අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝකයෙන් වඳවෙලා ගිය දේදුණු පාට තක්කාලිවල කතාව..

by editor
ජනවාරි 14, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා –
මහජන සෞඛ්‍ය පරීක්ෂක , දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව

තක්කාලි කියන්නේ පෝෂණ සහ ඖෂධීය ගුණයෙන් බොහොම ඉහළ ජනප්‍රිය එළවළුවක්. සමහරු මේක පලතුරක් විදියටත් සලකනවා. තක්කාලි උපන්නේ ලතින් ඇමරිකානු රටක්වන පේරුවල. ස්පාඤ්ඤකාරයෝ යුරෝපෙට තක්කාලි හඳුන්වල දුන්න කියලයි කියන්නේ.

කොහොමත් ස්පාඤ්ඤේ ඇත්තො තක්කාලි වගාවටයි, කෑමටයි හරිම මනාපයි. ඒ ඇත්තෝ අවුරුද්දේ එක කාලෙකට තක්කාලිවලින් විනෝද ක්‍රීඩාවකුත් කරනවා . මේ තක්කාලි කෙළියට කියන්නේ ලා ටොමැටිනා කියල. (La Tomatina)
ස්පාඤ්ඤ, ලන්දේසි, පෘතුගීසි , ඉංග්‍රීසි කාරයෝ උන් අල්ලගත්තු රටවල්වලටයි, ගණුදෙනු කරාපු රටවල්වලටයි තක්කාලි අරන් ගිය නිසා ලෝකය පුරාම තක්කාලි ව්‍යාප්ත වුනා. ලංකාවටත් තක්කාලි හඳුන්වල දෙන්න ඇත්තේ පෘතුගීසිකාරයෝ වෙන්න ඇති.

ලෝකය පුරා විවිධ තක්කාලි වර්ග 10,000 ක් විතර තිබුනා කියලයි කියන්නේ. ඒවා තද රතු පාට සිට රෝස පාට දක්වාත්, කහපාට සිට සුදුපාට දක්වාත්, සමහර විට නිල්, තද දම්, කළු පාට වගේ තද වර්ණයෙන්ද යුක්ත විය හැකියි. මේවා දෙමුහුන් වර්ග නොවන අතර, පාරම්පරික ප්‍රභේද , වල් දර්ශ (Heirlooms) කියලත් කියනවා. ⁣මේ පිංතූරයේ දැක්වෙන්නේ ඒවායින් කිහිපයක් . මේවා ගුණයෙන්, හැඬයෙන් සහ රසයෙන් විවිධයි.

ඒ කාලේ සුද්දො හඳුන්වල දීපු මේවායින් දර්ශ කීපයක් තාමත් ලංකාවේ ඉතුරුවෙලා තියෙනවා . දැන් අපි පාරම්පරික තක්කාලි, කියල කියන්නේ ඒ තක්කාලි වර්ග වලට.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔය කීව පාරම්පරික එහෙම නැතිනම් වල් දර්ශ කියල කියන එවුවා මිනිස්සුන්ගේ මැදිහත්වීමක් නැතිව ස්වාභාවිකව විවෘත-පරාගණය, ඒ කියන්නේ මීමැස්සන්, කෘමීන්, කුරුල්ලන් හෝ සුළඟින් පරාගනය වීමෙන් බිහිවුණු ප්රභේද. පාරම්පරිකව සුරකින ලද බීජ වලින් ඒවා තාමත් ලොව පුරා සීමිත ගොවීන් පිරිසක් වගා කරනවා. කොහොම වුනත් මේ සමහර ප්‍රභේද පරිසරයට හොඳින් ඔරොත්තු දෙන බවත්, රෝග පලිබෝධවලට ප්‍රතිරෝධී ගුණාංග පෙන්වන බවත්, පෝෂණ හා ඖෂධීය ගුණයෙන් විශිෂ්ඨ බවත් කියැවෙනවා.

කොයික කොහොම වුනත් සමහර මූලාශ්‍ර පවසන්නේ 1910 දී ලෝකයේ පැවති ප්‍රභේදවලින් 80% කට වඩා දැන් වඳ වී ගොස් ඇති බවයි. පැරණි ප්‍රභේද කිහිපයක් පමණක් තවමත් ගොවීන් අතර සුරැකිව තියෙන බවත් ඔවුන් කියනවා.

පැරණි ප්‍රභේද කෙරෙහි ලෝකය පුරාම මේ වනවිට ඇති උනන්දුව වැඩි වීමත් සමඟ බීජ බැංකු සහිත බීජ සුරැකීමේ සංවිධාන ලොව ඇතැම් රටවල්වල ජනප්‍රිය වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේත් එවැනි බීජ සුරකින සංවිධාන බිහි වී තිබීම සතුටට හේතුවක්. පාරම්පරික බීජ ලබා ගැනීමේ හැකියාව වැඩි වීම සහ පැරණි ප්‍රභේද පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වීමත් සමඟ කුඩා ගොවීන්, කාබනික ගොවීන්, මේවන විට වෙළඳපොළ සඳහාද මේ තක්කාලි වර්ග වගා කිරීමට පටන් ගෙන තිබීම හොඳ ප්‍රවණතාවයක්.

ලංකාවේ ඇත්තන්ට දැන් සමාගම්වලින් විකුණන දෙමුහුන් තක්කාලි බීජ වගා කිරීමත්, කඩේ විකුණන තක්කාලි ගෙඩියක් මිල දී ගන්න එකත් කියන මේ කාරණා දෙකම බොහොම බරපතල විදියට මුදල් පසුම්බියට දැනෙන කාරණාවක් නිසා ගෙවත්තේ මේ ජාතියේ තක්කාලි ගහක් දෙකක් වගා කර ගන්න එක බොහොම වටිනවා කියල විශේෂයෙන් කියන්නට ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශීය කාන්තාවන් යොදාගෙන පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් වටලයි!…

Next Post

බෝට්ටුවෙන් ප්‍රංශයට යන්න හැදූ 46ක් ගුවන් මගින් ලංකාවට…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.