බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

හෙළයේ මහා සංස්කෘතික මංගල්ලයට එක්වුන ගෞරවණීය වෙස් නැටුමේ කතාව!

by editor
අගෝස්තු 14, 2024
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හෙළයේ මහා කලා මංල්‍යය වන මහනුවර ඇසළ පෙරහර මුළුමනින්ම විචිත්‍රවත් වන්නේ කන්ද උඩරට පාරම්පරික ගායන, වාදන හා නර්තනාංග වලිනි. මේ අතරින් උඩරට වෙස් නැටුමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වෙස් බැඳි ශිල්පියෙකු සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ නර්තනයේ කෙළ පැමිණියෙකු ලෙසය.

පඬුවස් දෙව් රජ සමයේ මෙරටට ලැබුණු බව කියන වෙස් නැටුම කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ ප්‍රධාන නර්තනාංගයකි. මහනුවර ඇසළ පෙරහරට වුවද වෙස් නැටුම ආවාට ගියාට යොදා ගන්නේ නැත. කුඹල් පෙරහරේදී වෙස් නැටුම් දැකිය හැක්කේ දළදා මාලිගා පෙරහරේ දී පමණි. එතෙක් දේවාල පෙරහරේ දී ගමන් කරන්නේ නෛයන්ඩි නර්තන ශිල්පීන් ය. දේවාලවලට වෙස් නැටුම් එක් වන්නේ රන්දෝලි පෙරහරේදීය. සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා හා දියවඩන නිලමේ ඉදිරිපිට පමණක් දළදා පෙරහරේදී වෙස් නැටුම් දැකිය හැකිය. දේවාල පෙරහරේදී වෙස් නර්තන ශිල්පීන් රැඟුම් දක්වන්නේ දේව ආභරණ වැඩම කරන හස්තියා හා බස්නායක නිලමේ ඉදිරියේය.

වෙස් නැටුම දළදා පෙරහරට එක් වීම

මුල් යුගයේ වෙස් නැටුම මහනුවර ඇසළ පෙරහර හා එක් කර නොතිබිණි. ඊට හේතු වූයේ එය ශාන්තිකර්ම සඳහා යොදා ගන්නා නර්තනයක් වීමය. එම මහඟු නර්තන විලාසය මුල් වරට මහනුවර ඇසළ මංගල්‍යයේදී දක්නට ලැබුණේ 1919 වසරේදීය. එවකට දියවඩන නිලමේ ධුරය හෙබ වූ පුංචි බණ්ඩා නුගවෙලගේ තීරණයකට අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරට වෙස් නැටුම එකතු වී මේ වනවිට වසර 105 කි.
සියවසකට අධික කාලයක් තිස්සේ මහනුවර පෙරහර මංගල්‍යය හැඩ කරන වෙස් නැටුම ලක්දිවට දායද වූ කතාවද අපූරු එකකි. විජය රජු කුවේණිය විවාහ කරගැනීමෙන් අනතුරුව දරුවන්ද සමඟ ඇයව නොසලකා හැරීම නිසා කුවේණිය මැණික් ගලක් මත දිවුරා ලක්දිව රාජ පරම්පරාවට ශාපයක් කළ බව ජනප්‍රවාදයේ එයි. එම ශාපයේ බලපෑමෙන් රෝගී වූ බව කියන පඬුවස් දෙව් රජු සුවපත් කළ හැක්කේ මලය දේශයේ රජ තුන් කට්ටුවට පමණක් බව දැන ශක්‍ර දේවේන්ද්‍රයන් උපාය මාර්ග යකින් මලය රජු මේ රටට ගෙන්වා තිබේ. පසුව අනුරාධපුර මහ මෙව්නාවේ කොහොඹා කංකාරි ශාන්තිකර්මයක් පවත්වා ඇත.

රජු සුවපත් වීමෙන් පසු මෙරට ජන කොටසකට එම ශාන්තිකර්ම කිරීමේ බල වරම මලේ රජු ලබාදී තිබෙන්නේ තමන්ගේ සූසැට අබරණින් සැඳුම් ලත් ඇඳුම් කට්ටලයේ අඩක්ද සමඟිනි. එලෙස සකස් වුණු උඩරට වෙස් ඇඳුම් කට්ටලය අභරණ 32 කින් සමන්විතය. දිව්‍යමය ඇඳුම් කට්ටලය ඇඳ නර්තන ඉදිරිපත් කරන වෙස් නැටුම් ශිල්පියා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන අතර ඔවුන් වෙස් ඇඳුම් කට්ටලයට දක්වන්නේ ද අසීමිත ගෞරවයකි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

නිත්තවෙල, අමුණුගම, තිත්තපජ්ජල හා තල්ගහගොඩ යනු උඩරට සාම්ප්‍රදායික ගායන, වාදන හා නර්තන පරම්පරා හතරය. ඒවායින් ශාස්ත්‍රය උගෙන උප පරම්පරා ගණනාවක් අද බිහි වී ඇතත් ප්‍රධාන පරම්පරා හතරට ඇති ගෞරවය අද ද නොනැසී පවතී.

