බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලංකාවේ මුල්ම විවෘත හෘද සැත්කමට මුහුණ දුන්න පිලෝමිනා අම්මා  කියන ඉතිහාසගත කතාව!

by editor
සැප්තැම්බර් 10, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • හතිය වැඩිඋනාම අම්මා ගිහින් මාරවිල ලොකු දොස්තර මහත්තයට පෙන්නුවා… ගාස්තුව ශත 21 යි… දොස්තර මහත්තයා මාව ජාතික රෝහලට යොමු කළා.

  •  දොස්තරවරු මට හදවත් සැත්කමක් කරන්න නිර්දේශ කළා. ඒක තමයි ලංකාවේ   පළමු විවෘත හෘද සැත්කම… එය කළේ මීට අවුරුදු 74කට කලින්… 1949 ජූනි මාසේ 17 වැනිදා…

  • සැත්කමට භාජනය වනවිට පිලෝමිනා අම්මගේ වයස අවුරුදු 10යි…  දැන් ඇය අවුරුදු 84 මිත්තනියක්. ඉතාම නීරොගීමත් සතුටෙන් පිරුණු ජීවිතයක් දරු මුණුපුරන් එක්ක ගෙවනවා…

 ගාල්ල,කිතුලම්පිටිය, මඩවලමුල්ල ග්‍රාම නිලධාරි වසමේ පදිංචි  හෙටිටිආරච්චිගේ දෝන,  පිලෝමිනා අම්මා අසුහතර හැවිරිදි වියේ පසුවන්නීය. ඕ දරුවන්  හතරදෙනෙකුගේ මවකි. පිලෝමිනා අම්මා උපන්නේ  1939 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදින මාරවිලදී ය.

ඇයගේ පියා දෝන  අගිස්තිනු අප්පුහාමිය. අගස්තීනු අත්තා   ව්‍යාපාරිකයෙකි.  ඇයගේ මව  වර්ණකුලසුරිය  ඇග්නස්  පර්නැන්ඩු වුවාය.

oppo_32

එම මව්පිය යුවළට දාව උපන්   ඕ   පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දැරිවිය වුවාය. ඇයට වැඩිමහල් සහෝදරයකි. නැගණියන් දෙදෙනෙකි. එක් බාල සහෝදරයෙකි. පිලෝමිනා අම්මා  සුවිශේෂි වු  කාන්තාවකි. ඓතිහාසික කාන්තාවකි.  ඇය මෙරට පළමු වරට  සිදුකරනු  ලැබු විවෘත හදවත් සැත්කමකට  භාජනය වු තැනැත්තිය  ය. 

ජීවිතයේ සැඳෑ සමය ගතකරන  පිලෝමිනා අම්මාගේ තොරතුරු සොයා අපි ඇය පදිංචිව  සිටින නිවසට  ගොඩවැදුණෙමු. දැන් ඇය තම බාල දියණියගේ රැකවරණය යටතේ දිවිගෙවන්නීය.  සැහැල්ලු සිනහවකින්   මුව සරසාගෙන පැමිණි පිලෝමිනා අම්මා මාව පිළිගත්තාය. අපි ඇය සමග සංවාදයට එක්වුනෙමු.  ඕ ඉස්තෝප්පුවේ තිබු පුටුවක  හරිබැරි ගැසි වාඩි වි මාත් සමග කථාවට වැටුණාය. 

පිලෝමිනා ඇම්මාගේ දැකුම පහන් සිත් ඇතිකරවන්නේය.  ඇය ප්‍රියමනාපය.  අසුහතර හැවිරිදිවියේ පසුවුවද  යහපත් ශරිර සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත වූවාය. ඇය සාද කතාවට රුචිය. බොහෝ ප්‍රසන්න සාමිචියකින් අනතුරුව පිලෝමිනා අම්මා ඒ කතාව අප ඉදිරියේ දිගහැරියාය. මීට 74 වසකරට පෙර තාක්ෂණයේ අනුහස ප්‍රභාවත් නොවුන පරිසරයක ලංකාවේ සිදුකළ මුල්ම විවෘත හදවත් සැත්කම පිළිබඳ කුහල උපදවන ඉතිහාසගත කතාව ඊට මුහුණ දුන් ඇය විසින්ම පවසනු ලබනු අසා සිටීමට භාග්‍යවන්ත වීමි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

