ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දිවි සැරිය නිමා කර ඈත රන් විමන් දොරකින් යන්නම ගිය ආදරණීය මිනිසා… ප්‍රියා ගේ කතාව!

by editor
දෙසැම්බර් 24, 2024
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

යුගය ගණනක් පුරා රසික හදවත් ආනන්දයෙන් පිරවූ අනන්‍ය පෞරුෂයක් සහිත මියුරු හඬකින් සිංහල ගීතාවලිය ප්‍රේමයෙන් පිරවූ විශිෂ්ඨ ගායක ප්‍රියා සූරියසේන දිවි සැරියෙන් සමුගත් ඛේදනීය ප්‍රවෘත්තිය වාර්තා කරමු.

සිසු දරු දැරියන් දහස් ගණනකට සංගීත ඥානය බෙදූ ගුරුවරයෙක්, සංගීතඥයෙක් මෙන්ම ගී පද රචකෙයක් ද වූ මේ විශිෂ්ඨ මිනිසා දිවි සැරියෙන් ගන්නා විට 80 වැනි විය ගත කරමින් සිටියේය.

දිවි ගමනේ ඇරඹුම

ප්‍රියා සූරියසේන 1944 ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ උඩරට මධ්‍යම පාන්තික පවුලක උපත ලැබීය. ඔහුගේ පියා ජේමිස් අප්පුහාමි කවියෙකු වූ අතර, ප්‍රියාට ඔහුගෙන් සංගීත කුසලතා ලැබුණි. ඔහුගේ මව A. M. පොඩි මැණිකේය. ඔහු හතර දෙනෙකුගෙන් යුත් පවුලක එකම පුත්‍රයා විය. නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ප්‍රියා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ සම්පූර්ණ කළේය.

ප්‍රියා 1968 සිට 1971 දක්වා රජයේ ‘හේවුඩ්’ සංගීත විද්‍යාලය මගින් පැවැත්වූ බාහිර සංගීත විභාගවලට පෙනී සිට සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. 1971 දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු වේදිකා ගායකයකු ද ලෙස ද ඒ අතර කටයුතු කළේය. ඉන්පසු කළුබෝවිල මහා විද්‍යාලයෙත්, දෙහිවල මධ්‍ය මහා විද්‍යායේත් සංගීත ගරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියා සූරියසේන අනතුරුව සිය සංගීත දිවියට මුල්තැන දෙමින් ගුරු වෘත්තියෙන් ඉවත් විය.

ගායන ක්ෂේත්‍රයට පිවිසීම

ප්‍රියා සූරියසේන සිය ප්‍රථම ගීතය පටිගත කර තිබුණේ 1968 වසරේදීය. එය ගැයූ දා සිට අද දක්වාම එක සේ රසික ප්‍රසාදටය පත් “අඳුර අඳුර මගේ” ගීතය ය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

වර්ෂ 1972 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ ඔහුගේ මුල් ගීත 04 පටිගත වන්නේය. “සරතස නිවා, “මට වාසනා,” “හෙට දවසේ අප දෙදෙනා” සහ “අඳුර අඳුර මගේ” ඒ ගීත හතරය. මේ ගීත හතර එක රැයෙන් ජනප්‍රිය වූයේය. ඔහුගේ පළමු ගීත හතර නිකුත් කිරීමෙන් පසු ප්‍රියා ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට පැමිණි අතර 1970 දශකයේ තරුණයින්ගේ හද ගැස්ම ඔහු බවට පත්විය. මේ අතර ඔහු A-ශ්‍රේණියේ ගුවන් විදුලි ගායකයෙක් ලෙසද සමත් වූයේය.

” සුදු පරෙවි රෑණ සේ ගීතය එළිදැක්වීම ප්‍රියාගේ සංගීත ජීවිතයේ කඩඉමක් වූ බව දකිමු. එවකට ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩුව එම ගීතය ගුවන්විදුලි නාලිකා හරහා ප්‍රචාරය කිරීම තහනම් කළේය. කාලාන්තරයක් තිස්සේ සිදුකළ මේ තහනම රටේ ආන්දෝලනයක් ද ඇති කළේය.

ලාල් තේනබදු, දිවංගත සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, දිවංගත ක්ලැරන්ස් විජේවර්ධන රංජිත් පෙරේරා ඇතුළු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් රැසක් ඔහුගේ ගීත රචනා කර ඇත.