වර්ෂ 1919 දී උඩරට වෙස් නැටුම් ශිල්පීන් ලෙස මුලින්ම පෙරහරට එක්ව තිබෙන්නේ ඇඹුල්පුරේ සින්දුවා, හිගොඩ සුරඹා, නිත්තවෙල සුරඹා හා මාලගම්මන රන්කිරා යන ගුරුන්නාන්සේලාය. තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේගේ පියා වන සේරංගා ගණිතසාර ගුරුන්නාන්සේ ඊට එක්ව ඇත්තේ බෙර වාදනයෙනි.

මහනුවර ඇසළ පෙරහරට 1919 වන තෙක්ම නර්තනයෙන් එකතු වුණේ නෛයන්ඩි ශිල්පීන් පමණි. වෙස් බැඳ නැති නිසා මේ ශිල්පීන් අඩ වෙස්කරුවන් ලෙස ද හඳුන්වනු ලබයි. අද වන විට ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිලමේ ඉදිරි පස නර්තන ඉදිරිපත් කරන වෙස් කණ්ඩායමේ වාදන ශිල්පීන්ද සමඟ හැත්තෑවක පමණ පිරිසක් සිටිති. සෙසු වෙස් කණ්ඩායම්ද ඒ හා සමාන පිරිසකගෙන් සමන්විතය. වෙස් නැටුම ශාන්ති කර්ම හා බැඳී තිබූ නිසා එය පෙරහරට එක්කර ගැනීම සම්බන්ධව විවිධ මත තිබිණි. පසුකාලීනව පෙරහර කෙරෙහි ජනතා ආකර්ෂණය එන්න එන්නම වැඩි වීමත් සමඟ මේ රටේ නර්තන කලාවේ අන්‍යන්‍යතාව ලොවට කියාපාන වෙස් නැටුම පෙරහරට එක් කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්විය. ඒ ඔස්සේ පෙරහරට සම්බන්ධ වූ වෙස් නැටුම් ශිල්පීන් මුල් කාලයේ නර්තනයේ යෙදුණේ ගජගා වන්නමට අනුව. ඒ සධාතුක කරඬුව වැඩම කරන හස්ති රාජයාගේ ගමන් විලාසය සිහි ගන්වමිනි.

කාලයේ වෙනස

එහෙත් දැන් ගොඩක් දේවල් කාලයත් එක්ක වෙනස්ව තිබේ. ඒ සම්බන්ධව ප්‍රවීන වෙස් නැටුම් ශිල්පී සුසන්ත සූරසේන මෙසේ පැවසුවේය.

“අද වන විට වෙස් ඇඳුම් කට්ටලයේ දක්නට ලැබෙන්නේ අභරණ විස්සක් වගේ සංඛ්‍යාවක්. ජටාව, ජටාවැල (ඒකා වැල, ජටාපරිය). පායිම් පත, ශිඛා බන්ධනය (වෙස් තට්ටුව), නෙත්තිමාලය, තෝඩුපත්, කරමාලය (කර- පටිය), අවුල් හැරය. දෙඋරබාහු, බන්දි වළලු කෛමෙත්ත, හස්තකඩ, ඉණ පටිය ඒ අතර ප්‍රධානයි. මහ සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නර්තන ශිල්පියකුගේ හිස මත වෙස් තට්ටුව තබන්නේ ඔහුගේ නර්තනාචාර්යරයා යි.

