සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

යුගයක් රසවත්කළ මියුරු ගී පද රචක, ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා සමුගනී..

by editor
ජූලි 17, 2021
in කලා
Share on FacebookShare on Twitter

ප්‍රවීණ ගීත රචක සහ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය . ඔහුගේ දේහය හෙට උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා වත්තල මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.

අවසන් කටයුතු එදිනම සිදු කිරීමට නියමිතය.

ඔහු වඩාත් ජනප්‍රසාදයට පත් වූයේ ගීත රචකයෙකු ලෙසිනි. කැමිලස් පෙරේරා ලියූ ගීත ප්‍රමාණය දහසකට අධික බව කියැවේ.

විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන “හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට, කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය ගායනා කරන සප්තකන්‍යා චිත්‍රපටයේ ආශ්වදනීය ගීතය වූ “උන්මාද වූ ප්‍රේමාදරී“ මහාචාර්ය සනත් නන්දසිරි ගයන “ පින්බර යුවතිය කුලකුමරිය වී මංගල මල් නැකතේ“ ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරන “හදවිලේ ඔබ පිපුණා“ රෝහන සිරිවර්ධන ගායනා කාරන “දේව මන්දීරේ“ වැනි අතිශය ජනප්‍රසාදයට පත් ගීතවල පද රචකයා වූයේ ඔහුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සනත් නන්දසිරි ගයන “විකසිත වතකමලේ” “නාමල සේ සිනාවී”, ෆීලික්ස් ඇන්ටන් ගයන “ආදර ප්‍රිය ළදුනේ”- ටී.එම්. ජයරත්න ගායනා කරන “හදිස්සියේ හනි හනිකට” විශාරද නන්දා මාලනී ගයන “රැයේ තුන්‍ යම” සහ “දුර ඈත තුරු වදුලේ” එඩ්වඩ් ජයකොඩි ගයන “පෙර ඔබ මා හමුවී” ආචාර්ය වික්ටර් රත්නායක ගයන “ආයුබොවේවා” රෝහණ සිරිවර්ධන ගයන “පෙරදා ඈ මගේ” දමයන්ති ජයසූරිය ගයන “ඔබ සිත සසලව ” නිර්මලා රණතුංග ගයන “පාවේදෝ මිදී ඈත” පුන්සිරි සොයිසා ගයන “මා තනිවෙලා” වැනි ගීත තවමත් සහෘද හදවත් තුළ නොමැකෙන සේ තැන්පත් වී ඇත්තේය.

“ඥානාර්ථ ප්‍රදීපය” පුවත් පතින් සිය වෘත්තීය මාධ්‍ය දිවිය පටන් ගෙන “ලංකාදීප”,”ලක්බිම”,”ඉරුදින”,” දිනමිණ”,” මව්බිම”,” සරසවිය”,”ගීතා” පුවත් පත් හී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කැමිලස් පෙරේරා “තිත්ත හකුරු” , “දඬුවම” “මට සමාවක් නැද්ද” යන වේදිකා නාට්‍ය ලියා වේදිකා ගත කල අතර,”දෙවෙනි ගමන”, සහ ” මංගල තෑග්ග” චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂ වරයෙකු ලෙසද තම හැකියාවන් ඉස්මතුකර ලීය.

1947 අප්‍රියෙල් 04 වන දින උපන් මේ නිර්මාණශීලි කලාකරුවා නමින්, මාකවිටගේ ස්ටැන්ලි කැමිලස් ප්‍රේරා නොහොත් කවුරුත් දන්නා කැමිලස් පෙරේරා යි.

චිත්‍රපට පසුබිම් ගී නිර්මාණ ශිල්පියෙකු ලෙස , “අසිපත මමයි”-1986, “මංගල තෑග්ග”-1987,”සහරාවේ සිහිනය”-1990, “වැඩ බැරිනම් වැඩක් නෑ”-1991, “සප්ත කන්‍යා”-1993, “දෙවියනි සත්‍ය සුරකින්න”-1995, “බොඩිගාඩ්”-1996,”මන මෝහිණී”-1996,” රෑ රූ”-1999, “සීත සමීරේ”-1999, “දඬුවම”-2000,”විශ්ම රාත්‍රිය”-2003 ඇතුළු චිත්‍රපට රැසකට ගීත ලියා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඳවාගෙන ඉන්න රසායනික පොහොර හෙට නිකුත් නොකළොත් අනිද්දා රාජසන්තකයි

Next Post

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ අද දැයෙන් සමුගනී…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.