බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නොදත් ජීවිතයක් රැකගන්න මහවැලියේ මහ ජලකඳට පැන්න තරුණ පොලිස් වීරයා හමුවෙන්න ගියෙමි…

by editor
අප්‍රේල් 12, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

මහනුවර කඩිගුලක් සේය. අවුරුද්දේ නිනවුවක් නැති පොරයක් සදහා විදී බට මිනිසුන් නිසා ඇති වී ඇති වාහන තදබදය දැඩි වෙහෙසක් උපදවයි. එහෙත් ඒ පොලිස් තරුණයා හමුවී කෙටි සංවාදයක් ගොඩනගැ ගැනීමේ අභිලාෂය ඒ සියලු වෙහෙසකර හැඟීම් යටපත් කර ඇත. මම පා ගමනින්ම කටුගස්තොට පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටිමි.

අප ජිවත්වන්නේ ආදර්ශ හිඟ සමාජයකය. වීරයන් හීන සමාජයකය. අනෙකාගේ බෙල්ල පාගා හෝ ඉදිරියට ගොස් අත්පත් කරගැනිම් සඳහා හුරු වූ වටපිටාවකය. එවැනි මොහොතක කටුගස්තොට පාලමෙන් පහළ මහවැලි ගඟේ චන්ඩ දිය සුළි අතර අතුරුදහන් වීමට ගිය නොදන්නා  තරුණියකගේ ජීවිතය බේරාදීම සඳහා ස්වකීය ජීවිතය පිළිබඳ බැඳීම් පසෙක තබා මහ දිය කඳට පනිනු ලැබූ තරුණ පොලිස් නිලධාරියා සමාජයක් ලෙස ඔසවා තැබිය යුතු අපේ කාලයේ ආදර්ශයක් බව සිතේ. මේ ගමනට මා පොළඹවන්නේ ද ඒ හැඟිමය.

ඔහු ඉඩමේ හේරත් මුදියන්ලොගේ තරුෂ නිළුපුල් හේරත්ය. වයස අවුරුදු 24කි. ගම දෙහිඅත්තකණ්ඩිය ය. දෙහිඅත්තකණ්ඩිය, සෙනානිගල දකුණ නවමැදගම අංක 09 නිවසේ පදිංචිව ඉන්නේය. පවුලේ වැඩිමහල් පුතාය. ඔහු පොලිස් සේවයේ කොස්තාපල්වරයෙකි. නිල අංකය (103984) ය. පොලිස් නිල ඇඳුමට දීප්තියක් එක් කළ වීර තරුණයෙකි.

අවසානයේ දී ඔහු මුනගැසුනෙමි. ප්‍රසන්න සිනාවකින් මුව සරසාගෙන සිටින මේ පොලිස් යෞවනයා සමග මදක් ඔහුගේ ජීවිත පසුබිම ගැන කතා කරමින් සංවාදයට ප්‍රවේශ වුනෙමි. පොලිස් නිලධාරී නිලුපුල් හේරත් කතාව ආරම්භ කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මගේ අම්මා දීපාණී අත්තනායක. තාත්තා මුදියන්සෙලාගේ පියසිරි. පවුලේ වැඩිමලා මම. මල්ලි මේ පාර ඕලෙවල් කළා. මම සාමාන්‍ය පෙළ දක්වා සෙනානිගල දකුණ මහා විද්‍යාලයට ගියා. අපොස උසස් පෙළ කළේ මැදගම ජාතික පාසලෙදී. විභාගයේ ඉවරවෙලා අම්මා තමයි හොයල බලලා පොලිසියට අයදුම් පතක් දැම්මෙෙ. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා එතනින් තේරිලා
ඉන් පස්සෙ 2022 මාර්තු 10 වැනිදා මහියංගනයෙ මාපාකඩ පොලිස් විද්‍යාලයට ඇතුළු වුණා. මාස හතක් පුහුණුව ලබලා ඉන් පස්සෙ නුවරට ආවා. නුවරින් කටුගස්තොට පොලිසියට මාව අනුයුක්ත කළා. දැන් කටුගස්තොට පොලිසියේ රථ වාහන අංශයෙ සේවය කරනවා.” ඔහු කෙටියෙන් සිය ජීවිතය ගැන කිවේය.

