බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

හුදකලා කළ උරුමයේ මලගම

by editor
මැයි 17, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

අනුරාධපුර, පොලොන්නරුව පූජා නගර ඇතුළු ලංකාවේ  පැතිරී ඇති සියලුම ඓතිහාසික පුදබිම්  මේ වනවිට  මිනිසුන් නොගැවසෙන   හුදකලා තැන්ය.   හුදකලාව  පුදබිමක අධ්‍යාත්මික ජීව ගුණය වැඩි කරන්නේය.   විනයක් සහිත සමාජයකදී වසර දහස් ගණනක් පැරණි   ශුද්ධ භූමි ආරක්ෂා වන්නේ   හුදකලාවේ චමත්කාරය තුළය. එහෙත් අප සමාජයක් ලෙස අත්විඳිමින් ඉන්නේ එහි පරස්පරය ය. මේ පුදබිම් හුදකලා වීමත් සමග වඩාත් අනාරක්ෂිත වන ආකාරය පෙනුණි.

පොලොන්නරු පුරාවිද්‍යා භූමිය  පුරාවස්තු අපරාධකරුවන්ගේ  නිරන්තර පීඩනයට ලක්වන භූමියකි. පබළු වෙහෙරේ බුදු සිරස් කුඩු වුණේ අප දන්නා වකවානුවේය. මුරගල් ඇදගෙන ගියේ  මතක ඇති කාලයේය. නයිපෙණ වෙහෙර,   අංක දෙක ශිව දේවාලය පමණක් නොව පූජා භූමිය මැද තිබුණු ගෝපාල පබ්බතයත්  දෙනෝ දාහක් ගැවසෙන කාලයේ  කුඩු කරන්න හැදු කාලකණ්ණි පොලොන්නරුවේ උන්හ. රටම වසා දැමූ මේ  වකවානුවේ  මිනිසුන්ගෙන් තොර  පූජා භූමි  පුරාවස්තු වනසන අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩි බරක් යෙදිය යුතු විය. විශේෂයෙන්ම ක්ෂේත්‍ර කටයුතු වලදී වැදගත්වන සේවකයන් සම්බන්ධව තීන්දු ගැනීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවිය. ඔවුන්ට දිස්ත්‍රික්ක අතර සංචරණයෙන් වැළකී ආසන්නම දිස්ත්‍රික් කාර්යාලයට සේවයට වාර්තා කරන්නට නියම කෙරිනි. පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා පොලිස්පතිවරයා වෙතින් කළ ඉල්ලීමක් ප්‍රකාරව මේ ගැටලුව යම්තාක් දුරට විසඳාගත හැකි විය.

අගුලු දැමූ පොළොන්නරුවේ තිවංක පිළිමගෙය

තත්වය තවත් බරපතල වූයේ අනියම් පදනම මත බඳවාගෙන ක්ෂේත්‍ර තුළ රඳවා මුර සේවයේ හා කම්කරු සේවයේ යෙදවූ සේවක පිරිස ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වූ පසු කෙටි සේවා දිගුවක්වත් නොදී සේවය අවසන් කිරීම නිසාය.   කොවිඩ් වසංගතය හමුවේ අනුරාධපුර පොලොන්නරු පූජා භූමිතුළ රැඳෙමින් පුදබිම් නඩත්තුකර පවත්වා ගැනීම මතු නොව, එහි ආරක්ෂක කටයුතුවලට ද සැලකියයතු ආවරණයක් දුන් මේ සේවක පිරිසේ සේවය  අප්‍රේල් 30 දා  නිමවිය.  මේ තීන්දුව ගැනීමට ඉදිරිපත් කළ ප්‍රායෝගික  පසුබිමක් ද තිබිණි.

තාවකාලික  පදනම මත කම්කරු හා මුරකාර රැකියා සඳහා මේ පිරිස බඳවාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්  වැටුප් ලබා දීමේ පදනම මතය.  පාස්කු ප්‍රහාරයෙන් ව්‍යසනයට ලක් වූ සංචාරක කර්මාන්තය කොවිඩ් නිසා නැත්තටම නැති වුණේය. සංචාරක කර්මාන්තයෙන් පොෂණය වෙන මධ්‍යම සංස්කෘතික අරමුදල පූර්ණ ආදායම් විහීන තත්වයට පත් විය. ඒ හරියටම මාස දෙකක් ඇතුළතය.  දශක තුනකට අධික කාලයක් විශාල වශයෙන් මුදල් එකතු වූ  අරමුදලක්  මාස දෙකක් පැවතුන  ව්‍යසනයකට මුහුණ දිය නොහැකි තරම් වැහැරී ගොස්ය. මේ ප්‍රකාශ වන්නේත්  අසංවර  දේශපාලන අවභාවිතාවන්හි නිශ්ඡිත ප්‍රතිඵලයකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ආචාර්ය රෝලන්ඩ් සිල්වා ගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් වන්නේ අතිශය ප්‍රායෝගික සැලැස්මකට අනුවය. එය ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික දැනුම යාවත්කාලීන කළ ශාස්ත්‍රීය අධ්‍යයන කේන්ද්‍රයක් විය.  මධ්‍යම  සංස්කෘතික අරමුදලට බිහිසුණුම අපරාධය කරනු ලැබුවේ පසුගිය රජයේ අවසාන කාර්තුවේ සිටි සංස්කෘතික ඇමතිවරයා ය.

