බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

දළදා හාමුදුරුවන්ට උඩු වියන් බඳින්න ජීවිතය පේ කළ පින්වතී

by editor
අගෝස්තු 20, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter
  • උඩු වියන හැඩ කරන්න ගත් දා සිට ගෙවන්නෙ රාග ද්වේශ මෝහයන්ගෙන් ඉවත් වුණු බ්‍රහ්මචාරී ජීවිතයක්…

  • සාධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තියරාජයා මත තැන්පත්කරන රන්සිවිගේ ආසනය සකස් කරන්නේද ඇය විසින්.

  • සිව්වන රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයාගේ හා දෑලේ ඇතුන්ගේ ඇඳුම් සෑම වසකරම පූජා කරන්නේත් ඇයයි.

  • ව්‍යාපාර සියල්ල බදු දීලා අවුරුද්දේ මාස 09ක් කැපවෙන්නෙ මේ කටයුත්තට…

පෙරහර යනුම චිරාගත සම්ප්‍රදායකි. ඒ මහා සම්ප්‍රදායේ මනරම් ප්‍රකාශනය පෙරහර ප්‍රදර්ශනයේ විචිත්‍රත්වය ය. ඒ ගාම්භීර ප්‍රකාශනය මැවෙන්නේ පෙරහර හැඩ ගන්වන ශිල්පීන්ට එහා පැතිරුණු පාරම්පරික සංස්කෘතික පදනමක් මතය. එහි ගැඹුරු අක් මුල් බැලූ බැල්ම ට පෙනෙන්නේ නැත.

ඇසළ පෙරහර සම්ප්‍රදාය

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට පසුපසින් නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල පෙරහර ගමන් ගනී. පත්තිනි දේවාල පෙරහරට පමණක් කාන්තා නියෝජනයක් ඇති මහනුවර ඇසළ පෙරහරෙහි සුවිශේෂි එක් ලක්ෂණයක් ලෙස කාන්තා නියෝජනය නොමැති වීම ඉතිහාසයේ පටන්ම පැවත එන්නකි.
කෙටි ගමන් මාර්ගයකින් ආරම්භවී ක්‍රමයෙන් එම පෙරහර සහභාගිත්වය වැඩිකොට පෙරහරේ මග දීර්ඝ වීම මහනුවර පෙරහරේ තවත් ලක්ෂණයකි. කුඹල් පෙරහර පහකින් පසු ආරම්භ වන රන්දෝලි පෙරහරේදී අලි ඇතුන් වර්ණවත් ඇඳුම් වලින් සරසා පෙරහරේ විචිත්‍රත්වය තවත් ඉහළ නැන්වීමද රජ දවස පටන් පැවත එන තවත් සම්ප්‍රදායකි. අලි ඇතුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ලංකාවේ එකම පෙරහරත් පාවඩ සහ උඩු වියන් සහිතව සධාතුක කරඩුව වඩම්මවාලන එකම පෙරහත් මෙයය.
සිව්වන හා අවසන් රන්දෝලි මහ පෙරහරේ දී සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා ගමන් කරන්නේ උඩුවියන් ඇතිව පාවඩ මතිනි. උඩුවියන් හා පාවඩ මතින් සාධාතුක කරඬුව වැඩමවාගෙන දෑලේ ඇතුන් සමඟ මහනුවර දළදා පෙරහරේ ගමන් කරන මංගල හස්තිරාජයාගේ සම්ප්‍රාප්තිය පෙරහරේ උච්චතම අවස්ථාව ද වන අතර පෙරහර නරඹන බැතිමතුන් සාධුකාර හඬ නංවමින් පෙරහර කරඬුවට වන්දනා මාන කරමින් ආශිර්වාද ලබා ගන්නා අවස්ථාවද මෙයය.

පාවාඩ දැමීම සහ උඩුවියන් ඇල්ලීම

දළදා මාලිගා පෙරහරේ කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයාට පාවඩ එලීමටත් උඩුවියන් ඇල්ලීමටත් පාරම්පාරම්පරික උරුමකරුවෝ සිටිති. කාරියකරන කෝරාළ භාරයේ ඇති උඩුවියන ඇල්ලීමේ කටයුත්තට 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන්නේ වරකට අට දෙනා බැගින් මාරුවෙන් මාරුවට එම කාර්යයට උරදෙමිනි. උඩුවියන ඉහළට ඔසවා තැබෙන අඩි 25 කට වඩා උස ලී දඬු හතරක ඔසවා ගෙන යාමට හතර දෙනෙකුද උඩුවියනේ සිව් කොන්වල සිට ඇද ඇති කඹ ඇද අල්ලා ගැනීමට හතර දෙනෙකු ද වරකට සම්බන්ධ වෙති.