මද සල්ලාපයකින් අනතුරුව පෙරේදා (10) දහවල් සිදුවූ ඒ තීරණාත්මක සිදුවීම සම්බන්ධව ඔහු අපට කීවේය. ඒ කතාව සාවධානව අසා සිටියෙමි.

“මම එදා ඩියුටිය කළේ ගොහාගොඩ මංසන්ධියෙ. වහන වැඩියි. අවුවයි. ටිකක් වෙහෙසක් ආවා. මහන්සියට මුර කුටියට ආවා වතුර බොන්න. වතුර එක බොන අතරට පිරිසක් කෑ ගහනවා ඇහුණා ගෑනු ළමයෙක් ගඟට පැන්නා කියලා.”

“ගඟට පැන්නා කියලා ඇහෙද්දිම ඉබේටම මම මගේ බෙල්ට් එක ගැලෙව්වා මට මතකයි… බෙල්ට් එක ගලවන ගමන්ම පරණ පාලම පැත්තට මමයි රාජපක්ෂ සහ රවිඳු කියන පොලිස් නිලධාරියො දෙන්නයි දිව්වා. පාලමෙන් එබිලා බලනකොට ගෑනු ළමයා ගහගෙන යනවා දැක්කා.”

“ඒ එක්කම මම ෂර්ට් එකයි සපත්තු දෙකයි ගලවලා රවිඳු හිටපු පැත්තට විසි කළා . එතනින්ම මම ගඟට පැන්නා. ගැනු ළමයා ඉන්න පැත්තට පීනද්දි මට එයාගේ කොණ්ඩෙ අහුවුනා. එහෙමම ඇදගෙන කටුගස්තොට ටවුම කිට්ටු නිසා ඒ පැත්තට ම පීනලා ගියා. ඒ කියන්නෙ මාකට් එක පැත්තට.”

“එතන ඉවුරෙ ආරක්‍ෂාවට දැල් වැටක් ගහලා තියෙනවා දැල් වැට උඩින් ගෑනු ළමයව එහා පැත්තට දුන්නා. එතන රාජපක්ෂ එක්ක මිනිස්සු වට වෙලා ඉන්නවා උපකාර කරන්න බලාගෙන. ඒ අයගෙ උදව්වෙන් තමයි ගෑනු ළමයව උඩට ගත්තෙ.”

“ටවුන් එක ළඟ පාරෙ අපේ පොලිසියෙ නිලධාරි කෙනෙක් ඩියුට් ඉන්නව දැක්කා. මම කෑ ගහලා එයාට කිව්වත් ත්‍රීවිල් එකක් අරන් එන්න කියලා. ඒ සැනින්ම එයා ත්‍රීවිල් එකක් අරගෙන ආවා. අපි ගෑණු ළමයව රෝහලට යැව්වා.”

දැන් මං මේක කතාවක් වගෙ කිව්වට පොඩි වෙලාවක දි මේ සියලුම දෙවල් සිද්ධ වුණා කියලා මට මතකයි හැමෝම එක වගේ මේ ළමයගෙ ජීවිතේ බේරගන්න කළා. ඇත්තටම ඒක ඒ ළමයගෙ තිබුණ වාසනාවක්. එහෙම නොවෙන්න ජීවිතෙ නැති වෙන්න ඉඩ තිබුණා.

පොලිස් තරුණයා සිනාසෙයි. ඔහු එතැනින් සිය කටයුත්ත නිමා කර තිබුණේ නැත. වතුර පිටින්ම නිල ඇඳුම ඇඳගෙන ඔහු කටුගස්තොට රෝහලට ගොස් තිබිණි.

“මම ඇඳගෙන අර වතුර පිටින්ම රෝහලට ගියා මොකද කියල බලන්න. ගෑණු ළමයා ජීවත් වෙනවා කියලා දැක්කහම පුදුම සතුටක් දැනුනෙ. වෙන කාරණා හොය හොය හිටියෙ නෑ. මං ආපහු ආවා. කටුගස්තොට පොලිසියෙ ස්ථානාධිපති රාජපක්ෂ මහත්තයා වෙනත් නිලධාරියෙක් යවලා තිබුණා ගෑණු ළමයාගෙ තොරතුරු ගන්න. ”

ඔහුගෙන් සිය පිහිනුම් කුසලතාවය ගැන විමසා සිටියෙමි. යළිත් ඔහුගේ ප්‍රිය උපදවන සිනාවය.

“කොහොමත් ඉස්සර අපි ඇලේ දොළේ වැවේ හැදුණ ළමයි. මට වතුර හුරුයි. ඒ වගේම මේ වතුරට මට බයක් තිබුණෙ නැහැ. මේ වගේ වෙලාවක පණ කෙන්ද රැකෙන්නෙ හරිම කලාතුරකින්. මොකද තත්පර ගානකින් වතුර පෙවුනහම ජීවිතය අහිමි වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා මට තිබුණෙ කාලයත් එක්ක සටනක්. ජීවිතය බේරගන්න නම් දෙසැරයක් හිතන්න වෙලාවක් නැති බව මම දන්නවා…”

“අම්මා මොකද කිව්වේ…” මම ඔහුගෙන් විමසුවෙමි.

” අම්මා ගොඩක් සතුටුයි… තාත්තත් සතුටු වුනා. ඒත් මේ ගත්ත අවදානම ගැන ඒ අය ටිකක් බයෙන් ඉන්නේ. අම්මලා එහෙමයි නේ.  හැබැයි එයාල මම ගැන දන්න නිසා විශ්වාසයක් තියනවා මට අනතුරක් වෙන්නේ නෑ කියලා.” ඔහු කීවේය. අන්තිමට ඔහු අපෙන් ඉල්ලීමක් කළේය.

“අනේ මේකත් ලියලා තියන්න. මම අහලා තියනවා මෙතනින් හරියට ගෑනු ළමයි ගඟට පනිනවා කියලා. මූලිකම හේතුව ආදර සම්බන්ධතා බිඳ වැටීම වගේ සිද්ධි. අපි ජීවත් වෙන්නයි ශක්තිමත් වෙන්න ඕන. ජිවිතයක් නැති වෙන්න ගතවෙන්නේ ඉතාම පොඩි වෙලාවක්. අපි අරගල කරන්න ඕන ජීවත් වෙන්න…” තරුණ පොලිස් නිලධාරියා කීවේය. ඔහු කී දේ ඒ අයුරින්ම ලියා තැබුවෙමි.

අප ජීවත් වන්නේ වීරයන් නොසිස් සමාජයක බව දැන් ඔහු රටට  කියා දී ඇත. අනෙකා වෙනුවෙන් ජීවිත අවදානමක් ගැනීමට වුවත්  සූදානම් පරාර්ථයක් සහිත තරුණයින් මේ වටපිටාව තුළත් බිහිවන බව ඔහු පෙන්වා දී ඇත. එය යහපත් හෙටක් වෙනුවෙන් ප්‍රාර්ථනා මාත්‍රයක් දල්වන බව මහා බරකින් යුතුව ලියා තබමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩුවන විදුලි ඉල්ලුම සමග ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර කරගැනීමට පියැසි මත සූරිය පැනල සහිත විදුලි සේවකයෝ පද්ධති අක්‍රීය කරති…

Next Post

ලක්ෂ 15ක මත් කුඩු සමග ගාල්ල බන්ධනාගාරයේ නියාමකයෙක් අත් අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.