බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ඉන්දියාවෙන් ලැබුණු තුන් ඈඳුතු “බල“ ශක්තිය

by Lanka Sara Editor
ජනවාරි 30, 2022
in දේශපාලන, සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ එදා වේල මට්ටමේය. අද බලශක්ති අමාත්‍යවරයා මේ ත්ත්වය තුළ තවත් විසඳුමක් ලෙස නිවේදනය කළේ පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර මඟින්ද විදුලිය ලබා ගැනීමට තීරණය කර ඇති බවය. පුමාණවත් ඩොලර් නොමැති වීම තුළ ඉන්ධන අර්බුදයක් ස නිර්මානය වී ඇති අතර මේ සමඟ තදින්ම බලශක්ති අර්බුදයද බද්ධ වී ඇත. විදුලිය නොකපා ගැනීමට නම් දිනක් තුළ මෙගවොට් 20ක් කෙසේ හෝ පිරි මසා ගන්නා ලෙස බලශක්ති අමාතයවරා ජනතවාගෙන් ඉල්ලා සිටියේ විදුලිය නොකපා සිටීමට අවශ්‍ය හැකි උපරිම ප්‍රයත්නයන් දැරීමෙන් ද අනතුරුවය. බලශක්තිය අතින් ශ්‍රි ලංකාව මේ ආකාරයට එදා වේල මට්ටමට ගියේ හුදෙක් ඩොලර් අර්බුදය නිසාම නොවේ. කලට වේලාවට අනාගතය බලා සැකසෙන විදුලි ජනන සැලසුම් ඒ අයුරින් ක්‍රියාත්මක නොවීම නිසාය. මේ සඳහා මෙරට අභ්‍යන්තරික දේශපාලනික අදූරදරශීභාවය ඉස්මතු වීම රටක් ලෙස ශ්‍රි ලංකාව මේ අවාසනාවට කැඳවූයේය.
මේ අදූරදර්ශීභාවය නිසා මේ වනවිට ශ්‍රි ලංකාවට විදුලිය ලබා දීමට සූදානමින් සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක්ම අඩාළ විය. එයින් සැලකිය යුතු එකක් වන්නේ ඉන්දීය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වීමට ගිය සාම්පූර් විදුලිය බලාගාරයයි.
සාම්පූර් හි මෙගවොට් 500ක විදුලි බලාගාරයකට අවශ්‍ය සැලසුම් ජනන සැලසුම්වලට ඇතුළත් කෙරුණේ කලකට පෙරය. මේ සඳහා ඉන්දියාව තම ආයෝජනය ලබා දීමට එකඟවූ අතර එහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු පවා සිදු කෙරී තිබූ පසුබිමක් තුළ දේශපාලන තීන්දුවක් මත බලාගාරයේ ඉදිරි ගමන නැවතිණි.මෙම බලාගාරය මුලින්ම ගල් අඟුරුවලින් ක්‍රියාත්මක කිරීමටත් පසුව ද්‍රවකෘත ස්වභාවික වායුවලින් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වූ අතර ඉන්දියාවේ ජාතික තාප බල විදුලු සංස්ථාව (NTPC) නම් රාජ්‍ය ආයතනය එහි ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව සිදු කිරිමට නියමිතව තිබිණ.
මෙම ව්‍යාපෘතිය නිසි කලට වේලාවට ක්‍රියාත්මක කළේ නම් 2020 වනවිට එයින් විදුලිය ලබා ගන්නට හැකියාව තිබුණි. එසේ වූයේ නම් දැනට තෙල් මත දිවෙන අධි වියදම් බලාගාරයක් දෙකක් අඩු කිරීමේ හැකියාව හොඳින්ම ශ්‍රි ලංකාවට පැවති අතර එසේ වී නම් මේ වනවිට තෙල් නැවට ඩොලර් ගෙවන තෙක් විදුලිය දල්වන්නට වේව්ලා වේවලා ලා සිටින්නට සිදුවන්නේ නැත.