කිසිවෙකුගේ අවධානයට යොමු නොවුන විශේෂත්වය වූයේ ප්‍රියා ද දක්ෂ තනු නිර්මාපකයෙක් සහ පද රචකයෙක් ද වීමය. ඔහු H. R. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මර්වින් පෙරේරා, ඇන්ටන් සේනානායක වැනි අනෙකුත් කලාකරුවන්ට ගීත රචනා කළේය. ඇන්ටන් ජෝන්ස් විසින් ගායනා කරන ලද “ශාන්ත අන්තෝනි පියතුමා” සුප්‍රසිද්ධ ක්‍රිස්ටියන් බයිලා සංගීත සහිත ජනප්‍රිය ගීතද ඔහු විසින් රචනා කළ එකකි.

ඔහුගේ පළමු කැසට් පටය විජය රාමනායකගේ තරංග ලේබලය යටතේ නිකුත් වූ අතර එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ දෙවන කැසට් පටය ද විය.

1980න් පසු කාලය

ඔහු 1980 දශකයේ මුල් භාගයේ “මල් කැකුළු”, “බිංදු බිංදු කඳුළු සලා” ගීත ඔහු විසින් ඉදිරිපත් කළේය. එමෙන්ම ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට ද එක් විය. මිල්ටන් මල්ලවාරච්චි සහ ග්‍රේෂන් ආනන්ද සමඟින් එක්ව ඔහු ගැයූ සේන සමරසිංහගේ “ඈතින් ඈතට” චිත්‍රපටයේ “කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා” ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූවේය. මිල්ටන් සහ ප්‍රියා සරසවි සම්ම්නයට පත්වන ඒ සම්මානය අති විශේෂ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ප්‍රියාගේ ජීවිතයේ සටහන් වන්නේය.

පසුව ප්‍රියා සූරියසේන වේදිකාවට පමණක් අවධානය යොමු කරමින් පසුබිම් ගායකයෙකු ලෙස ගායනය අත්හැරියේය.
1990 දශකයේ ආරම්භයේදී සූරියසේන කැසට් නිෂ්පාදන ව්‍යාපාරයට නැඹුරු වූයේය. එ 1996 දී ප්‍රියා “සන්ෆ්ලවර්ස් විත් ප්‍රියා” ඇල්බමය සමඟින් නව සංගීත පරපුරක් රටට ගෙන ආ අතර එය විශාල ආදායමක් උපදවා ගත්තේය. 1990 දශකයේ දී නැවතත් රටේ වැඩිම ඉල්ලුමක් ඇති ගායකයා බවට ප්‍රියා පත් විය.

2006 වසරේ සිරස සුපර්ස්ටාර් නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රියැලිටි සුපර් ස්ටාර් තරගයේ ජයග්‍රාහකයා වූ අජිත් බණ්ඩාර අවසන් තීරණාත්මක තරගයේ දී ගායනා කළේ ඈත රන් විමන් දොරින් ගීතය ය. එම ජයග්‍රහණයත් සමග ප්‍රියා යළිත් විශාල සංවාදයක් ඇති කළේය.
අජිත් බණ්ඩාරගේ මෙම ගායනය පසුව මතභේදයට තුඩු දුන් අතර පසුව එය විසඳුණි. ජීවිත කාලය පුරා ප්‍රියා රටවල් 44කට වැඩි ප්‍රමාණයක සංචාරය කරමින් සහෘදයින් පිනවනු ලැබුවේය.

පුද්ගලික තොරතුරු

1978 දී ඔහු සංගීත ගුරුවරියක් වූ තමරා කුමාරි වීරසිංහ සමඟ විවාහ විය. මෙම යුවළට එක් පුතෙකු සහ දියණියන් තිදෙනෙකු වෙති.

පුතා ලක්ෂිත සූරියසේන ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලක්ෂිත ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරූ අතර වෘත්තියෙන් විද්‍යාඥයෙකි. ඔහු දක්ෂ ගායකයෙක් ද වේ.

වැඩිමහල් දියණිය මිනෝෂි වෛද්‍යවරියකි. දෙවැනි දියණිය ඉරෝෂි ද ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වන අතර පෞද්ගලික බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරයි.

මෙම විශිෂ්ටයාට නිර්වාන සුවය පාර්ථනා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණයෙන් හානියට පත් ගොවිබිම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් දක්වා වන්දියක් දෙන්න කැබිනට් අනුමැතිය!

Next Post

නැගෙනහිර සංවර්ධනයට ඉන්දියානු ආධාරයක් ලෙස රුපියල් බිලියන 2.37ක්…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.