බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

වෙනස් රසයක මිහිර කියන අපූරු මැලේ කෑම වට්ටෝරු 8ක්

by editor
අගෝස්තු 1, 2020
in ලිය වරුණ
Malay-Foods
Share on FacebookShare on Twitter

මුස්ලිම් කිව්වත් අරාබි කිව්වත් මැ‍ලේ කිව්වත් ඒ වචන ටික ඇ‍හෙද්දිම මතක් ‍වෙන්‍‍නේ එක්‍‍කො වටලප්පම්… නැත්නම් බිරියානි. හැබැයි ඉතින් අපි ‍නොදන්නව වුණාට මේ මුස්ලිම්වරු අතරේ ජනප්‍රිය කෑම ‍ගොඩක් ති‍යෙනවා. අද අපි කියලා ‍දෙන්‍‍නේ ඔවුන්ට ආවේනික, ඒ නිවෙස්‌වල නිතර සැකසෙන ‍හෝ උත්සව අවස්‌ථාහිදී සාදා ගන්නා සාම්ප්‍රදායික කෑම වර්ග කිහිපයක්.

 1. නෝම්බු කන්ජි

කන්ජි කියන්‍‍නේ කැඳවලට. ‍මේ කැඳ වර්ගය මුස්ලිම්වරු හදා ගන්‍‍නේ ‍නෝම්බි කා‍ලෙට එ‍හෙම නැත්නම් නිරාහාරව ගත කරන වකවානු‍වේදි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්බා හාල් කෝප්ප 1/2
    පියලි කරගත් මුං ඇට කෝප්ප 1/2
    ඔලිව් ‍තෙල් මේස හැඳි 2
    කුරුඳු පොතු/ එනසාල්/ කරාබුනැටි
    සූදුරු පින්ච් එකක්
    සුදුලූනූ බික් 2
    කපාගත් ලූනූ ගෙඩියක්
    කපාගත් තක්කාලි ගෙඩියක්
    අමුමිරිස් කරල් 2
    ‍කලා ගත් මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ටිකක්
    කටු ඉවත් කර අඹරා ගත් එළුමස් ග්‍රෑම් 100
    වතුර කෝප්ප 5
    මිටිකිරි කෝප්ප 1/2
    ලුණු

පළමුව හාල් සහ මුං ටික විනාඩි 10ක් පමණ පෙඟෙන්න තබන්න.  රත් වූ ‍තෙල සහිත බඳුනකට කුරුඳු පොතු, එනසාල්, කරාබුනැටි හා සුදු ලූනූ දමා බැද ගන්න. ලූනූ, තක්කාලි හා අමුමිරිස්, මින්චි කොළ හා කොත්තමල්ලි කොළ දාගන්න ද දැන එයට එකතු කර මිශ්‍ර කරගන්න. හොඳින් තෙම්පරාදු වූ පසු එළුමස් එක් කර කලවම් කරගන්න. දැන් පෙඟෙන්න දැමූ හාල් සහ මුං ටික එයට එක් කර වතුර කෝප්ප 5ක් දමා බාජනය වසා පි‍සෙන්න හරින්න. විනාඩි 20කටපසු පියන හැර මිටිකිරි හා ලුණු දමා ගන්න. කැඳ ගතිය මදිනම් තවත් වතුර එකතු කරගන්න් පුළුවන්. ‍හොඳින් උකු වූ පසු ලි‍පෙන් බා ගන්න.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

2. මල් ගෝවා මැල්ලුම

මල් ගෝවා (Cauliflower)කියන්‍‍නේ මැලේවරුන්ගේ ආහාර විශේෂයක්‌. ඉතින් මැලේ ගෘහණියන් අතින් නිතර ‍දෙ‍වේ‍ලේ සැක‍සෙන කෑම වට්‍ටෝරුවක් තමයි මල් ගෝවා මැල්ලුම කියන්‍‍නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති කැපූ මල් ගෝවා ග්‍රෑම් 150 ක්‌
    කැබැලි කපා ගත් ලොකු ලූනු ගෙඩි 1/2 ක්‌
    සිහින්ව කැපූ අමු මිරිස්‌ කරලක්‌
    වියළි මිරිස්‌ කැබලි තේ හැඳි 1/2 ක්‌
    අබ ඇට තේ හැඳි 1/4 ක්‌
    හොඳින් අඹරා ගත් උම්බලකඩ හෝ වියළි ඉස්‌සන් කැබලි තේ හැඳි 1/2 ක්‌
    පොඩි කර ගත් දුරු තේ හැඳි 1/4 ක්‌
    දුරු ඇට තේ හැන්ඳක්‌
    පෙති කැපූ සුදු ලූනු බික්‌ 02 ක්‌
    කහ මේස හැඳි 1/4 ක්‌
    දෙහි යුෂ තේ හැඳි 1/4 ක්‌
    කරපිංචා කොළ 6-8 ක් පමණ
    සිහින්ව ගා ගත් පොල් කෝප්ප 1/2 ක්‌
    වතුර කෝප්ප 1/4 ක්‌
    ගම්මිරිස්‌ සහ ලුණු ස්‌වල්පයක්‌
    තෙල් ස්‌වල්පයක්‌

සුදු ලූණු , කරපිංචා, ලුණු, අමු මිරිස්‌, අබ ඇට, දුරු, වියළි මිරිස්‌ තෙලට දමා රන්වන් පැහැවන තෙක්‌ බැදගන්න. ඉන්පසු එයට උම්බලකඩ හෝ වියළි ඉස්‌සන් කුඩු සහ කහ එකතු කරන්න. මල් ගෝවා, දුරු වර්ග ද එක්‌ කරන්න. බැද ගන්නා ලද පොල් ද එකී මිශ්‍රණයට එකතු කරගන්න. දැන් මිශ්‍රණය සුදුසු බඳුනකට දමා වතුර එක්‌කොට පියනකින් බඳුන වසා  මිශ්‍රණය මෙළෙක්‌ වන තෙක්‌ තත්පර කීපයක්‌ ලිප මත තිබෙන්නට හරින්න. පසුව ගම්මිරිස්‌ සහ ලුණු එක්‌කොට දෙහි යුෂ ස්‌වල්පයක්‌ ද පිස ආහාරයට ගන්න.

3. බීෆ් කබ්සා


මැ‍ලේ කෑම කිව්‍වොත් මතක් ‍වෙන්‍නෙම බුරියානි ‍නේ… ‍මේ කියන්න යන්නෙත් බුරියානි හදන විදිහ ගැන නම් ‍නෙ‍වෙයි. ඒ ව‍ගේ තවත් රසවත් බත් වර්ගයක් ගැන

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හාල් කෝප්ප 3
    තලා ගත් ලූනූ ගෙඩි
    තලා ගත් සුදුලූනූ
    කුරුඳු කොළ 3
    කරදමුංගු 3-4
    කුරුඳු පොතු කෑලි 2
    සුදු ගම්මිරිස් තේ හැන්ඳක්
    දෙහි ඇඹුල් මේස හැන්ඳක්
    තක්කාලි පියුරි කෝප්ප 2
    කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500 ලුණු

සෝදා ගත් හාල් වතුරෙ විනාඩි 15ක් පෙඟෙන්න තබන්න. බත උයාගන්න ප්‍රමාණවත් භාජනයකට තෙල් දමා ලූණු ටික රන්වන් පැහැ ගැන්‍නෙව ‍තෙක් බැඳගන්න. ලූනූ බැඳි ‍ගෙන එන විට එයට මස් කැබැලි එකතු කරන්න. සුදු ලූණු, කුරුඳු කොළ, කරදමුංගු, කුරුඳු පොතු, දෙහි ඇඹුල්, සුදු ගම්මිරිස් හා තක්කාලි පියුරි ද එක් කරගන්න. දැන් රස අනුව ලුණු ද වතුර කෝප්පයක් ද එක්කර විනාඩි 25ක් පමණ මද ගින්දරේ පිසගන්න. ඉන්පසු තවත් වතුර ‍කෝප්ප බාගයක් වගේ එක් කර හාල් ටික දමා බත පිසගන්න

4. නිවිති කොළ බැඳුම (Stirfry Spinach)

මැලේ ගෘහණියන් ප්‍රධාන ආහාර ‍වේලට එකතු කර ගන්න තවත් ප්‍රනීත අතුරු කෑමක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • නිවිති මිටි 01ක්‌
    ‍පෙති කපා ගත් ලොකු ලූනු ගෙඩි 1/2
    කපා ගත් අමු මිරිස්‌ කරල් 1/2 ක්‌
    ‍පෙති කපා ගත් තක්‌කාලි ගෙඩි 1/2 ක්‌
    පොඩි කරගත් වියළි මිරිස්‌ තේ හැඳි 1/2 ක්‌
    අබ ඇට තේ හැඳි 1/4 ක්‌
    උම්බලකඩ කැබලි මේස හැන්ඳක්‌
    කහ කඩු මේස හැඳි 1/4ක්‌
    රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්‌
    තෙල් ස්‌වල්පයක්‌
    වතුර කෝප්ප 1/4 ක්‌ (අවශ්‍ය නම්)

නිවිති මිටි‍යේ කොළ සහ මෙලෙක්‌ දඬු කැබැලි කර හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. ලොකු ලූනු, අමු මිරිස්‌, තක්‌කාලි, කහ, අබ ඇට සහ උම්බලකඩ තෙලෙහි දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක්‌ බැදගන්න. දැන් කැබලි කරගත් නිවිති එක්‌කරන්න. ලුණු ස්‌වල්පයක්‌ ද එක්‌ කොට මද වේලාවක්‌ ලිපේ තබන්න. නිවිති කොළ වල පැහැය ‍වෙනස් වීමට ‍පෙර ලි‍පෙන් බා ගත යුතුය. යම් ‍හෙයිකින් ව්‍යංජනය වියළි ස්‌වභාවයක්‌ ගන්නේ නම් පමණක්‌ වතුර කෝප්ප 1/4 ක ප්‍රමාණය එකතු කර ගන්න. අර අපි කලින් හදපු ‍ගෝවා මැල්ලුමයි, බීෆ්  කබ්සා එක්කයි ‍මේ හදපු  නිවිති ‍කොල බැදුම කදිමට ගැල‍පෙනවා.

‍5. ගෝවා ව‍ඩේ

‍ගොවා ව‍ඩේ බත් සහ පරිප්පු හෝ රසම් එක්ක එකතු කර ගන්න අතුරු කෑමක්.  එ‍හෙම නැතිනම් ‍‍තේ එකක් කෝපි එකක් ‍බොන ‍වෙලාවට වුණත් කෑවට කමක් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කපා ගත් ගෝවා  කෝප්ප 2
    කඩල පරිප්පු   ¾
    තෝර පරිප්පු  ¼ ‍‍
    උලුඳු   ¼
    සිහින්ව කැපූ මිරිස් කරලක්
    කොත්තමල්ලි තේ හැදි 2 ක්
    කරපිංචා ‍‍කොළ 4-5 ක්
    ‍බේකිං ‍සෝඩා ස්වල්පයක්
    තුනපහ ‍තේ හැන්දක්
    ලුණු ස්වල්පයක්
    තෙල් ස්වල්පයක්
    විනාකිරි ස්වල්පයක්
    දුරු  ‍තේ හැඳි 1/2
    ජලය වතුර ‍‍කෝප්පයක්

පළමුව, භාජනයකට කඩල පරිප්පු, තෝර පරිප්පු, උලුඳු ඇට දමා  පැය 2 ක් පමණ ජලයේ පොඟවා ගන්න. ‍හොඳින් ‍පෙඟුණු පසු වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කර තවත් විනාඩි 10 ක් පමණ තබන්න. දැන් ඒ සියල්ල බ්‍ලෙන්ඩරයකට දමා වතුර එකතු නොකර අ‍තේ ‍නොඇ‍ලෙන තරමට මිශ්‍රණයක් සකසා ගන්න. එම මිශ්‍රණය බඳුනකට දමා එයට ‍බේකින් ‍සොඩා කලවම් කරන්න. දැන් ගෝවා, මිරිස්, කොත්තමල්ලි, කරපිංචා කොළ, දුරු, තුනපහ, විනාකිරි සහ ලුණු එක් කර හොඳින් මිශ්‍ර කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණ‍යේ දියර ගතිය වැඩි වූ‍වොත් සහල් පිටි තේ හැඳි 2 ක් එකතු කර මෘදු පිටි ගුලියක් සාදන්න. දැන් එයින් කුඩා පිටි ගුලි කඩා ‍ගෙන එයට ‍තෙල් ආ‍ලේප කර අල්‍ලේ තබා සමතලා කරගන්න. දැන් එය ගැඹුරු ‍තෙ‍‍ලේ රන්වන් පැහැයක් ගන්නා බැද ගන්න.

6. ඔරොට්ටි

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් හාල්පිටි කෝප්ප 2
    ගාගත් පොල් කෝප්ප 3/4
    ‍‍බේකින් ‍සෝඩා සුවල්පයක්
    ඔලිව් ‍‍තෙල් ස්වල්පයක්
    ලුණු

හාල්පිටිවලට පොල් එකතු කර ලුණු රස අනුව දමා කලවම් කරගන්න. එයට උණු වතුර ටික ටික එකතු කරමින් ඩෝ එක සාදා ගන්න. සාදා ගත් ‍ඩෝ එක පැය 1/2ක් පමණ ‍හොඳින් වසා තබා ‍ගෙන. ඊට පස්සෙත් තව ටිකක් හොඳට අනලා තෙල් ගාගත් තැටියකට තුනී කරලා, රොටිය පුච්චගන්න.

7. බීට් හුම්මස්

හුම්මස් කියන්‍‍නේ මැද පෙරදිග සියවස් ගණනක් පැරණි අරාබි ආහාර වට්‍ටෝරුවක්.. මුස්ලිම්වරු අතර ජනප්‍රිය අරාබි ‍රොටි ව‍ගේ ‍රොටි වර්ගවල තවරා ආහාරයට ගන්න ව‍ගේම සලාදවල ‍ඩිප් එකක් ‍හෝ ‍ටොපිං එකක් විදිහටත් ‍හුම්මස් ‍‍යොදා ගන්නවා. අරාබිකර‍යේ හුම්මස් හඳුන්වන්‍‍නේ ඉතා සෞඛ්‍ය සම්පන්න, ග්ලූටන් රහිත, කිරි රහිත ආහාරයක් විදිහටයි. අද කියල ‍දෙන්‍‍නේ බීට්රූට් කවලම් කරලා හදන හුම්මස් වුණාට බීට් නැතිව අනිත් කලමණා එකතු කරලා වුණත් හුම්මස් හදා ගන්න පුලුවන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා වතුර ඉවත් කර ‍වේලා ගත් කඩල කෝප්ප 1/4
    ‍රෝස්ට් කර ‍පොඩි කර ත් ගත් බීට් ‍ගෙඩියක්
    තල ‍පේස්ට් ‍තේ හැඳි 1/4
    තල ඇට ස්වල්පයක්
    ඔලිව් තෙල් කෝප්ප 1/4 ‍
    තලා ගත් කරාබු නැට්ටක්
    තලා ගත් සුදුළූණු බික් 2 ක්
    ලෙමන් යුෂ කෝප්ප 1/3
    දුරු ‍තේ හැන්ඳක්
    ලුණු ස්වල්පයක්
    කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    කරපිංචා , ‍කොත්මල්ලි, මිංචි ‍කොළ  කිහිපයක්

කඩල, බීට්, තල ‍පේස්ට්, ඔලිව් තෙල්, සුදු ළූණු, ලුණු, ගම්මිරිස්, කරාබු නැට්ටක්, දුරු, කරපිංචා, කොත්මල්ලි, මිංචි ‍කොළ සහ ලෙමන් යුෂ බ්ලෙන්ඩරයට දමා විනාඩි 5ක් පමණ තරමක් දියාරු මිශ්‍රණයක් සකසා ගන්න. බ්‍ලෙන්ඩරයට දැමූ සියල්ල ‍කෑලි ‍‍නොහැ‍පෙන ‍සේ ‍හොඳින් තලපයක් ‍සේ විය යුතුය.  පසුව එම මිශ්‍රණය බඳුනකට දමා ඔලිව් තෙල් බින්දු කිහිපයක් උඩින් දමා පිළිගන්වන්න. අපි කලින් හදන්න කියලා දුනුනු ‍රොටි වර්ගයක් ‍මේ හුම්මස් එක්ක් තවරලා කන්න රාත්‍රී ආහාරයට ගන්න පුළුවන්. ශීතකරණයේ දින හතක් විතර කල් තබා ගන්නත් පුළුවන්.

8. පීසාං ගෝරෙං (Pisang Goreng)

පීසාං ගෝරෙං කියන්‍‍නේ පැණිරස කෑමක්.ඉන්දුනීසියානු ජාතික මැලේවරු එකී ආහාර වර්ගය හඳුන්වන ලද්දේ පිලුස්‌ (Pilus) නමිනි. පිලුස්‌ හෙවත් පිලෝස්‌ සකස්‌ කර ගනු ලබන්නේ තලප ලෙස සකසාගත් ඉදුණු කෙසෙල්, පාන්පිටි, සීනි සහ පොල්කිරි යොදා ගනිමිනි. සාමාන්‍යයෙන් මෙකී පිලෝස්‌ පරිභෝජනයට ගන්නේ ඒ වටා සීනි පැණි වත්කිරීමෙන් අනතුරුවය. සමහරු අයිස්‌ ක්‍රීම් හැඳි දෙකක්‌

අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති ගැසූ ‍හෝ දිගැටියට කපා ගත් හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 4-6 ක්‌
    පාන් පිටි ග්‍රෑම් 150 ක්‌
    සීනි මේස හැඳි 02ක්‌
    වැනිලා යුෂ තේ හැඳි 1/2 ක්‌
    එළකිරි මි. ලී. 125 ක්‌ (කෝප්ප 1/2 ක්‌)
    බිත්තරයක්‌
    මෙළෙක්‌ කළ බටර් ග්‍රෑම් 40 ක්‌
    රම් තේ හැඳි 01 ක්‌
    තෙල් කෝප්ප 02 ක්‌
    සාදා ගන්නා ක්‍රමය

පාන්පිටි, සීනි සහ වැනිලා සුදුසු විශාල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර එයට එළකිරි, බිත්තර, මොළොක්‌ වු බටර් සහ රම් වත්කර මෘදු මිශ්‍රණයක්‌ වන තෙක්‌ හොඳින් කලවම් කරන්න. එකී මිශ්‍රණය කෙසෙල් පෙතිවල හොඳින් දැවටෙන තෙක්‌ පෙති ගැසූ කෙසෙල් එකී මිශ්‍රණයේ ගිල්වා තබන්න.ඉන්පසු උදුනක තෙල් රත්වන්නට හැර ඉහත මිශ්‍රණය හොඳින් ආලේප කළ කෙසෙල් පෙති, තෙලට දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක්‌ බැදගන්න. ඉන්පසු කෙසෙල් පෙති සියල්ල තෙලෙන් බා, උණු උණුවේම හෝ සිසිල් කර  “පීසාං ගෝරෙං” රස බලන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජවිපෙට පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හොඳ නම් මම මිරස්කුඩු ගැහුවම මොකද?

Next Post

අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.