බලශක්තිය සම්බන්ධයෙන් සැලකීමේ දී ගෝලීය භූ දේශපාලනය තම බලය තහවුරු කර ගැනීමේ යම් ක්‍රමෝපායක් ලෙස ද ශ්‍රි ලංකාව තුළ බලශක්ති ව්‍යාපෘති වේශයෙන් ඇතුළු වීමට උත්සාහ කරයි. එය හුදෙක් ශ්‍රි ලංකාවේ සම්පත් සූරා කෑමේ හෝ ශ්‍රි ලංකාව යටත් කර ගැනීමේ අරමුණින් නොවුවද කලාපීය දේශපාලන බලය තුළ කේන්ද්‍රීය වීමේ අභිප්‍රාය එයින් ප්‍රකට වෙයි. ඇමෙරිකාව ශ්‍රි ලංකාව තුළ බලශක්ති ව්‍යාපෘති කෙරෙහි ඇස ගසන්නේ මීට වසර 20කට එහා සිටය. ඇමෙරිකානු බලශක්ති සංගමය ශ්‍රි ලංකාංවේ විදුලිබලි බල මණ්ඩල ව්‍යූහය කඩා බිඳ දමා ඒ තුළින් තම ව්‍යවසායකයන්ගේ ආයෝජනය ඇතුළු කිරීමේ ප්‍රයත්නය තවමත් අතහැර නැත. ඔවුන්ගේ මෑත කාලීන ම සම්ප්‍රාප්තිය සටහන් වූයේ මතභේදාත්මක ලෙසය. කෙළවරපිටිය යුගදනවි විදුලි බලාගාරය වෙත ළංග වූ ආකාරයයි.
කලාපීය බලශක්ති භාවිතය පිළිබඳව සැලකීමේදී ශ්‍රි ලංකා=වට මේ වනවිට සාධනීය මට්ටමේ වාසි සහගත ආයෝජනයන් ගෙන අවිත් ඇත්තේ ඉන්දියාවයි. එහි යම් තුන් ඈඳුතු ස්වරූපයක් ගැබ් ව ඇත. පවතින බරපතලම ඉන්ධන අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය සහන පැකෙන්ජය එයින් එදා වේල ටුවර්ස් ගිය ආණ්ඩුවට බිලෙන් බිල පියවා මාස හයකට ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීමේ පහසුකම මේ වනවිට නිර්මාණය වී ඇත.
එයට අමතරව පසුගිය වසරේ දි ඉන්දියාව සූර්ය බලශක්ති ආශ්‍රිත විදුලි බල ව්‍යාපෘති ආයෝජනය සඳහාද ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් සම්පාදනය කිරිමට පියවර ගත්තේය. මෙම ණය යෝජනා කුමයේ අරමුණ නිවාස සහ රාජ්‍ය ආයතන වහිළවල සූඋර්ය බලශක්ති ඒකක ස්තාපනය කිරීමය.
අනෙක් යෝජනාව වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රි ලකාව අතර හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ඊට ආයෝජනය කිරීමය.
ඒ අනුව බලන කල මෑත කාලයේ බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවට ඉතාම හිතකර වන ආයෝජන යෝජනා තුනක් ක්‍රියාත්මක වන්නේ අසල්වැසි ඉන්දියාවේ ආශිර්වාදය මතය. එය ආකාර කිහිපයකින් වැදගත්ය. පළමුවැන්න මේ මෑත කාලීන ව්‍යාපෘති ගිවිසුම් ත්‍රිත්වය මඟින් ශ්‍රි ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට කෙටි කාලීන , මධ්‍ය සහ දීර්ඝ කාලීන විසඳුම් නිර්මාණය වීමය.
ඒ මන්ද යත් පසුගිය දිනවල ශ්‍රි ලංකාවට පැවැති ලොකුම අර්බුදය වන ඉන්ධන ලබ ගැනීමට ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නොමැති පසුබිමක් තුළ ඉන්දියාවෙන් ලද ඩොලර් මිලියන 500ක ණය සහනය ප්‍රමාණවත් විය. ඩොලර් මිලියන 100 සූර්ය බල ණය සහනය වසර 2030 වනවිට මෙරට සමස්ත විදුලිය ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලින් ලබාගැනීම දැක්ම කර ගත් ශ්‍රි ලංකාංවට නව සූර්ය බල විදුලි ජනන අවස්ථා ආයෝජන නිර්මාණය කිරීමට මෙම ඉන්දීය ණය සහනය ක්‍රියාත්මක වීය. එය දීර්ඝ කාලීනව සැලකීමේදී ශ්‍රි ලංකාවේ බලශක්ති සම්බනධ යෙන් හිතකර පසුබිමක් නිර්මාණය කරවයි.
