මෙරටට විදේශ විනිමය ගෙනා විදෙස් ගත ශ්‍රමිකයින් ඇතුලු 38983 දෙනකු මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. රටවල් 143ක වෙසෙන මෙම ශ්‍රි ලාංකිකයින් අතර විදෙස්ගත ශ්‍රමිකයින් 27854ක්, කෙටි කාලීන වීසා ලබාගෙන විදෙස් ගත වවූවන් 4040ක් , උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 3078ක්, යැපෙන්නන් ද්විත්ව පුරවැසි බව සහිත පුද්ගලයන් 484 දෙනකුද සිටින බව අමාත්‍යංශය පවසයි.
පසුගිය මාර්තු මස 26 වැනිදා විදේශ අමාත්‍යංශය මඟින් ස්ථාපනය කරන ලද කන්ටෑක්ට් ශ්‍රි ලංකා වැඩ සටහන හරහා මෙසේ එම ශ්‍රි ලාංකිකයන් ඉල්ලුම් කර ඇත.
එසේම මේ වනවිට රටවල් 15ක 3600 ක් පසුගිය කාලය තුළ ආපසු ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට නිරෝධායනවට ලක් කිරීමට කටයුතු කරඇත. බොහෝ රටවල සේවය කරන ශ්‍රමිකයින්ට තම රැකියා අහිමි වීම හේතුවෙන් මෙරටට පැමිණීම සඳහා කටයුතු කරමින් සිටිති. විශේෂයෙන් යුරෝපා, මැද පෙරදිග සහ ඇමෙරිකාවේ රැකියා සඳහා ගිය විශාල පිරිසක් මේ වනවිට රැකියා අහිමිවි ඇති අතර තවත් පිරිසක් රැකියා අහිමි අවදානමකට ලක් ව ඇත. මෙම පුද්ගලයන් සම්බන්ධ සියලු විස්තර තවමත් මෙරට බලධාරීන් වෙත වාර්තා වී නොමැත.