සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

සිතිවිල්ල පුතාගෙ…. වෙරළ නසන ප්ලාස්ටීක්වලින් ඇතෙක් සැදූ කලාකාර තාත්තා

by editor
දෙසැම්බර් 26, 2020
in කලා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ විශිෂ්ඨ චිත්‍ර සහ මූර්ති ශිල්පියයකු වන ලලිත් සේනානායක මේ දවස්වල වැඩියෙන් හැපෙන්නේ යකඩ එක්කය. අබලි යකඩවලට පණ දෙමින් ඔහු සිදු කරන විශිෂ්ට නිර්මාණ සඳහා ලලිත් ලෝ ප්‍රකටය. ඔහු මේ නිර්මාණ අතරේ ලබන අස්වැසිල්ලක තම බිරිය සහ දරු දෙදෙනාද සමඟ නිවසට  සමීපව පිහිටි හැඳල දික්ඕවිට, උස්වැටකෙයියාව වැනි වෙරළ තීරවලට ගමන් කිරීම පුරුද්දක් කරගෙන සිටින්නේය.. දිනක හැන්දෑවක පවුල පිටින් මේ මුහුදු තීරයට ගිය ලලිත්ට වෙරළ තීරයට යාව  පමුහුදේ පාවමින් තිබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය තොගයක් දැක ගත හැකි විය. එය දුටු ඔහුගේ දස හැවිරිදි පුතු පවන් අපූරු කතාවක් කීවේය.

“තාත්තේ මම දැක්කා ටී වී එකේ උතුරු මුහුදේ විශාල ප්ලාස්ටික් ගාබේජ් පැච් එකක්. ඒකේ කිව්ව හැටියට ඒක තමයි ලෝකේ ලොකුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැච් එක.  අපි මෙතන තියන ඒවා අයින් කරමු. ඒවා රී සයිකල් කරමු. “

මේ කතාවෙන් ලලිත්ට අපූරු හැඟීමක් ඇතිවන්නට ගත වූයේ අසුරු සැණෙකි.

“අපි මේවා එකතු කරල ලොකු අලියෙක් හදමු.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දියණිය යානි සහ පුතා පවන්

ලලිත් සේනානායකත් ඔහුගේ  බිරිය රුවන්තිත්  දියණිය යානි සහ පවන් පුතාත් ඊළඟට කළේ දින ගණනක් මේ මුහුදු තීරයට පැමිණ ප්ලාස්ටික් එකතු කිරීමය. මේ අතරේ ලලිත් අහම්බයකින් චිත්‍ර ප්‍රදර්ශනයකදී හමුවී මිතුරියක් වූ ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු  තානාපති කාර්යාලයේ   කේට් හමුවිණි. ලලිත් කේට් වෙත මේ අදහස ගැන කීවේය. ඒ හරහා ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ කාර්යයට යම් මූල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නට ද එකඟ විය. ලලිත් වැඩේට තදින් අත ගැසුවේ එහි වටිනාකම ගැන සේම මෙය විශිෂ්ට නිර්මාණයක් වනු ඇති බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලද දිරිය නිසාය.

ඔහු එකතු කර ගත ප්ලාස්ටික් කන්ද ගෙදර ගොඩ ගැසුවේය. අපද්‍රව්‍ය කන්දරාවක් ගෙවත්තේ ගොඩ ගසා ගැනීම හිතන තරම් ලේසි නැති අමිහිරි අත්දැකීමකි.   කෙසේ හෝ මේ අබලි ප්ලාස්ටික් තොගයට පණ  ලැබුණේ මේ අඩි 12ක් උස අඩි 16ක් දිග ජීවමාන අලියකුගේ ප්‍රමාණයට ඉදි වුණු අපූරු ප්ලාස්ටීක් හස්තියෙකුගෙනි.

“ මම හිතුවට වඩා මේ කාර්යය අසීරු වුණා. හේතුව ප්ලාස්ටික් එකින් එකට බද්ධ කිරීම සම්බන්ධ කිරීම තරමක් අසීරු ව්‍යායාමයක් වුණු නිසා.

