවයේදී සඳහන් කර ඇත.

වික්‍රාන්ට් ස්වයංක්‍රීය ගැලීවලින් සමන්විතය.  නාවික  භටයන්  1,700 ක කාර්ය මණ්ඩල ධාරිතාවක් සහිත වික්‍රාන්ට් හි මුලුතැන්ගෙය  දෛනිකව  ආහාර වේල්  5,000කට වඩා  නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇත. නැවේ මුලුතැන්ගෙයි දිනකට චපාති හෝ රොටි 10,000ක් පමණ සාදා ගැනීමේ  හැකියාවක් ඇත.ඒ සඳහා නෞකාවේ අරක්කැමියන් පනස් දෙනකු පමණ සේවයට යෙදවීමට නියමිතය. නැව තුළ 600 දෙනකුට එකවර ආහාර ගැනීමේ පයසුකම් සහිතය.

එසේම ඇඳන් 16කන් යුතු නෞකා රෝහලක් මෙම වික්‍රන්ත් නැවේ පවතින අතර ශල්‍යාගලාර දෙකක් සමඟ දැඩි සත්කාර ඒකක දෙකක්ද ඇත.

සාමාන්‍යෙයන් මෙම නෞකාවේ  වියලි ආහාර ටොන් 100ක් පමණ ගබඩා කළ හැකි වේ.   බත්, පරිප්පු, ව්‍යංජන සහ පාන් වර්ග කිලෝග්‍රෑම් 400ක් පිසගත හැකි ආකාරයට එහි මුලුතැන්ගෙය සංවිධානය වී ඇත.

“නැවේ ප්‍රධාන කර්ත්‍යවය වන්නේ යුධ ගුවන් යානා ප්‍රවාහනයයි.ඉන්දීය නාවික හමුදාව පවසන ආකාරයට  වික්‍රාන්ට් ගුවන් යානා 30 ක පමණ ඇණියක් එකවර රැගෙන යා හැකිය.  එයට ගුවන් ප්‍රහාර මර්දනය කිරීමේ හැකියාව සහ ප්‍රහාර එල්ල කිරීමේ හැකියා සහිත මිග් (MiG 29k) ප්‍රහාරක ගුවන් යානය මෙම නෞකාව මත සිට ගුවනට නැංවීමට හැකිවීමද විශේෂත්වයකි. එසේම  Kamov 31 පූර්ව  ගුවන් අනතුරු ඇඟවීමේ හෙලිකොප්ටරය ද නෞකාවේ සිට මෙහෙයවිය හැකිවෙයි. තනිකරම ඉන්දීය නිෂ්පාදනයක් වන තවමත් සේවයට එක් කොට නොමැති  MH-60R  බහුකාර්ය හෙලිකොප්ටරයද මෙම නැවේ සිට මෙහෙයවිය හැකිය.

​​ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික ආඥාපති වයිස් අද්මිරාල් එම්ඒ හම්පිහෝලි උපුටා දක්වන ANI ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ටොන් 45000ක් බර වික්‍රාන්ත් නෞකාව  නියත වශයෙන්ම ඉන්දියානු නාවික යාත්‍රා මණ්ඩලයේ දැනට පවතින විශාලතම යුධ නෞකාව වේ. මීටර් 262ක් දිග ඉන්දීය ගුවන් යානා වාහක නෞකාව තවත් සුකෝපභෝගි සුහුරු තාක්ෂණික අංග ගණනවකින් සමන්විතය.

මෙම නැවේ අංගනය පාපන්දු ක්‍රිඩාංගණන දෙකකට සමාන බව ඉනදීය නාවික හමුදාව පවසයි.

යට තට්ටුවේ ඇති ගුවන් යානා නවතා තබන හැගරය ඔලිම්පික් මට්ටමේ පිහිනුම් තටාක දෙකකට විශාලත්වයෙන් සමාන ව සඳහන් වෙයි.

STOBAR (SHORT Take-Off නමුත් Arrested Landin=g) හැකියාව සමඟින්, IAC සතුව සංරචක ස්ථාවර පියාපත් ගුවන් යානා ප්‍රතිසාධනය සඳහා ‘ඇරෙස්ටර් වයර්’ සහ එය දියත් කිරීම සඳහා ස්කී-ජම්ප් යාන්ත්‍රණයක් ඇත.

ඉන්දියාව මේ වනවිටත් මෙම යුධ නෞකාව ආභරණයක් කරගෙන තිබේ. හේතුව පසුගිය දිනවල ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක වූ අ පෙර සඳහන් කළ විවිධ මෙහෙයුම්ය.

මේ නෞකාව පිළිබඳව කොළඹ ඉනදීය මහකොමසාරිස් කාර්යාලයද මාධ්‍ය නිවේදනයක් පසුගියදා නිකුත් කළේය. එයින්ද විස්තර කර තිබුණේ වික්‍රන්ට් නෞකාව තුළ අඩංගුව වන විවිධ සම්පත් සහ විශේෂාංගයන්ය.

මෙවැනි නෞකාවක සිට ගුවන් යානයක් ගුවන් ගත කිරීම , හෙලිකොප්ට හදිසි ගොඩබෑම සහ නැංවීම සම්බන්ධයෙන් පෙරහුරු ගණනාවක් පසුගිය කාලය තුළ ඉන්දීය නාවික හමුදා විසින් සිදු කරනු ලැබ ඇති අතර මහ කොමසාරිස් කාර්යාලය  පවසන්නේ ශ්‍රි ලංකාවේ නාවික හමුදාව සමඟද එවැනි යුධ සහ මෙහෙයුම් අභ්‍යාස කිහිපයක්ම පසුගිය කාලයේ සිදු  කළ බවයි. පසුගිය කොවිඩ් වසංගත සමයේද ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රි ලංකාවේ රෝගීන් සහ ඖෂධ හ ඔක්සිජන් හදිසි ආධාර ලෙස ලබා දීමේදීත් කොළඹ වරාය ආශ්‍රිත නෞකා අනතුරු අවස්ථාවලදීත් ඉන්දීය නාවික සහ ගුවන් හමුදා සහය ලැබිණ.

 

Share69Tweet43
Previous Post

නැවත වැසි වැඩි වෙයි… බොහෝ ප්‍රදේශවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි!

Next Post

ඉන්දියාව පරදවා පකිස්ථානුවෝ කඩුලු 05ක තියුණු ජයක් ලබති!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.