තුෂාරී කළුබෝවිල –
නැවතත් වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු ව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ද ඇති වන බව ඔවුහූ පවසති.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, කලුතර, මහනුවර, මාතලේ, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි සහ තද සුළං තත්ත්වයක් ද ඇති වේ.
වර්ෂාව වැඩි වීමත් සමග කළු, කැලණි, නිල්වලා, මහවැලි, ගිං යන ගංගා මෙන් ම අත්තනගලු ඔය ආශ්රිත පහත් බිම්වල ජල ගැලීම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් විමසිලිමත් ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.
එසේ ම නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව ද විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව අවධාරණය කෙරේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ද මද වශයෙන් රළු වේ.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල
මුහුදු රළ උස ඇතැම් අවස්ථාවලදි මීටර්. 2.0 – 2.5 ක් පමණ ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වියයුතු වේ.