“මේ සැත්කම කරණ  කාලයේ මගේ වයස අවුරුදු 10යි.  මම පාසල් සිසුවියක්. අකුරුකරන්නට ගියේ කටුනේරිය බාලිකා විද්‍යාලයට.   .මම  කුඩා කාලයේ දි රාත්‍රියට නිදාගන්නේ අම්මාගේ තුරුල්ලේ.  එක් දවසක් නිදිගෙන  ඉන්න විට අම්මාට දැනිලා තියෙනවා  මම ඉතා වේගයෙන් හුස්ම ගන්නවා. මගේ හදවතේ වෙනස්කමක් අම්මාට දැනිලා තියෙනවා. මගේ හෘද ස්පන්දනය සාමාන්‍ය කෙනෙකුගේ හෘද ස්පන්දනයට වඩා වැඩි බව තමයි අම්මාට දැනිලා තියෙන්නේ. අම්මා මේ ගැන සිහිනයක් දැකලත් තියෙනවා. එහිදි අම්මාට කවුදෝ කෙනෙක් ඇවිත් කියලා තියෙනවා දරුවා ඉක්මන්ට වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා. “

“අම්මා මගේ  හෘද ස්පන්දනයේ අසාමාන්‍ය වෙනස්විම  ගැන  පවුලේ ඥාතින්ටත් කියලා තිබුනා. ඇත්තටම මට නම්  එහෙම වෙනසක් දැනුණේ නැහැ. මම සාමාන්‍ය විදියට දුව පැන සෙල්ලම් කළා.  ඇතැම් දිනවල එහෙම සෙල්ලම් කරනවිට  ඇඟට මහන්සියක් දැනුනා.  හුස්ම ගැනිමට පවා අපහසුවුනා. “

“ ඔය තඅතරෙ එක් දිනක් මට ලේ සමග වමනය ගියා. අම්මා ගොඩක් බය වුනා. ඊට පස්සේ මාරවිල  ප්‍රදේශයේ රෝහලකට ගිහින් වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෛද්‍යවරයා දුන්න බෙහෙත්වලින් ගුණයක් ලැබුණේ නැහැ. පස්සේ ඒ කාලයේ මාරවිල රෝහලේ හිටපු ලොකු දොස්තර මහතාගේ බංගලාවට ගිහින් මාව ඒ දොස්තර මහත්තයාට පෙන්නුවා. මට මතක හැටියට ඒ කාලයේ ශත විසි එකක මුදලක් ගෙවලා තමයි  දොස්තර මහත්තයාට පෙන්නුවේ. එතුමා මාව පරික්ෂා කරලා  අම්මාට කීවා දරුවාට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා කොළඹ ජාතික රෝහලට ඇතුල් වෙන්න කියලා. එහෙම කියලා ලියුමක් දුන්නා.”

“ඒ වනවිට මගේ තාත්තා මියගිහින් හිටියේ. තාත්තා මිය යනවිට මට අවුරුදු තුනක් විතර ඇති. දැන් මම පාසල් යන්නේ නැහැ. මගේ රෝගී තත්ත්වය පිළිබඳ අම්මා ගොඩක් කලබල වෙලා හිටියේ. තාත්තා නැතිවුනාට පස්සේ අම්මා තමයි පවුලේ බර කරට ගත්තේ.” 

“මට මාමලා හය දෙනෙක් හිටියා. මාමාලා තමයි  උදව් කළේ. පස්සේ  අම්මත් එක්ක කොළඹ ජාතික රෝහලට ගියා. මගේ මතකයේ හැටියට 1949 වර්ෂයේ ජුනි මාසයේ දවසක තමයි රෝහලට ඇතුළුවුනේ. රෝහලේ දි  මාව පරික්ෂා කරපු වෛද්‍යවරයා මාව වෙනත් වෛද්‍යවරයකුට යොමු කළා. ඒ වෛද්‍යවරයා තමයි හෘද සැත්කමක් සම්බන්ධව නිර්දේශ කරලා තිබුණේ.”