එම අවස්ථාව අලංකාරවත් කිරීමට දායක වන පිරිස් අතර උඩුවියන් හැඩ කිරිමට වෙහෙස ගන්නා පින්වත් පිරිසක් පානදුරෙහි සිටී. පෙරහර වර්ණවත් කරන්නට උර දෙන්නෝ අතර ඔවුහු සුවිශේෂී වෙති. උඩුවියන තනා එය සිත්කළු ලෙස නිර්මාණය කිරීමේ කාර්යයට වසර හතක් තිස්සේ එලෙස උරදී කටයුතු කරන්නේ කාන්තාවකි. ඇය නමින් පානදුරේ සාගරිකා තිරිමාන්නය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අශෝකමාලා පරපුරේ පින්වතී

දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරිමට අශෝකමාලා අනේක වෙහෙසක් ගත් අතීතය අපි අසා ඇත්තෙමු. අශෝකමාලා පරපුර සිහිගන්වන තරමටම කැපවෙමින් පේ වෙමින් බැති සිතින් උඩුවියන් නිර්මාණයේ නියැලෙන තිරිමාන්න මහත්මියද පින්වන්තියකි.

සාගරිකා තිරිමාන්න

ඇය දැක්වු අදහස් ඊට සාක්ෂි සපයයි.

“ මේ උතුම් කටයුත්තට උර දීමට පින පහළ වූ පසු මම රාග,මෝහ,ද්වේෂ සියල්ල අත්හැර බ්‍රහ්මචාරි ජීවිතයකට හුරුවුණා. දැන් මම මේක කරන්නේ බුදුන් වහන්සේ උදෙසා කරන ආත්ම පූජාවක් ලෙස සලකලයි…”

මහනුවර දළදා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරන මංගල හස්තියරාජයා මත තැන්පත්කර තිබෙන රන්සිවිගේ ආසනය සකස් කරන්නේද ඇය විසිනි. එසේම සිව්වන රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයාගේ හා දෑලේ ඇතුන්ගේ ඇඳුම් සෑම වසකරම පූජා කරන්නේද ඇය විසිනි.

“ මේ පාර මම මංගල හස්තිරාජයාගේ ඇඳුමට යොදා ගත්තේ භේරුණ්ඩ පක්ෂියාගේ රූපයක්. උඩුවියනේ හතර කොන් වලට හතරවරන් දෙවිවරු පිළිඹිබු කරන්න ලොකු නෙළුම් මල්ද අට කොනේ සෙසු දෙවිවරු පිළිඹිබු කරන්න නෙළුම් මල් අටක්ද යොදා හැඩ කළා. අපි දළදා වහන්සේට වන්දනාමාන කරන්නේ ජීවමාන බුදුන් ලෙස සලකලයි. පෙරහර මංගල්‍යයේදී දළදා වහන්සේ වැඩම නොකෙරුවත් සධාතුක කරඬුවට අපි උපරිමයෙන් ගෞරව දක්වනවා.

උන්වහන්සේ වැස්සෙන්, පින්නෙන් ආරක්ෂාකර ගන්න තමයි පෙරහර මංගල්‍යයේදී උඩුවියන් අල්ලන්නේ. සතර වරම් දෙවිවරුන්, මාතෘ දිව්‍ය රාජයා, විශ්වකර්ම දිව්‍ය රාජයා බුදුන් වන්දනා කරන්න මේ වියන් තලයට වඩින බව පාරම්පරික විශ්වාසයයි. ඒ නිසා අපි මේ වියන තල කිහිපයකින් නිර්මාණය කරනවා. සිතේ භක්තිය වැඩිකරන ලා වර්ණ තමයි යොදා ගන්නේ. උඩුවියන හා ඇතුළු වියන කියලා මේක කොටස් දෙකකට බෙදෙනවා.

