අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අවුරුදු 11 පසු වේදිකාව මත යළිත් පෙළහර පාන මහාචාර්ය රංගවේදියා…

by editor
මාර්තු 27, 2021
in කලා
Share on FacebookShare on Twitter

 ෂර්ලි සමරසිංහ – 

  • හඳගම අවුරුදු 11ක් තිස්සේ ඇන්ටික් කඩයක මරණයක් පිටපත ලියාගෙන මම නිදහස් වනතුරු බලන් හිටියා
  • ගෙවුණු කාලය තුළ මගේ ශිෂ්‍යයන්  වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය  වෘත්තිය තත්වයන්ට ලඟා වෙලා ඉන්නවා..
මහාචාර්ය සෞම්‍ය ලියනගේ

ලංකාවේ අපේ කාලයේ බිහිවුණු විශිෂ්ටතම වේදිකා රංගන ශිල්පියෙක් වූ සෞම්‍ය ලියනගේ වසර 11කට පසුව යළිත් වේදිකාවට ප්‍රවේශ වී සිටී. ඒ ගතවූ දශකය තුළ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශිෂ්ට පරිචයක් සහිත විද්වතෙක්, ජාත්‍යාන්තර අත්දැකීම්  සහිත ප්‍රමාණිකයෙක් හා ලංකාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව    මහාචාර්ය තනතුරින් පිදුම් ලැබූ ගෞරවාන්විත මනුෂ්‍යයෙක් ලෙසය.  සිය අධ්‍යයනයන් පර්යේෂණ ක්‍රියාවලීන්ගෙන්  ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරමින් සිටින අතර යළිත් ඇන්ටික් කඩයක මරණයක් හරහා රංගන ශිල්පියෙක් ලෙස වේදිකාවට ගොඩවන මහාචාර්ය සෞම්‍ය ලියනගේ  සිළුමිණ  රසඳුන අතිරේකය  සමග කළ කෙටි පිළිසඳර මෙසේ උපුටා පල කරමු.

ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යය අද (27) 3.30 සහ 6.30 දර්ශන වාර දෙකක් හා ලබන සෙනසුරාදා ( අප්‍රේල් 03) දර්ශන වාර දෙකක් ලෙස ලයනල් වෙන්ට්ඩ් රඟහලේ වේදිකාගත වීමට නියමිය. 

  •  වසර ගණනාවකට පසුවයි ඔබ වේදිකා රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ . පසුගිය වකවානුව ගත වුණේ කොහොමද කියන තැනින් කතා පටන් ගමු.

2010 වසර වෙනතුරු මම වේදිකාවෙ සක්‍රීයව වැඩ කළා. මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා මට ඔස්ට්‍රේලියානු රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

එය පර්යේෂණ ශිෂ්‍යත්වයක්.  ඒ නිසා මම 2010 වසරේ ඔස්ට්‍රේලියාවට යනවා මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්න.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඒක ටිකක් බරපතළ අධ්‍යාපන ක්‍රියාවලියක්. අවුරුදු තුනහමාරක් හතරක් වගේ දීර්ඝ කාලයක්  මගේ උපාධි නිබන්ධනයේ කටයුතු සඳහා වෙන් කරන්න වුණා.

මම ලංකාවට වරින් වර කීප වතාවක් ආවත්  වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ලාටෝම් විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යයන කටයුතු සිදුවුණේ. අධ්‍යාපන කටයුතු ඉවර කරල 2014 වසරේ අග මම ලංකාවට ආපහු ආවා. ඒත් සමගම මට විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙන්න සිද්ධ වුණා.

  • විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය ජීවිතය ඇතුළෙ ඔබ හිර උනා ද?

නෑ… කිසිසේත්ම නෑ… මේ තෝරාගැනීම  මං කැමැත්තෙන්  කළ දෙයක්. නළුවෙක් හැටියට වැඩ නොකලාට විශේෂයෙන් නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා ඉටු කළ යුතු වගකීම් සම්භාරයක් මා වෙත පැවරුණා විශ්වවිද්‍යාලයෙන්.  සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා විදිහට මට කටයුතු කරන්න සිද්ධ වුණා.

මගේ විශ්ව විද්‍යාලීය  සේවා ජීවිතය තුළ පශ්චාත් උපාධි මට්ටමේ ප්‍රාසංගික කලා විෂය ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා කටයුතු ගණනාවක් සිදු කළා. ව්‍යාපෘති ,පර්යේක්ෂණ , සහ අන්තර්ජාතික පරිසංවාද ඇතුළු විවිධ කර්තව්‍යයන් ගණනාවකට මම සම්බන්ධ වෙලා ඒ සඳහා මූලිකත්වය ගෙන වැඩ කටයුතු කළා.   විදේශ විශ්වවිද්‍යාල සමඟ කටයුතු කරන්න පටන් ගත්තා.   මේ කාර්ය බහුලවීම නිසාම මට සෘජුව කාලය කළමනාකරණය කර ගැනීමට අපහසු වුණා නාට්‍ය රංගනයට  එක්වෙලා ලංකාවේ වේදිකා නාට්‍ය තුළ වැඩ කරන්න.