ලලිත් සේ්නානායක

නමුත් මාස දෙක හමාරක් වැනි කාලයක් තුළ මට මේ හස්තියා නිර්මාණය කර ගන්න පුළුවන් වුණා. මේ කාර්යය ඉවර කරලා ඊයේ අපි  (24) මේ අලියා දික්ඕවිට වෙරළ තීරයේ ස්ථාපනය කළා. “

“මේ වෙරළ තීරයට සාමාන්‍ය කාලයේදී බොහෝ ජනතාව එනවා. දේශීය වගේම විදේශිකයනුත් එනවා. ඔවුන්ගෙන් ඇතැමෙකු අතින් මේ සුන්දර වෙරළ ප්ලාස්ට්ක්වලින් අපවිත්‍ර වෙනවා. නමුත් ඔවුන්ට මේ හස්තියා එකවර ම දුටු විට ඒ ප්ලාස්ටික් විසි කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා. අපට අවශ්‍ය මේ සයුරු සම්පතට එහි ජීවීන්ට ලොකු අනතුරක් වී ඇති ප්ලාස්ටික් පරිහරණය පාලනය පිළිබඳව යම් හෝ පණිවිඩයක් දෙන්නයි.“

සංචාරකයන් අකර්ෂණය වන වෙරළ තීර කිහිපයකම මෙවැනි නිර්මාණ කිහිපයක් ස්ථාපනය කිරීම ලලිත්ගේ අදහසය. ඔහු පවසන ආකාරයට මේ නිර්මාණය සිදු කිරීම සඳහා   යොදා ගෙන ඇත්තේ වෙරළ තීරයේ තිබී එකතු කර ගත් ප්ලාස්ටික් වතුර බෝතල්, සිසිල් බීම බෝතල්, සෙල්ලම් බඩු කැබැලි, විවිධ ගෘහ උපකරණ කැබලි ආදියයි. මෙම ප්ලාස්ටික් ඇතා වෙනුවෙන් එවැනි ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 600ක් පමණ අවශ්‍ය වූ බව ඔහු කියන්නේය.

වෙරළින් සොයාගත් අපද්‍රව්‍ය වලින් නිම කළ ඇතා..

ලලිත් සේනානායක මාධ්‍ය ක්ෂේත්‍රයෙන් කලා ලෝකයට අවතීර්ණ වූ චරිතයකි. මුලින්ම උපාලි පුවත් පත් සමාගමේ චිත්‍ර ශිල්පියකු ලෙසින් තම වෘත්තීය ජීවිතය අරඹන ලලිත් පුවත් පත් කාටූන ඇතුළු සියලුම ආකාරයේ චිත්‍ර ඇඳීමෙහි සමත් කලා ශිල්පියෙකි. මේ වන විට චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශන කිහිපයක්ද පවත්වා ඇති ඔහු   කලක් රිවිර පුවත් පතේ නිර්මාණ කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

පුවත්පත් ජීවිතයට සමුදුන් ඔහු යොමු වූ තවත් ක්ෂේත්‍රයක් වූයේ ඒ වනවිට ප්‍රවණතාවක්ව පැවති  අබලි යකඩ ආශ්‍රයෙන් සිදු කරන ලද මූර්ති නිර්මාණකරණයටය. මේ වනවිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ නිර්මාණ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි ද ප්‍රදර්ශනය විය. චීනයේ චෙන්ඩු නගරයේද විශාල ප්‍රමාණයේ වීදි මූර්ති නිර්මාණ දෙකක් ඔහු විසින් ඉදිකරනු  ලැබ ඇත. කොළඹ ගංගාරාමය අභියස තිබෙන හස්ති රාජයකුගේ සහ බෙර වාදකයකුගේ දැවැන්ත අයෝමය මූර්තියද ඔහුගේ නිර්මාණයකි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට එන කුඩු අල්ලන්න ජාත්‍යන්තර ඔත්තු සේවාත් එක්වෙයි

Next Post

විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය අසාර්ථකයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.