වියන හැඩ කරමින්…

වියන ඉහළින්ම තිබෙන්නේ කොත් වහන්සේයි. පිටත වියන හැඩ කරන්න මැණික්, තඹ පත්තිරු, ගල්වැල් වගේ දේවල් යොදා ගන්නවා. වතුර නොරැදෙන පුස් නොඅල්ලන ඉතා මිල අධික රෙද්දක් තමයි වියනට යොදා ගන්නේ. ඇත්තටම මාස නවයක පමණ කාලයක් යනවා වියනේ වැඩ ඉවර කරන්න. අවුරුද්දෙන් අවුරුද්දට මම මේකේ මෝස්තර වෙනස් කරනවා .පැරණි බෞද්ධ සිතුවම් කලාව අධ්‍යනය කරමින් ඒහා සම්බන්ධ මෝස්තර තමයි යොදා ගන්නේ…” තිරිමාන්න මහත්මිය පැවසුවාය.

කොවිඩ් අතරෙ වියන හැදූ හැටි

“ මෙවර කොවඩි වසංගත තත්ත්වයත් සමඟ කොළඹ නිවසට වී වියන හා හස්ති වස්ත්‍ර සකස් කරන්න අමාරුයි. මේ සද්කාර්යයට සම්බන්ධ වෙලා වියනට ගල්වැලක් හරි අල්ලන්න උනන්දු බොහෝ පිරිසක් ඉන්නවා. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඒක ලොකු අවදානමක්. ඒ නිසා මම වියනේ සකස් කරන්න කන්ඩක්කුලම ගමට ගියා. ඒ ගමේ පවුල් 20 ක් පමණ මේකට සම්බන්ධ වුණා.

දළදා මාලිගාවේ රන් වියන ආකාරයට තමයි මේ පාර වියන නිර්මාණය කළේ. වෛද්‍යවරියක් වන ෂමල්කා ඩී. සිල්වා දියණිය මේ පාර සධාතුක කරඬුව වැඩම කරන හස්තිරාජයාගේ ඇඳුම නිර්මාණය කළා. ඉංජිනේරුවරියක් වන පමෝදා දියණියත් හැමදාම මේ පුණ්‍යකර්මයට දායක වෙනවා. විජය බාසුන්නැහේ ඇතුළු විසි දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මේ කර්යයට උරදී සිටිනවා. හැම දෙනාම නිර්මංශකයි.

වැඩ නිම කළ වියන…

පෙර කළ පින

අපිට මේ කාර්යය පැවරිලා තියෙන්නේ පෙර කළ පිනක් නිසයි. හතරවන රන්දෝලි පෙරහර දවසේ උදේ උඩුවියනේ වැඩ අවසන් කරලා කාරියකරවන කෝරාළට බාරදෙනවා. අපි හැම වෙලාවෙම උඩුවියන් දෙකක් හදලා තියා ගන්නවා. මොකද සුළු හෝ අත්වැරදීමක් නිසා උඩුවියනට හානියක් වුනොත් ඒ වෙනුවට පාවිච්චි කරන්න තවත් එකක් තිබිය යුතුයි…” ඇය පවසන්නීය.

මේ මහ උතුම් පුණ්‍යකර්මයට දායක වීමේ වාසනාව ලද පුණ්‍යන්තිය වන සාගරිකාගේ අපේක්ෂාව මතුදිනක ගිහි ගෙය හැරයාමය. සැමියා මහේන් ප්‍රියන්ත කුරුප්පුආරච්චි ඇය හා සෙවණැල්ල මෙන් සිටිමින් මේ කාර්යයන් සඳහා උපරිම සහය ලබා දෙන්නේ ඔහුද සියල්ල අත්හැර බුදුන් මග යෑමේ අදහසිනි.

දියණිය සචිනි කුරුප්පුආරච්චි වෘත්තියෙන් වෛද්‍යවරියකි. පුතා කිරුළු තිවංක කලමණාකාර අධ්‍යක්ෂවරයෙකි. ව්‍යපාර සියල්ල බදු දී මේ අඹුසැමි යුවළ දැන් සෑම මොහොතක්ම වෙන්කර තිබෙන්නේ මෙවන් වූ පුණ්‍යකටයුතු උදෙසාය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පන්සල් ගානේ ගිහින් අඳෝනා නගන්න දේශබන්දුලා යැව්වේ කැබිනට් ඇමතිවරයෙක්…

Next Post

ඔක්සිජන් රැගත් ශක්ති නැව අද අලුයම  චෙන්නායි වරායෙන් පිටත් වෙයි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.