නමුත් ඇත්තටම මේ ගෙවුණු දශකය ඇතුළත   නාට්‍ය හා රංග කලා දෙපාර්තමේන්තුවේ මගේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක්  මේ වන විට තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් හැටියට නාට්‍ය රචකයන් අධ්‍යක්ෂකවරුන් හැටියට ලංකාවේ වේදිකාව තුළ වෘත්තීමය වශයෙන් වැඩ කරන තත්ත්වයකට ඇවිල්ල තියෙනවා. ඉතින් වේදිකාවේ මාව නොපෙනුනාට  මා වේදිකාවෙ හිටියා. ඒක මට ඉතාමත් සතුටට කාරණයක්.

  • වේදිකාවේ සක්‍රීයව වැඩ කරපු රංගන ශිල්පියෙක් විදිහට  හිටපු අවධියක් ඔබ පසුකළා. ඇන්ටික් කඩයක මරණයක්  නාට්‍යයට කලින්   ඔබේ අවසන් රංගන අත්දැකීම් ගැන මතකය  කොයිවගේ ද?.  

 2010 වෙනකොට මම රාජිත දිසානායකගේ “ආපසු හැරෙන්න බැහැ “කියන වේදිකා නාට්‍ය රඟපෑවා. ඒක ඇත්තටම රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා අපි ගෙනගිය නාට්‍යයක්. ඒ වගේම ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සම්මානය මට ලැබුණා . ඒ වගේම සම්මාන ගණනාවක් ඒ නාට්‍යයට ලැබුණා.

ඉන්පසුව ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ “කළම්බු කළම්බු” වේදිකා නාට්‍යයේ මා රඟපාමින් හිටියා. ඒකත් කිසියම් විදිහක සන්ධිස්ථානයක්  සලකුණු කළ නාට්‍යයක්. එම නාට්‍යය ඉන්දියාවේ තිබුණු අන්තර්ජාතික ස්ත්‍රී නාට්‍ය උළෙල සඳහා තෝරාගෙන නවදිල්ලි නුවර සහ මුම්බායි නගරයේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් සඳහා  ප්‍රදර්ශන වාර දෙකක් පැවැත්වූවා.  එය ඒ කාලෙ කළ සාර්ථක නාට්‍යයක්.

ඊට පසුව මම විශාල නාට්‍ය ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. ඒ වන විට ඉන්දික ෆර්ඩිනැන්ඩු ආචාර්ය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කටයුතුවල යෙදෙමින් හිටියා. ඔහුගේ ආචාර්ය උපාධියේ නිර්මාණාත්මක ක්‍රියාවලියක් සඳහා දැවැන්ත නාට්‍යයක් නිෂ්පාදනය කළා ඉංග්‍රීසි භාෂාවෙන්.

ඇන්ටික් කඩයක මරණයක්…

ඒක පර්යේෂණ නාට්‍යයක් නිසා අවාසනාවකට වගේ මෙම නාට්‍ය දීර්ඝ කාලයක් පෙන්වන්නට අපට හැකි වුණේ නැහැ.   නාට්‍ය ප්‍රදර්ශනය කළේ  දර්ශන වාර තුනයි. එය ඔහුගේ ආචාර්ය උපාධිය පර්යේක්ෂණ නිබන්ධය කොටසක් විදිහට කරපු නාට්‍යයක් වුණත් මගේ රංගන ජීවිතයේ එය අතිශය වැදගත් කඩඉමක් විදිහට සඳහන් කරන්න මම කැමතියි.

  • අශෝක හඳගමගේ “ඇන්ටික් කඩයක මරණයක්”නාට්‍යයට සම්බන්ධ වීමට විශේෂ හේතුවක් තිබුණද.?

විශේෂ හේතුවක් තියෙනවා. අශෝක හඳගම මහත්මා කාලෙකට කලින් මේ පිටපත සකස් කරලා  තිබුනේ .

2010 දී ඔහු මට ආරාධනා කළා ඒ නාට්‍ය කරමු කියලා. ඒ වර්ෂයෙ  මට ඔස්ට්‍රේලියාවට යන්න සිද්ද වුණා. ඒ නිසා නාට්‍ය කරන්න බැරිවුණා.   අශෝක හඳගම මහත්මාට මා නැතිව මේ නාට්‍ය කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඔහු වසර ගණනාවක්  මා නිදහස් වන තුරු හිටියා කිව්වොත් නිවරදියි.

