බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ලෝක සම්භාවිත වාස්තු උරුමයක්වූ බෝගම්බර බන්ධනාගාරයේ පුරාණ ගොඩනැගිල්ල කුඩු කරන්නට යයි…

by editor
ජූලි 23, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter
  • එකම පාදමක පිහිටි ආසියාවේ දිගම ගොඩනැගිල්ල මෙයයි… අවුරුදු 146ක් පැරණි ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක්..
  • කඩලා දාන්න හදන්නේ අලුත් සංවර්ධන සැලසුමක් සඳහාලු … අවුරුදු හතක් තිස්සේ දියත්වී ඇති සැලසුමට අනුව කළ වියදම කෝටි හතලිකයට වැඩියි…


පුරාවිද්‍යා සංරක්ෂිත ස්මාරකයක් සේ නම් කර ඇති නුවර වැදගත්ම ඓතිහාසික ගොඩනැගිල්ලක් වූ බෝගම්බර බන්ධනාගාරයේ දැවැන්ත පෞරාණික ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝණය කරමින් කඩා දැමීමට ආණ්ඩුව සූදානම්වන බව වාර්තා වේ.

යටත්විජිත යුගය නියෝජනය කරන අතිශය වැදගත් සංස්කෘතික හා වාස්තුවිද්‍යාත්මක උරුමයක් වූ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කර දැමිය යුතු බවට වූ මුල්ම අදහස පැමිණි අවස්ථාව මෙය බව ද වාර්තා වේ.



බ්‍රිතාන්‍ය යුගයේ දී ඉදි වුණු වසර 146ක් පැරණි මෙම තුන්මහල් ගොඩනැගිල්ල වෙන් නොවූ එකම පාදමක් මත ගොඩනැගූ අසියාවේ දිගම ගොඩනැගිල්ලය.

මහනුවර නගර සීමාවේ මහනුවර වැව, වේල්ස් උද්‍යානය, තරුණ බෞද්ධ සංගමය, මහනුවර නගර මධ්‍යස්ථානය (KCC) සහ මහජන පුස්තකාලය පෙනෙන මානයේ ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ පිහිටා ඇති අක්කර 11කට ආසන්න භූමියක පැතිරුණු මෙම ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයේ ඉඩම්වල මූල්‍ය වටිනාකම පමණක් ගණනය කර මීට සති තුනකට පෙර මහනුවර සංවර්ධන කමිටුවේ දී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම විසින් රජය වෙනුවෙන් මෙම යෝජනාව ගෙනැවිත් තිබේ.

ඒ අවස්ථාවේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ලේ ඇති පෞරාණික වටිනාකම පිළිබඳව දැන්වූ විට මහින්දානන් අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල අවඥාවෙයන් යුතුව එය බැහැර කර ඇත. එහෙත් ඒ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂාන් ද සිල්වා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ව්‍යුහය ශක්තිමත් බැවින් එය කඩා ඉවත්කළ යුතු නැති බවය.

අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා ඇතුළු කණ්ඩාමක් පාර්ලිමේන්තුවට ගෙන්වා කළ සාකච්ඡාවල දී දිගින් දිගටම මේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට එළඹ ඇති තමන්ගේ ස්ථාවරය මහින්දානන්ද සහ කෙහෙළිය විසින් දැඩිව දන්වා ඇත.

මේ අමනෝඥ තීන්දුවට දිළුම් අමුණුගම හැර නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ එකම තරුණ මන්ත්‍රීවරයෙක්වත් සිය කැමැත්ත පල කර නැති පසුබිමක මේ කටයුත්ත සිදුකිරීමට සූදානම් වේ.

බෝගම්බර සිර ගෙදර

බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරල්, මෙරට ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් එන්. ආර්. සෝන්ඩර්ස් විසින් 1876 වසරේ දී ය.

ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැයි පැවසේ. බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ ඔටුන්නට සමාන හැඩයක් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදි වී ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විශේෂ වැදගත්කම

බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම‍ යි.

දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද සහිතව එකම අත්තිවාරමේ මේ විශිෂ්ට ගොඩනැගිල්ල පිහිටුවා ඇත. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි.

මෙතෙක් කළ සංවර්ධනය

2013 වර්ෂයේ දී එනම්, ඉදිකිරීමෙන් වසර 138කට පසු බෝගම්බර සිරගෙදර හිස් විය. සිරකරුවන් අභිනවයෙන් ඉදිකළ පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරුකර යැවිනි. මෙම ස්ථානයේ සංස්කෘතික උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් විය.

2014 ජනවාරි 01 වන දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණි. එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිණි. ඵෙතිහාසික වටිනාකමකින් යුතු මෙම ගොඩනැගිලි සහ භූමි ප‍්‍රදේශය 2014 ඔක්තොම්බර් මාසයේදී රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භෞතික බුක්තිය හෙවත් නඩත්තු කිරීමේ අයිතිය පවරා දුන්නේය. පාලන භුක්තිය ගඟවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ විය.