අරමුදලේ මූල්‍ය පදනම රඳා පැවතියේ  එහි ස්ථාවර තැන්පතුවේ ශක්තිය  මතය. දේශපාලකයන් මොන මට්ටමින් මෙම ආයතනයට බලපෑම් කළ ද මේ ස්ථාවර තැන්පතුවලට අත තැබුවේ නැත. එහෙත් පසුගිය ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මෙම ස්ථාවර තැන්පතුවට අත්තනෝමතිකව අත තැබුවේ. සිය දේශපාලන ව්‍යාපෘතියේ වැදගත්ම අංශය සේ සැලකූ පන්සල් සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදුකළේ මේ මුදලිනි.

ඔහුට එරෙහිව ඔහුගේ රජය මගින්ම විනය පරීක්ෂණයක් ආරම්භ වූයේය. එය යටපත්ව යෑම අවබෝධ කරගත හැකිය. එහෙත් දේශපාලන වෙනස් වීමකින් අනතුරුව හෝ ඒ මූල්‍ය අපරාධය ගැන සංවාදයට ලක්වන්නේ නැත. හැමෝගේම කිල්ලෝටවල හුණු ටික ටික තියන විට කාරණා සිද්ධ වන්නේ එසේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතනයක අවසාන මූල්‍ය පදනමත් දෙදරවා දැමූ විට ඒ අපරාධවල ප්‍රතිඵල ප්‍රකාශ වන්නේ මෙවැනි දුර්ග සමයක රටේ උරුමය පිළිබඳව මතුවන  අනාරක්ෂිත තත්ව ලෙසය. උරුම කළමනාකරණ ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි කිරීමේ අවදානමක් ලෙසය. ඒ මේ ගැටලුවේ එක් අමානුෂික කෙළවරකි.

එහි අනෙක් කෙළවරෙහි ඇත්තේත්    ඒ තරම්ම නිර්දය දේශපාලනයකි. උවදුරු සමයේ පුරාවිද්‍යා භූමි තුළම රැඳෙමින් සේවය කළ මේ සේවක පිරිස පසුගිය ආණ්ඩුවේ දේශපාලන පත්වීම් බව සැබෑය.   එහෙත් ඔවුන් මේ රටේ පුරවැසියන්ය. අනපේක්ෂිත ලෙස ආර්ථික අවස්ථා බිඳවැටෙන සමාජයක් ගොඩ ගැනීම සඳහා සල්ලි බෙදමින් යන ආණ්ඩුවට මේ තරුණ පිරිස අන්ත අසරණ නොකර   තව මාසයක දෙකක සේවා දිගුවක්  දිය හැකිව තිබිණි. උවදුරු සමය තුළ මේ පුරාවිද්‍යා භූමි අනාරක්ෂිත නොකරන්නට කටයුතු කළ හැකිව තිබිණි.     එහෙත්   ආණ්ඩුවේ සමහර දේශපාලකයන්ගේ විරෝධතාවය මත එම සේවා දිගු ලබාදීම නැවැත්විනි.

මේ වනවිට දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයේ යෙදෙන කම්කරුවන්, වෙනත් ක්ෂේත්‍ර වැඩවලින් මුදවා පුරවිද්‍යා ස්ථාන රැකවල් කිරීම සඳහා අනුයුක්ත කර තිබේ. එම තාවකාලික තත්වය ඊලඟට පත්වන ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා විසඳනු ඇත. ඒ සිය දේශපාලන සහායකයන් මධ්‍යම සංස්කෘතික අරමුදල පුරවා දැමීමෙනි.

ඒ මේ රටේ මෙතෙක් වැඩ කටයුතු පෙළ ගැසුණු හැටිය. වෙනස් විය යුතුව ඇත්තේ ඒ අවිනීත දේශපාලන හැසිරීමය. ගැටලුව වන්නේ ඒ අශිෂ්ටකම යාවත්කාලීන කර පවත්වා ගැනීම සඳහාවත් මධ්‍යම සංස්කෘතික අරමුදල තව මාස කීපයක් හෝ පවතී ද යන්නය.

 

 

Share69Tweet43
Previous Post

රූපවාහිනි තිරේ සුව විරුවෝ මහ පාරේ අසරණ වෙති

Next Post

රටවල් 143ක 38983ක් ලංකාවට එන්න පෝලිමේ 

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.