බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

by editor
නොවැම්බර් 9, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

ප්‍රවීණ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී, ලේඛක ශෂි සුබ්‍රමනියම් විසින් ඩී. සුඩ්ඕෂ්වයිස් (Did Sudostschweiz) පුවත්පතට ජර්මන් බසින් ලියන ලද ලිපික  පරිවර්තනයකි.                                                                                    ලංකාසර වෙනුවන් ජර්මන් බසින් සිංහලට නැගුවේ 

සුනේත්‍රා ඇතුගල්පුර

කොරෝනා වසංගතය විසින් අපගේ ජීවිතයට එල්ල කළ ප්‍රධානතම බලපෑම් නම් අපගේ විනෝදයේ සීමා සලකුණු  කිරීමය. අපගේ ජීවිතයට විනෝදය ගෙන එන උත්සව හා හමුවීම් , බහුතරයක් දැනටමත් එමගින් අවලංගු කොට තිබේ .

කොරෝනා වසංගතය ළමුන්ගේ විනෝද ජීවිතයට එල්ල කොට ඇත්තේ කුමන බලපෑමක් ද ?

helloween රාත්‍රිය සදහා සැරසුණු සිඟිත්තියක්…

ළමුන් ස්වභාවිකම සතුටින් සිටින පිරිසකි .ඊට හේතුව වන්නේ ඔවුන්ගෙ විනෝදය අනිකා මත දැඩි ලෙස රදා නොපවතින බැවිනි. වැඩිහිටි අපගේ විනෝදය එසේ නොවේ. එය අනෙකා සමග බැඳී පවතී .
helloween රාත්‍රිය ළමුන්ගේ විනෝද රාත්‍රියකි. මම වසර කිහිපයක් අනුක් සහ සංජලී සමග ගෙයින් ගෙට ගොස් helloween රාත්‍රිය සැමරූ අතර ළමුන් නැවත පැමිණියේ විශාල රසකැවිලි පොදියක් සමගිනි .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ වසරේ ඊට මා තුළ එතරම් විශාල ඇල්මක් නොතිබුණු අතර ඒ සඳහා බලපෑම් කළේ මගේ දියණියයි .
ඒ අනුව අපි රාත්‍රී 6.30 ට පමණ නිවසෙන් පිටතට ගියෙමු .ඒ වන විටත් මුළු පලාතම කළුවර වී තිබිණි .සංජලී හා අනුක් මුලින්ම ගිය නිවෙස් කීපයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණ . අනතුරුව සංජලී ගෙ යෝජනාව වූයේ සිය පාසල් මිතුරෙකු වන ජැක්ස් ගේ නිවසට යාමය. සංජලී ගෙ යෝජනාව ඵල දැරූ අතර ජැක්ස් අනුක් ට හා සංජලී ට යහමින් රසකැවිලි ප්‍රදානය කළේය.

ජැක්ස් අනුක් ට හා සංජලී ට යහමින් රසකැවිලි ප්‍රදානය කළේය

ඉන් අනතුරුව ළමුන් දෙදෙනා ගමන් කළේ ගිය වසරේ ඔවුන්ට රස කැවිලි වලින් සංග්‍රහ කළ තවත් නිවසකට ය  එම නිවසට ඇතුළු වන දොරටුව අසල රසකැවිලි බහලු වට්ටියක් තිබිණි. කොරෝනා වසංගතය නිසා දරුවන්ගේ සතුට නැති කළ යුතු නැති බව මෙම අසල්වැසියා සිතා ඇති බවට මෙය කදිම නිදසුනකි .

හෙලෝව්න් දින රාත්‍රියේදී විවිධ ඇදුම් වලින් සැරසුණු ළමුන් බොහෝ පිරිසක් දක්නට ලැබුණත් මෙවර එය එසේ නොවිණි. මග තොටේ දී අපට හමු වුණේ සීමිත ළමුන් පිරිසකි. ගෙවත්තක් සහිත එක් විශාල නිවසක ළමුන් සෙල්ලම් කරන හඬක් ඇසුණි. ඇතැම් විට ඔවුන් ගෙමිදුලේ hellowing රාත්‍රිය සැමරුවා වන්නට ඇත. එම නිවසේ දොරටුව අසලට අප ළඟා වන විට දරුවෙකුගෙ කටහඬින් මෙවැන්නක් ඇසුණි .

“corona නිසා අපි රසකැවිලි දෙන්නෙ නැහැ ,සමාවෙන්න “දරුවා කීවේය .

පහන් දල්වා රසකැවිලි වට්ටියක් දරුවන් වෙනුවෙන් තබා තිබූ අයුරු

එසේ නමුත් තමුන්ට ලැබුණු රස කෑලිවලින් අනුක් හා සංජීලි සතුටු බවක් පෙනිණි.

පැයක පමණ කාලයකට පසුව අප නිවස කරා පැමිණෙන අතර තුර මහ මගදීම ඔවුන් දෙදෙනා රසකැවිලි වල රස බැලීමද ආරම්භ කොට තිබිණි .

නිවසට පැමිණී මට දැනුන දෙයක් වන්නේ මෙවර helovin එතරම් විනෝදයක් ගෙන නොදුන් බව ය. නමුත් සංජලී හා අනුක් සිටියේ සතුටිනි. ඒ විනෝදය තිබෙන්නේ තමා ගෙන් පිටත නොව ,තමා තුළ බව පසක් කර දෙමිනි .

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල්. මාර්ගෝපදේශ සූදානම්… තරග සංවිධානයට ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි…

Next Post

නාගදීපයෙනුත් සෙත් පිරිත් ඇසෙයි…

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.