මෙම ගොඩනැගිල්ලේ පෞරාණිකය හරය දැවැන්ත අර්ථයක් සහිතව ආර්ථික සම්පතකට පරිවර්තනය කර ගත හැකි ආකාරය දකිමින් වර්ෂ 2014 දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යටතේ ආරම්භ වූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය පවත්වාගන්නට 2016 දි පැවති යහපාලනන ආණ්ඩුව කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය.
ඒ කැබිනට් අනුමැතියට අනුව, බෝගම්බර බන්ධනාගාර භූමියේ නඩත්තු සහ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු ආයෝජන මණ්ඩලය වෙත පැවරිනි. ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය සඳහා සැලසුම් ව්‍යාපෘති, සහ නඩත්තු පිළිබඳ වාර්තා සියල්ල සකස් කර තිබිණි.

භූමියේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ සිටි ගෘහනිර්මාණ ශිල්පීන් සිදු කළේය.

අදියර තුනේ සංවර්ධන සැලැස්ම

අදියර තුනකින් සංවර්ධන කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබිණි. බන්ධනාගාර වට බැම්මට පිටපැත්තෙන් පිහිටි අක්කර 1.5 ක් පමණ වූ ප‍්‍රදේශය හෙවත් ඉදිරිපස අංගනය සංස්කෘතික ප‍්‍රසංග පවත්වන ස්ථානයක් ලෙස සැකසීමට යෝජනා විය. සමරු තිලිණ සහ අනෙකුත් දේශීය නිෂ්පාදන භාණ්ඩ ප‍්‍රදර්ශනය සහ අලෙවි කරන ස්ථාන, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඒ අතර විය.

ව්‍යාපෘතිය යටතේ පොදු විනෝදාත්මක කටයුතු සඳහා වෙන් වූ මහජනතාවට නිදහසේ ගැවසිය හැකි පොදු අංගනයක්ද ස්ථාපිතකොට නිම කළේය. ඉදිරි අංගනයේ පිහිටා ඇති ඵෙතිහාසික ගොඩනැගිල්ලක්වන බන්ධනාගාර අධිකාරිවරයාගේ බංගලාව මධ්‍යම ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් මහාභාණ්ඩාගාර ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන දෙසිය අනූහතයි දශම හතක් වියදම් කර නිම කළේය.

පැරණි බන්ධනාගාර වට බැම්මට ඇතුළතින් පිහිටා ඇති පරිශ‍්‍රය අක්කර හයයි දශම අටක පිහිටා ඇත. මෙම භූමියේ ඇති රෝහල් පරිශ‍්‍රය අලුත්වැඩියා කොට සෙසු කටයුතු සඳහා යොදා ගැනීමට සැලම් කෙරිණි. පරිශ‍්‍රයේ පෙර කොටසේ තරුපහේ හෝටල් දෙකක් ලෙස අලුතින් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට යෝජනා විය. මේ සඳහා රුපියල් මිලියන හත්සිය පනහක මුදලක් භාණ්ඩාගාරය මගින් අනුමත කර තිබිණි.

කන්ද උඩරට සංස්කෘතික සහ කලාව පිළිබිඹු කරන නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන ස්ථානයක්, කලා නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ආසන එකසිය විස්සකින් යුතු රංග ශාලාවක් දේශන ශාලාවක් ඉදිකිරීමට සැලසුම් විය.

පළමු අදියරේ වැඩ අවසන් වන්නේ වර්ෂ 2019 අගෝස්තු 24 වන දිනය. දෙවන අදියර එදිනම උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරිණි. බන්ධනාගාර පරිශ‍්‍රයේ කරන මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණේ රටේ නීතියට අනුවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේය. ඉපැරණි ඉදිකිරීම් කිසිවකට හානි නොවන ලෙසය.

නාහිමිවරු…

මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ශනයට හානියක් නොවන අයුරින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් විය. මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමින් අනූන බිමක් බැවින් එහි කිසිදු ගොඩනැගිල්ලකට හෝ තාප්පයට හානියක් සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ලෝක උරුම නගරයේ මහනුවර අභිමානයට කැලලක් සිදු නොවිය යුතු බවත්, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින්වහන්සේ යහපාලන රජයේ ජනපති සහ අගමැති දැනුවත් කොට තිබිණි. සංවර්ධන යෝජනා සහ සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකදීම මල්වතු අස්ගිරි පාර්ශවයන්හි ස්වාමින්වහන්සේගේ සහභාගිත්වයද ඊට ලබා ගෙන තිබිණි

ජනාධිපති ගෝඨාභය ගේ ආණ්ඩුවේ මහින්දානන්දලා කඩා දමන්නට හදන්නේ වර්ෂ 2014 දී ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේ ආරම්භ වී කෝටි ගණන් විදයම්කර සැලසුම් හදා සංරක්ෂණය කළ ලෝකයේ මිල කළ නොහැකි පෞරාණික ගොඩනැගිලිවලින් එකකි.

මේ විනාශය කිරීමට එක්කෝ මේ ආණ්ඩුව රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතුය. නැතිනම් මේ ගොඩනැගිල්ල ගැසට් කර ඇති පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතුය. නැතිනම් රටේ නීතිය බල්ලට දමා මේ ලෝක සම්භාවිත පුරා ස්මාරකය කුඩු කළ යුතුය. අනතුරුව නඩු සැඟවිය යුතුය.

සිදුවන දේ සවිඥානිකව බලාගෙන ඉන්නා ලෙස අප රටට කියන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිෂාද් ඇමති සමයේ නිල නිවසේදී මෙහෙකාරියක් දූෂණය වෙලා

Next Post

අනූෂා දමයන්ති සීඅයිඩීයට යයි

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.