“හෘද සැත්කම කරන්න කලින් මට වෛද්‍ය පරික්ෂණ ගණනාවකට   මුහුණදිමට සිදුවුනා. මට පොඩි බයක්ද දැනුනා.   අම්මා මගේ හඳහනත්   බැලුවා. සැත්කම කිරිමට කලින් පියතුමන්ලා ඇවිත් මට ආශිර්වාද කළා. මම හිටපු වාට්ටුවේ ඉඳලා රෝද පුටුවක  තියාගෙන තමයි මාව ශල්‍යාගාරයට රැගෙන ගියේ. ඊට පස්සේ මාව ඇඳක හාන්සි කළා.  ඇද වටේට සුදු ඇදගත්තු  දොස්තර් මහත්වරු හිටියා මතකයි. එපමණයි. මට  සැත්කම සිදු කරලා තිබුණා.” 

“මෙය ඉතිහාසගත  හෘද සැත්කමක් බව  සැත්කමෙන් පසු වෛද්‍යවරු අම්මට කිවා. හෘදය වස්තුව පිටතට අරගෙන තමයි සැත්කම් කරලා තිබුණේ. ඔයාට  තමයි ලංකාවේ පළමු වරට  විවෘත හදවත් සැත්කමක් කළේ කියලා මට වෛද්‍යවරු කිවා.  ඒ කාලයේ ඒ සැත්කම විශ්වකර්ම සැත්කමක් කියලා තමයි මිනිස්සු කිව්වේ.  කොළඹ ජාතික රොහලේ හිටපු වෛද්‍යවරු සහ  කාර්යමණ්ඩලය මට  හොඳින් සැලකුවා. මම ගැන සහ මෙම ශල්‍යකර්මය පිළිබද  හැමෝම කතා කරන්න  පටන්ගත්තා. කැපුමට මැහුම් 28ක් දලා තියෙනවා. තවමත් එවායේ කැලැල්  තියෙනවා. ”

oppo_32

 “හෘද සැත්කමෙන් පසු  මාස තුනක් විතර  කොළඹ ජාතික රෝහලේ හිටියා.  වෛද්‍ය සිසු සිසුවියන්   ගොඩක් ඇවිත් මාව පරික්ෂා කළා. මගෙන් තොරතුරු අහනවා. මගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කරනවා.  ”

“ හෘද සැත්කමෙන් පසු නිවසට ඇවිත් සුපුරුදු පරිදි  අකුරු කරන්නට පාසල් ගියා. ආහාර පාන වර්ග පිළිබද විශේෂයෙන්  පරිස්සම් වුනේ නැහැ. හැම දෙයක්ම කෑවා. පාසලේ සිසුවියන් එක්ක සෙල්ලම් කළා. නමුත් අම්මා මට සෙල්ලම් කරන්න යන්න දුන්නේ නැහැ. නමුත් වෛද්‍යවරු මවට කියලා තිබුනා හෘද සැත්කමේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ජිවිතයක් ගතකරන්න පුළුවන් කියලා.”  

“මම  මාරවිල ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙන ගත්තා. විභාගයටත් පෙනි හිටියා. පාසල් අධ්‍යාපනයෙන් පසු ගෙදර දොරේ වැඩකරගෙන හිටියා. මවට උදව් වුනා. නමුත් අම්මා වැඩකරන්න දුන්නේ නැහැ. මාව හොදින් රැක බලාගත්තා.” ඇය සිනහවෙමින් කිවාය.

පිලෝමිනා අම්මා හැඩකාරියක්ව යොවුන් වියට පිවිසෙද්දී ධිවර දේපාර්තමේන්තුවේ ධීවර පරික්ෂකවරයකු ලෙස  රැකියාව කළ තරුණයකු මාරවිල ප්‍රදේශයේ  නිවසක නතර වි රැකියාවට ගියේය. ඔහු ගාල්ල කිතුලම්පිටියේ පදිංචි  කෝදාගොඩ  කණ්ඩම්බිගේ  ජයනන්ද මැග්නස් නැමති තරුණයෙකි.  ජයනන්ද තරුණයාට  එක් දිනක් මගතොටේ දි  පිලෝමිනා මුණගැසුනේය. ඔහුගේ හිත පිලෝමිනා වෙත ඇදි ගියේය. ටික් දිනකින් දෙදෙනා පෙම්වත්තු බවට පත්වුහ. පිලෝමිනා කතෝලික කාන්තාවක් වු අතර ජයනන්ද බෞද්ධයෙකි.  අවසානයේ මොවුන් දෙදෙනාගේ ප්‍රේමය මල්පලගැන්වි පිලෝමිනා සහ ජයනන්ද යුග දිවියට පිවිසුනහ.

 1959 වර්ෂයේ  ජුනි 21 වැනිදින අපි දෙදෙනා විවාහවුනා.  මට කුඩාකාලයේ දි  හදවත් සැත්කමක්  සිදුකොට ඇති බව මගේ මහත්තයා දැනගෙන හිටියා. වෛද්‍යවරු පවා උපදෙස් දිලා තිබුනා සාමාන්‍ය ජිවිතයක් ගතකරන්න පුළුවන් කියලා. මම කසාද බැදලා ගාල්ලේ කිතුලම්පිටිය  ප්‍රදේශයේ මහත්තයාගේ නිවසට පදිංචියට ආවා. මට දරුවන් හතර දෙනෙකු ඉන්නවා. පුතාලා තුන්දෙනයි. එක් දියණියයි. මම දරුවන් හතර දෙනාම බිහිකළේ  ගෙදර. කිසිදු රෝහලකට ගියේ නැහැ. රෝහලකට යන්න මගේ කැමැත්තක් තිබුනෙත් නැහැ. පවුල් සෞඛ්‍ය නිලධාරිණිය ගෙදරට ඇවිත් තමයි දරුවන් බිහිකළේ.

කසාද බැදලා ආවට පස්සේ ගෙදරදොරේ හැම දෙයක්ම කළේ මා සහ මහත්තයාගේ අම්මා. මහත්තයාගේ අම්මා සමග හරි හරියට පිටි කෙටුවා, දර පැලුවා, ඉවුම් පිහුම් වැඩ කළා. මට හෘද සැත්කමක් කළා කියලවත් මට හිතුනේ නැහැ. 

“ඒ කාලයේ කඩපොළට මම පයින් ගිහින් තමයි නිවසට අවශ්‍ය භාණ්ඩ අරගෙන ආවේ. කිසිදු බෙහෙතක් පාවිච්චි කළේ නැහැ. කෑමෙන් බිමෙන් ප්‍ර වේශම් වුනෙත් නැහැ. හෘද සැත්කමෙන් පසු එක්වතාවක් හැරෙන්නට කිසිදු දිනක රෝහල්ගත  වුනේ නැහැ. ”

“ගාල්ලේ පදිංචියට ආවාට පසු කැකළු  හාලේ බත් තමයි වැඩිපුර ආහාරයට ගත්තේ. කොස් දෙල් හැම දෙයක්ම ආහාරයට ගත්තා. මාරවිල ඉන්නකොට නම් මාළු, ඉස්සෝ බිත්තර, වැඩිපුර ආහාරයට ගත්තා. ”

“රුධිර පිඩනය වැඩි නිසා තමයි මට හෘද සැත්කමක්කරන්න වුනේ කියලා වෛද්‍යවරු  කියලා තිබුනා. දැන් කාලයේ හෘද සැත්කමක් කළොත් තුන් වෙලට බෙහෙත් අහුරක් බොන්න ඕන. මට නම් එහෙම බෙහෙත් බොන්න අවශ්‍ය වුනේ නැහැ. මගේ වයස අවුරුදු 84ක් වුවත් මගේ වැඩ කටයුතු සියල්ල මා   කරගන්නවා. දුව ඇදුම් පැළදුම් හෝදලා දෙනවා.  ඇතැම් අවස්ථාවලදි මගේ ඇදුම් පැළදුම්  මම ම හොදාගන්නවා. මගේ කන් හොදින් ඇහෙනවා. ඇස්පෙනීමත් ඉතා හොදයි. මම හොද සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගතකරණවා.”  ඇය සිනාසුනාය. 

දැන් මට මුණුපුරන් මිණිපිරියන්   ඉන්නවා.   පිලෝමිනා අම්මා කියන්නී උජාරුවෙනි. ඇය දෙස ආදරයෙන් බලා හිඳමි. ඒ අම්මාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඇයගේ සිනාමුසු පසන් මුහුණ නොමැකෙන මතකයක් සේ තබාගෙන ඇයෙන් සමුග ගෙන මගට බැස්සෙමි. 

මෙම සැත්කම ගැන දශක ගණනාවක් විටින් විට සාකච්ඡාවට ලක් කර තිබිණි. 1981  නොවැම්බර් මස  22 වැනිදින  THE SUNDAY OBSERVER  පුවත්පතේ මෙම හෘද සැත්කම පිළිබද සටහන්කොට තිබුණේ මේ අයුරිනි.

මෙම හෘද සැත්කම සිදුකරනු ලැබු වෛද්‍ය කණ්ඩායමේ සිටි ශල්‍ය වෛද්‍යවරයකු වන  පි.ඒ.පි පෝසප් මහතා  THE SUNDAY OBSERVER   පුවත්පතට මෙසේ සදහන් කොට තිබුණි.

‘1949 ජුනි මස 05 වැනිදින  දස හැවිරිදිවියේ පසුවු දැරියක් තම මව සමග කොළඹ ජාතික රෝහලට ආවා. ඒ කාලයේ ජාතික රෝහලේ  ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කළේ පි.ආර්. හැන්ඩි මහත්තයා. ඔහු මෙම දැරිය පරික්ෂා කරලා ශල්‍ය වෛද්‍ය ඇල්බර්ට් සවර්ලිමුත්තු රාජසිංහම්  වෛද්‍ය තුමා වෙත යොමුකළා. ජාතික රෝහලේ 27 බි කියන වාට්ටුවට තමයි ඇතුළත් කළේ. 1949 ජුනි මස 13 වැනිදින දැරියගේ එක්ස්රේ වාර්තා ලබාගත්තා. 1949 ජුනි මස 17 වැනිදින ඇය  සැත්කම කිරීම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගියා”

නිර්වින්දන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ලැඩි ප්‍රනාන්දු මහතා පුවත්පතට   සදහන් කොට ඇත්තේ  මෙවැනි කථාවකි.

 “මෙම දැරිවියට  ශල්‍යකර්මට පෙර දින   අවශ්‍ය ඖෂධ ලබා දුන්නා. පැයකට පමණ පසු නැවත ඖෂධයක් ලබා  දුන්නා. පසුව ඇය  ට්‍රොලියකින් ශල්‍යාගාරය වෙත රැගෙන ගියා. ඉන් පස්සේ නිර්වින්දනය සඳහා අවශ්‍ය  ඖෂධ ලබා දුන්නා. විනාඩි 45කට පමණ පසු තමයි ශල්‍යකර්මය කිරිමට පටන්ගත්තේ. ශල්‍ය වෛද්‍ය ඇල්බර්ට් සවර්ලිමුත්තු රාජසිංහම්  වෛද්‍ය තුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්  විසින් තමයි හෘද සැත්කම කළේ. සැත්කම් පැය දෙකයි  විනාඩි 45ක් සිදු කළා හෘද සැත්කම සාර්ථකයි.” ලැඩි ප්‍රනාන්දු වෛද්‍යතුමා පුවත්පතට ඒ අයුරින් ප්‍රකාශයක් ලබා දි තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැප්තැම්බර් 21න් පසු ප්‍රධාන මැති ඇමතිවරු 80ක් රට හැර යන්න සූදානම්… මුජිබර්  හෙළි කරයි!

Next Post

25 හැවිරිදි අජාසත්ත පුතා සිය 60 හැවිරිදි පියාව පොල්ලකින් සහ මිටියකින් පහර දී ඝාතනය කරලා….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.