  • ඇයි අශෝක හඳගම ඔබවම මේ නිර්මාණයට  සම්බන්ධ කරගන්න අවුරුදු 10ක් හිටියෙ…

මේ නාට්‍යයට මං සම්බන්ධ වෙන්නත් අශෝක හඳගම මහත්මයා අවුරුදු දහයක් බලාගෙන ඉන්නත් හේතුවක් තියෙනවා. මොකද මෙම නාට්‍ය පදනම් වන්නේ අශෝක හදගම මහත්මයා නිර්මාණය කරපු “අක්ෂරය “නැමැති චිත්‍රපටය පදනම් කරගෙනයි.”අක්ෂරය”චිත්‍රපටයේ එක් ප්‍රධාන භූමිකාවක්  මා නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ මා නිරූපණය කළ භූමිකාව කෞතුකාගාරයේ මුරකරු රස්සාව කරන මනුෂ්‍යයෙකුගේ චරිතයක්. ඒ චරිතයේම යම්කිසි වර්ධනීය අවස්ථාවක් වියපත් චරිතයක් විදිහට ඒ නාට්‍යයෙන් ප්‍රකාශයට පත්වෙනවා.  චිත්‍රපටයේම චරිතය තමයි මේ නාට්‍යයේ තියෙන්නෙ. හඳගම මහත්මාට අවශ්‍ය වුණා චිත්‍රපටයේ භූමිකාව නිරූපණය කළ නළුවාම මේ චරිතයට සම්බන්ධ කරගන්න. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දෙන්නටම ටික කාලයක් ඉන්නත් සිද්ධ වුණේ මේ නිර්මාණය සඳහා.

ඒ වගේම යම්කිසි විදිහකට මං පශ්චාත් උපාධි පීඨයෙ වසර තුනක කටයුතු කළාට පස්සෙ මම ඉවත් වෙලා ඉන්නේ. මට පොඩි නිදහසකුත් ලැබුණා ඔහුත් එක්ක වැඩ කරන්න . මොකද විශාල කාලයක්  කැප කරන්න ඕන නාට්‍යයක් පුහුණු වීම සඳහා. අපි මාස කීපයක් පුහුණුවීම් කළා. මූලිකව කොරෝනා තත්වයත් සමගම zoom තාක්ෂණයෙන් මූලිකම සංවාද සිදුකළා. ඊට පස්සේ පිටපත සමග වැඩ කළා. අනතුරුව අපි භෞතික වශයෙන් මුණගැහිලා නාට්‍ය නිර්මාණය කරන කර්තව්‍යයට අත තිබ්බා.

ඒක ප්‍රතිඵලය තමයි ඔබ මේ දකින්නේ.

  • මහාචාර්යවරයෙක් විදිහට, රංගන ශිල්පියෙක් විදියට  ඔබට අපේ සමාජය දැනෙන හැඟෙන ආකාරය ගැන අවසන් වශයෙන් කතා කරමු.

මම විශ්වවිද්‍යාලය තුළ මහාචාර්යවරයෙක් විදියට වැඩ කරන්නෙත් ,වේදිකාව තුළ නළුවෙක් හැටියට වැඩ කරන්නෙත් එක්තරා විදිහකට මේ සමාජය සමඟ සිද්ධ කරන්න ඕන ගනුදෙනුව මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි අදහසක් තියාගෙන. නාට්‍ය හා රංග කලාව පිළිබඳව  පළමු මහාචාර්ය තනතුරක් දරන්නේ මමයි.

මගේ විශ්ව විද්‍යාල භූමිකාව සහ නළුවෙකුගේ භූමිකාව කියන භූමිකා දෙක ගත්තම ඒ දෙකෙහිම එක්තරා හුයක් සහ ප්‍රධාන ධාරණාවක් තියෙනවා. ඒ තමයි සමාජය මිට වඩා යහපත් තැනකට තල්ලු කර ගැනීමට කරන උත්සාහය.

මෙම පුළුල් ක්‍රියාවලිය වෙනුවෙන් මගේ භූමිකාව මේ මොහොතේ මෙහෙයවමින්  ඉන්නේ.

– සිළුමිණ රසඳුන අතිරේකයෙන් උපුටා ගැනුණි –

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් අඩංගුවටපත් ගුරුවරන් සිටි මද්‍රසා පාසලේ දේශන සඳහා සහරාන් ඇවිත්..

Next Post

“පෝට් සිටියේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඕනෑ “

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.