fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනීතික මිනීමැරුම් දැක ගොං ආතල් ගැනීමෙන් වළකින්න

1 වසරක් ago
in සමාජ
1.1k 11
0
Share on FacebookShare on Twitter

ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි පහරින් මියගිය වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි වළ දමා අවසන්ය. අපරාධකරුවෙක් මරා දැමීමෙන් අනතුරුව සමාජය ගත් වින්දනයත් ඒ් සමග නිමාවට පත්වී ඇත.

පොලිසිය මේ ඝාතන  පසුබිම විස්තර කිරීම සඳහා දශකාධික කාලයක් කී ප්‍රාථමික කතාවම යළිත් ඉදිරිපත් කළේය.  සිද්ධිය වූ තැන මූලික පරීක්ෂණවලට සම්බන්ධ වූ වගකිවයුත්තන්ගේ සිට  ගමේ පොල් කඩන ජෙමාත් මේ පොලිස් මිනී මැරුමේ ග්‍රාම්‍ය යථාර්ථය දන්නේය. මේ කතාව සමාජය විශ්වාස කරන්නේ නැති බව දැන දැනම  පොලිසිය ඒ්  කතාවම කියන්නේය. අපරාධකරුවෙක් සමාජයෙන් තුරන් කිරීමේ පදනමින් නිහඬ සමාජ අනුමැතියක් මෙන්ම නෛතික ආවරණක් ඒ් මිනී මැරුමට ලැබෙන්නේය.

එහෙත් වේයන්ගොඩ සිද්ධිය අපරාධකරුවෙක් සමාජයෙන් තුරන් කිරීමේ කතාවට බොහෝ එපිටින් නවතින පොලිස් කුපාඩිකමක නිරුවත පෙන්වයි. වේයන්ගොඩ පොලිසියත් ඇතුළත් මේ රටේ පොලිස් ජාලයේ අවිශ්වාසනීය මජර ස්වරූපය මේ ඝාතන සිද්ධියත් සමග යටපත් නොවී මතුවුණු බැවිනි.

මේ සිද්ධි දාමය පෙළගැසෙන්නේ මෙසේය. නිශාන්ත කුමාරසිරි වේයන්ගොඩ ප්‍රදේශයේ සිටි සමාජ විරෝධී අපරාධකරුවෙකි. ඔහු මිනී මැරූ වගක් වාර්තා වන්නේ නැත. ඒ්ත් හෙතෙම වේයන්ගොඩ පොලිසිය සමග අවබෝධයකින් යුතුව කසිප්පු විකිණුවේය. ගංජා විකිණුවේය.

ඊට අමතරව කොල්ල කෑම් කීපයකට සැක පිට හිරේ විලංගුවේ වැටුණේය.

මේ පුද්ගලයා පොලිසියෙන් මරා දමන්නට ආසන්නම හේතුව ඔහු පුද්ගලයෙකුගේ අත් පා සිඳ දැමීමය. සිඳ දැමූ පාදයක් රැගෙන ගොස් මාලිගාතැන්න පන්සල අසල දමා යෑමය.

ඒ් අපරාධය සිදුවන්නේ පොලිසියට ඔහුට එරෙහිව ඔත්තුවක් දුන් ඔත්තු කරුවෙකුගෙන් පලි ගැනීමක් ලෙසය.  නිශාන්ත කුමාරසිරිගේ ගංජා තොගයක් පිළිබඳ ඔත්තුවක් පොලිසියට ගොස් තිබිණි. පොලිසිය එම ගංජා තොගය අත්අඩංගුවට ගත්තේය. ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් ද  අත්අඩංගුවට ගත්තේය. නිශාන්ත කුමාරසිරි පොලිසියට ඔත්තුව දුන් තැනැත්තා සොයාගෙන ඔහුගේ අත් පා කැපුවේය.

දැන් ප්‍රශ්නය මේ අපරාධකරුවා විසින් ඔත්තුව දුන් තැනැත්තා හරියටම දැන ගත්තේ කෙසේද යන්නය. දැනට සිදුවෙමින් ඇති විමර්ශන හෙළි කරන ආකාරයට නිශාන්ත කුමාරසිරි ට ඒ‌ තොරතුර ලැබෙන්නේ වේයන්ගොඩ පොලිසියෙනි.

චක්‍රය කැරකුණේ මෙසේය.  පොලිසියට ඔත්තුව දුන් තැනැත්තාව පොලිසිය විසින්  අපරාධකරුට පාවා දුන්නේය. ඒ් අපරාධකරු ඔත්තුකරුගෙන් පළිගත්තේය. පොලිසිය අතින් අපරාධකරු මිය ගියේය. සිද්ධි  තීන්දුය.

මේ සිදුවීම පසුපස ඇති පොලිසියේ අශ්ලීල නිරුවත හෙළිවන මේ සිද්ධිය සම්බන්ධ අභ්‍යන්තර පරීක්ෂණයක් දැන් ඇරඹී තිබේ. ඒ් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පිටය. වැඩිදුරටත් හෙළිවන කරුණු මෙසේය.

පොලිසියෙන් ඔත්තුකරු හෙළිදරව් කරගෙන ඔහුගේ අත් පා සිඳිනු ලද අපරාධකරු නීතිඥ උපදෙස් මත කලවාන පොලිසියට බාර වන්නට යන්නේය. කලවාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කලින් වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කර තිබුණේය. ඒ හැඳුනුම්කමට කලවානට යන අපරාධකරුට කලවාන පොලිසියට භාර වන්නට නොදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින්  රැගෙන යන්නේය. දින තුනක් රඳවා තබා ප්‍රශ්න කරන්නේය. අවසානයේ දී මේ අපරාධ වැළට පදනම හැදූ පොලිස් අපරාධකරුවන්ව හෙළි කර නොගෙන ඔහුව ආයුධ පෙන්වන්නට රැගෙන යන්නේය.

මේ මාරක යථාර්ථය වටහා දෙන්නේ අප ජීවත් වෙමින් ඇත්තේ මොන තරම් අනාරක්ෂිත වටපිටාවකද යන වගය. මෙවැනි අනීතික මරණ දකිමින් ගොං ආතල් ගැනීමෙන් වැළිය යුත්තේ ඒ් නිසාය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

උදයංගගේ තවත් යුක්‍රේන සංචාරකයන් 3කට කොවිඩ්

Next Post

යාපනය මහ නගර සභාවේ බලය දෙමළ ජාතික සංධානයෙන් ගිලිහෙයි…

Related Posts

lotus-tower

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජූනි 20, 2022

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

ජූනි 19, 2022
Kshama-Bindu

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

ජූනි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43

Highlights

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

by editor
ජූනි 29, 2022
0

“ගෝඨා ගෝ හෝම්“ විරෝධතා පුවරු  ජාත්‍යාන්තරය...

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist