fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලස්සන නර්ස් නෝනා කොවිඩ් අතරේ කියන කතා

වසර 2ක් ago
in ජීවිතය
465 5
0
ශ්‍යාමා දහනායකය (ඡායා රූපය- අනුරුද්ධ මැදවත්තෙගෙදර )

ශ්‍යාමා දහනායකය (ඡායා රූපය- අනුරුද්ධ මැදවත්තෙගෙදර )

Share on FacebookShare on Twitter

අනුෂා රණසිංහ

කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහලේ සේවයේ නිරත වන සුරූපී හෙද නිලධාරිනියකගේ ජායාරූප සහ ඇය පිළිබඳ ලියැවුණු සටහන් බොහොමයක් මේ දිනවල සමාජ ජාලය ඔස්සේ ඒහා මෙහා වෙනවා. ඒ් ඇය රූ රැජනක් වූවත් ඒයින් උදම් නොවී මිනිසත් කම වෙනුවෙන් කරන කැප වීම නිසයි. දැන් ඇය වෘත්තීයෙන් හෙද නිලධාරිනියක් වුණත් 2017 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තේ ඇයයි. මේ ශ්‍යාමා දහනායකය.

Sharma Dahanayaka

@ ශ්‍යමා කොහොමද ඉතින් ?
මේ දවස් වල කොරෝනා උවදුර නිසා බොහොම පරෙස්සමෙන් හා කැමැත්තෙන් රාජකාරී කටයුතු කරගෙන යනවා.

@ ශ්‍යමා කියන්නේ කිරුළක් හිමි කෙනෙක් ?
2017 වසරේ දෙරණ මගින් පැවැත් වූ මිස් ශ්‍රී ලංකා හි කිරුළ හිමි වුණාට පසු ලෝක මිහිකත රූ රැජණ තරගය නියෝජනය කළා. එහිදී උප කිරුළු හතරක් දිනා ගන්න හැකි වුණා. ඒ එක්කම මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

@ 2017 දී ඔබ හෙද සිසුවියක් ?
ඔව්. ඒතකොට කුරුණෑගල හෙද විදුහලේ දෙවන වසරේ සිසුවියක්.

@ මේ ඔබේ මුල්ම පත්වීම ද?
ඔව්. මම ඉල්ලුම් කළෙත් කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහල. ඉතින් මට මුල්ම පත් වීම මම ඉල්ලුම් කළ රෝහලටම ලැබීම ගැන සතුටුයි.

@ ඒ් රෝහලම ඉල්ලුම් කරන්න විශේෂ හේතුවක් තිබුණද?
මම පොඩි බබාලාට ගොඩක් කැමැති නිසයි මේ රෝහල ඉල්ලුම් කළේ.

@ තරමක් බැරෑරුම් වගකීමක් ?
ඇත්තටම ඔව්. මම සේවය කරන්නේ ද සොයිසා කාන්තා ළමා රෝහලේ ශල්‍යාගාරයේ. මෙහි තියෙන බැරෑරුම්කම දැනුණේ ආවට පස්සේ . දැන් නම් හුරුවෙලා.

@ පුංචි කාලෙත් කැමැත්තෙන් හිටියේ හෙදියක් වෙන්නද?
මගේ ලොකු ආසාවක් තිබුණා එයා හොස්ටර් කෙනෙක් වෙන්න. පුංචිම කාලේ ඉඳන් ලස්සන ඇඳුම් අඳින්න ආසයි. හැබැයි මගේ හීනේ ගැන අම්මා අප්පච්චිගේ බලවත් විරෝධයක් තිබුණා. ඒ නිසා අම්මා අප්පච්චිගේ ගේ කැමැත්තටයි හෙද විදුහලට යන්නේ.

@ උසස් පෙලට ඔබ ජීව විද්‍යාව තෝරා ගත්තේ ඇයි ?
ඒකට හේතුව මගේ පාසලේ කුරුණෑගල මලියදේව බාලිකාවේ ගුරුවරුන්. මම ඉගෙන ගන්න දක්ෂයි. ඒනිසා ගුරුවරුන් කිව්වේ ශ්‍යමා ඔයා ජීව විද්‍යාව තෝර ගන්න. ඒ පැත්තෙන් රැකියාවක් වුණත් කරන්න පුළුවන් කියලා.

@ පවුලේ තව කවුද ඉන්නේ ?
මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි. එයා ගණකාධිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා.

@ ළමා කාලයේ කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා ද?
මුතුහර වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් නිරූපණ කටයුතු කළා. හැබැයි වැඩිපුර නැටුම්වලට දක්ෂයි. පාසලේ දී වුණත් “ශ්‍යමා නම් නැටුම් තමා” කියලයි යාලුවෝ කියන්නේ.

 

@ රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද ?
ලැබුණේ නැහැ කියනවා නම් බොරු. 2017 මම කිරුළ හිමි කරගත්තට පස්සේ ආරාධනා ලැබුණා. ඒ ආරාධනා කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. නමුත් හෙද සිසුවියක් විදිහට රංගනයට යොමු වෙන්න තරම් ලොකු කාලයක් තිබ්බේ නැහැ.

@ දැන් ආරාධනා ලැබුණොත් භාර ගන්නවද?
හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවොත් භාර ගන්නවා. හැබැයි මගේ වෘත්තියට හානියක් නොවෙන්න.

@ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවා ද?
එහෙම විශේෂයක් නැහැ. ඇත්තම කියනවා නම් මට එහෙම ලොකු රංගන හැකියාවක් නැහැ. මේ කරන වෘත්තියට හානියක් නොවන විදියේ චරිතයක් ලැබුණොත් කරනවා.

@ ශ්‍යමා කේන්දර විශ්වාස කරනවා ද?
මගේ අම්මා නම් විශ්වාස කරනවා.

@ ඒ් කියන්නේ ශ්‍යමා විශ්වාස කරන්නේ නැද්ද ?
මෙහෙමයි. ඒ මතම රැඳෙන්නේ නැහැ. යම් තාක් දුරකට විශ්වාස කරනවා.

@ මොකක් ද ලග්නය ?
මකර

@ ආදරය ගැන මොකද හිතෙන්නේ ?
හ්ම්.. ආදරය… සුන්දරයි නේද… බලමු ඉතින් ඒ අත්දැකීම ඉස්සරහට ලබා ගන්න. දැනට අම්මලා කියන එකක් තමා.

@ එන ආදර යෝජනා ගෙදරට යවන එකක් ද කරන්නේ ?
ඒ වගේ දෙයක් තමා කරන්නේ. මොකද මට ඒ වගකීම භාර ගන්න බැහැ.

@ මොන වගේ කේෂ්ත්‍රයක කෙනෙක් ද හොයන්නේ ?
විශේෂ ක්ෂේත්‍රයක් නම් නැහැ. මාව තේරුම් ගත්ත , මම නියැලිලා ඉන්න ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමා මට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

Next Post

සමාජ දුරස්ථභාවයේ අධ්‍යාපන පිහාටුව e learning

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
අරුණි විජේවර්ධන

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist