බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනීතික මිනීමැරුම් දැක ගොං ආතල් ගැනීමෙන් වළකින්න

by editor
දෙසැම්බර් 30, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි පහරින් මියගිය වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි වළ දමා අවසන්ය. අපරාධකරුවෙක් මරා දැමීමෙන් අනතුරුව සමාජය ගත් වින්දනයත් ඒ් සමග නිමාවට පත්වී ඇත.

පොලිසිය මේ ඝාතන  පසුබිම විස්තර කිරීම සඳහා දශකාධික කාලයක් කී ප්‍රාථමික කතාවම යළිත් ඉදිරිපත් කළේය.  සිද්ධිය වූ තැන මූලික පරීක්ෂණවලට සම්බන්ධ වූ වගකිවයුත්තන්ගේ සිට  ගමේ පොල් කඩන ජෙමාත් මේ පොලිස් මිනී මැරුමේ ග්‍රාම්‍ය යථාර්ථය දන්නේය. මේ කතාව සමාජය විශ්වාස කරන්නේ නැති බව දැන දැනම  පොලිසිය ඒ්  කතාවම කියන්නේය. අපරාධකරුවෙක් සමාජයෙන් තුරන් කිරීමේ පදනමින් නිහඬ සමාජ අනුමැතියක් මෙන්ම නෛතික ආවරණක් ඒ් මිනී මැරුමට ලැබෙන්නේය.

එහෙත් වේයන්ගොඩ සිද්ධිය අපරාධකරුවෙක් සමාජයෙන් තුරන් කිරීමේ කතාවට බොහෝ එපිටින් නවතින පොලිස් කුපාඩිකමක නිරුවත පෙන්වයි. වේයන්ගොඩ පොලිසියත් ඇතුළත් මේ රටේ පොලිස් ජාලයේ අවිශ්වාසනීය මජර ස්වරූපය මේ ඝාතන සිද්ධියත් සමග යටපත් නොවී මතුවුණු බැවිනි.

මේ සිද්ධි දාමය පෙළගැසෙන්නේ මෙසේය. නිශාන්ත කුමාරසිරි වේයන්ගොඩ ප්‍රදේශයේ සිටි සමාජ විරෝධී අපරාධකරුවෙකි. ඔහු මිනී මැරූ වගක් වාර්තා වන්නේ නැත. ඒ්ත් හෙතෙම වේයන්ගොඩ පොලිසිය සමග අවබෝධයකින් යුතුව කසිප්පු විකිණුවේය. ගංජා විකිණුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඊට අමතරව කොල්ල කෑම් කීපයකට සැක පිට හිරේ විලංගුවේ වැටුණේය.

මේ පුද්ගලයා පොලිසියෙන් මරා දමන්නට ආසන්නම හේතුව ඔහු පුද්ගලයෙකුගේ අත් පා සිඳ දැමීමය. සිඳ දැමූ පාදයක් රැගෙන ගොස් මාලිගාතැන්න පන්සල අසල දමා යෑමය.

ඒ් අපරාධය සිදුවන්නේ පොලිසියට ඔහුට එරෙහිව ඔත්තුවක් දුන් ඔත්තු කරුවෙකුගෙන් පලි ගැනීමක් ලෙසය.  නිශාන්ත කුමාරසිරිගේ ගංජා තොගයක් පිළිබඳ ඔත්තුවක් පොලිසියට ගොස් තිබිණි. පොලිසිය එම ගංජා තොගය අත්අඩංගුවට ගත්තේය. ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් ද  අත්අඩංගුවට ගත්තේය. නිශාන්ත කුමාරසිරි පොලිසියට ඔත්තුව දුන් තැනැත්තා සොයාගෙන ඔහුගේ අත් පා කැපුවේය.

දැන් ප්‍රශ්නය මේ අපරාධකරුවා විසින් ඔත්තුව දුන් තැනැත්තා හරියටම දැන ගත්තේ කෙසේද යන්නය. දැනට සිදුවෙමින් ඇති විමර්ශන හෙළි කරන ආකාරයට නිශාන්ත කුමාරසිරි ට ඒ‌ තොරතුර ලැබෙන්නේ වේයන්ගොඩ පොලිසියෙනි.

චක්‍රය කැරකුණේ මෙසේය.  පොලිසියට ඔත්තුව දුන් තැනැත්තාව පොලිසිය විසින්  අපරාධකරුට පාවා දුන්නේය. ඒ් අපරාධකරු ඔත්තුකරුගෙන් පළිගත්තේය. පොලිසිය අතින් අපරාධකරු මිය ගියේය. සිද්ධි  තීන්දුය.

මේ සිදුවීම පසුපස ඇති පොලිසියේ අශ්ලීල නිරුවත හෙළිවන මේ සිද්ධිය සම්බන්ධ අභ්‍යන්තර පරීක්ෂණයක් දැන් ඇරඹී තිබේ. ඒ් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පිටය. වැඩිදුරටත් හෙළිවන කරුණු මෙසේය.

පොලිසියෙන් ඔත්තුකරු හෙළිදරව් කරගෙන ඔහුගේ අත් පා සිඳිනු ලද අපරාධකරු නීතිඥ උපදෙස් මත කලවාන පොලිසියට බාර වන්නට යන්නේය. කලවාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කලින් වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර තිබුණේය. ඒ හැඳුනුම්කමට කලවානට යන අපරාධකරුට කලවාන පොලිසියට භාර වන්නට නොදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින්  රැගෙන යන්නේය. දින තුනක් රඳවා තබා ප්‍රශ්න කරන්නේය. අවසානයේ දී මේ අපරාධ වැළට පදනම හැදූ පොලිස් අපරාධකරුවන්ව හෙළි කර නොගෙන ඔහුව ආයුධ පෙන්වන්නට රැගෙන යන්නේය.

මේ මාරක යථාර්ථය වටහා දෙන්නේ අප ජීවත් වෙමින් ඇත්තේ මොන තරම් අනාරක්ෂිත වටපිටාවකද යන වගය. මෙවැනි අනීතික මරණ දකිමින් ගොං ආතල් ගැනීමෙන් වැළිය යුත්තේ ඒ් නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදයංගගේ තවත් යුක්‍රේන සංචාරකයන් 3කට කොවිඩ්

Next Post

යාපනය මහ නගර සභාවේ බලය දෙමළ ජාතික සංධානයෙන් ගිලිහෙයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.