අනෙක් කරුණ වන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් සිදු කරන ලද ආයෝජනයයි. මේ සම්බන්ධයෙන් පසුගියදා කතා බහට ලක් කෙරුණු කරුණු ආන්දෝලනාත්මක වුවද බ්‍රිතාන්‍යයන් විසින් මේ රටේ ඉතිරි කර ගිය මෙම තෙල් ටැංකි වසර ගණනාවක් පුරා කිසිදු වැඩකට නොගෙන විනාශ වන තත්ත්වයට අතහැර තිබුණු පසුබිමක් තුළ ඒවා යළිත් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අවධානයට ලක් වීම කලාපය තුළම බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් ඒ තුළින් දෙරටටම ආර්ථිකමය වශයෙන් වාසි සහගත පසුබිමක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය පදනම ඒ තුළ නිර්මාණය වී ඇත.
තෙල් බැරල් මිලියන 8ක් පමණ ගබඩා කළ හැකි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක් ශ්‍රි ලංකාවට වැඩි කොටස් බලය හිමි ඉන්දීය ශ්‍රි ලංකා හවුල් ව්‍යාපාර සමාගමක් යටතේ මෙහෙයවීම එක් අතකට කලාපයේ බලශක්ති සුරක්ෂිතතාවට බලපාන කරුණකි. මේ පිළිබඳව එක් වැදගත් නමුත් ඉස්මතු නොවූ කරුණක් පසුගියදා බලශක්ති අමාතය උදය ගම්මන්පිල ඉස්මතු කළේය. ඒ මෙම තෙල් ටැංකි සම්බන්ධයෙන් ද්විපාර්ශ්වය අතර අත්සන් තැබුණු ගිවිසුමේදී එකඟතාවට එලඹි එක් කරුණක් වන්නේ යම් අවස්ථාවකදී ශ්‍රි ලංකාව හදිසි ඉන්ධන අර්බුදයකට මුහුණ පෑවොත් මාස තුනක් තුළ ආපසු පියවීමේ පදනම යටතේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබා ගත හැකි වීමය.
මෙම තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව ඉන්දියාව අතිශයින් උනන්දු වීම පසුපස සාධාරණ හෙතුවක්ද තිබේ. ඒ තම රට ඇතුළු කලාපයේ ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී ත්‍රිකුණාමලය මර්මස්ථානයක් වීමය. යම් හෙයකින් මෙම කලාපයට වෙනත් බලවත් විදේශ රාජ්‍යයක සහය සහ එහි ආයෝජන රිංගුවහොත් ස්ථාවර බලශක්ති සැපයුම් පහසුව සහිත මේ බිම වැරදි ලෙස පරිහරණය කිරීමේ අවදානමක්ද තිබිණි. එය දෙරටටම අවාසිදායක තත්ත්වයකි. මේ අනුව බැලුවද මේ ගනුදෙනුව තුළ අපට වාසි සහගත පසුබිමක් පවතී.
ශ්‍රි ලංකාවේ වගකීම වන්නේ රටේ අවශ්‍යතා සහ නයාය පත්‍ර අනුව මේ ලැබී ඇති අවස්ථා වාසිදායක ලෙස කළමනාකරණය කර ගැනීමය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

ඉන්දියාවට ත්‍රිකුණාමලේ ඕන වෙලා තිබූ දේ ගම්මන්පිල හෙළි කරයි !

Next Post

අධික වියළි කාලගුණය නිසා වික්ටෝරියා ජලාශයේ සිද්ධ වෙන දේ..

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.