කොහොඹා කංකාරියේදී වෙස් ඇඳුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙසින් සලකනවා. වලියක් මංගල්‍යය ශාන්ති කර්මයේදී එය වලියකුන්ගේ ඇඳුම ලෙසින් පිළිගන්නවා. මෙහි දේව බලයක් ගැබ්වී ඇතැයි බොහෝ යක්දෙස්සන් සහ සිංහල බෞද්ධ ජනතාව විශ්වාස කරනවා. අසනීපයක් හෝ කරදරයක් වූ විට වෙස් ඇඳුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඬුරු බැඳීම අදත් නොනැසී පවතින චාරිත්‍රයක්. වෙස් ඇඳුම් බහාලන පෙට්ටිය ඉතා ගරු සැලකිල්ලක් ඇතිව දෑත් ඔසවා වැඳ අතට ගන්නේ. එය සෑම විටම තැන්පත් කරන්නේ හිස් මට්ටමට ඉහළින් වූ ස්ථානයකයි. අතීතයේ වෙස් ශිල්පියා තමන් නිවසින් පිටත සෑදූ දේවාලයක තමයි ආභරණ තැන්පත් කරලා තියෙන්නේ. අවශ්‍යය මොහොතක එම දේවාලය තුළදී වෙස් ඇඳුම් ඇඳ අවසානයේ එහිම තැන්පත් කිරීමෙන් ඒ ඇඳුමට ඔවුන්ගේ තිබූ ගෞරවය මනාව ඉස්මතු වෙනවා. වර්තමානයේ එම චාරිත්‍රය තරමක් වෙනස් වුණත් වෙස් ඇඳුම් සහිත පෙට්ටියට කරනු ලබන ගරු සැලකිල්ල එදා වගේම අදත් ඒ විදිහටම පවතිනවා.

කාන්තාවන්ට අකැප වෙස් නැටුම

කාන්තාවන්ට ඇකැප උඩරට වෙස් නැටුම හැදැරීම පිණිස පුරුෂයකුට හෝ කැමැත්ත තිබූ පමණින්ම අවකාශ ලැබෙන්නේ නැත. ඒ සඳහා ඔහුගේ දේහ ලක්ෂණ විශේෂ සැලකිල්ලකට ලක් කිරීම පාරම්පරික නර්තන ගුරුවරුන්ගේ සිරිතය. ශරීරයේ සියලු අඟ පසඟ මනාව පිහිටා නොතිබුණ හොත් තම පුතුට වුව ද ශිල්පය නොදී ඉන්නට තරම් උඩරට පාරම්පරික වෙස් නර්තනාචාර්යවරයෝ ඊට ආදරය කළහ.

නිත්තවෙල උක්කුවා, නිත්තවෙල ගුණයා, තිත්තපජ්ජල සුරඹා, අමුණුගම සුරඹා, හීන් බණ්ඩා ධර්ම සිරි, පීටර් සුරසේන, ඥානදාස රාජපක්ෂ යන ගුරුන්නාන්සේලා සියවසක් පැරණි මහනුවර ඇසළ පෙරහරේ නම රැන්දු වෙස් නැටුම් ශිල්පීන් අතරින් කිහිප දෙනෙකි.

වෙස් ඇඳුම සඳහා භාවිත කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. දැවයෙන් නිම කරන ලදුව වෙස් නැට්ටුවා හිස් මුදුනේ පළදින ජටාව මහා බ්‍රහ්මයා පැළඳගෙන සිටින සිළුමිණේ අනුරුවක් බවටත් එහි බ්‍රහ්මයාගේ වරම ඇති බවටත් විශ්වාසයක් පවතී. දුකකින් කරදරයකින් අත් මිදෙන්නට පමණක් නොව බලාපොරොත්තුවක් සඵල කරගැනීමටත් වෙස් ශිල්පියා ජටාවේ පඬුරු ගැට ගසනු ලබයි.

මලය රජුගේ ඔටුන්න සකසා ඇත්තේ රාවණ රජුගේ ඔටුන්නට අනුව බවට ද මතයක් පවතී. ඒ නිසා වෙස් තට්ටුව රාවණ රජුගේ ඔටුන්නේ නිරූපණයක් ලෙස ද සැලකේ. වෙස් නැට්ටුවාගේ කන් වැසීමට ගන්නේ කර්ණාභරණය තෝඩුපතයි. එහි පත්තිනි දේවියගේ වරම් ඇති බව යක්දෙස්සෝ විශ්වාස කරති. ජනප්‍රවාද වලට අනුව පත්තිනි දෙවියන්ට උප්පත්ති ගණනාවක් තිබේ. ඇය එක් අවස්ථාවක උපත ලබා ඇත්තේ අඹ ගෙඩියකිනි. සාම්ප්‍රදායික වෙස් නැට්ටුවාගේ තොඩුපත ද බොහෝ විට අඹ ගෙඩියක හැඩය ගන්නා නිසා එහි පත්තිනි දෙවියන්ගේ වරම් ඇතැයි විශ්වාසයක් පවතී. මේ ආකාර දෙවියන් හා බැඳුණු විශ්වාස ගණනාවක් වෙස් ඇඳුම හා බද්ධ වී තිබේ

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාගර ඇවිත් නාමල්ට ඇප තැන්පත් කරයි!

Next Post

ගාල්ලේ දී පොහොටුව තුනට කැඩෙයි!

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.