අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පෝට් සිටියේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඕනෑ “

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ විද්වත් ආයතනයක් කියයි

by Lanka Sara Editor
මාර්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ අලුතින් ඉදිකෙරෙන වරාය නගරය ව්‍යාපෘතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ගිනි නිවන හමුදාව ඇතුළු අදාල සියලුම අධිකාරි ආයතනවල ඒකාග්‍රතාවය සහිත ජාතික ආරක්ෂාව සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජාතික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ආයතනයෙහි විශේෂඥයෝ පෙන්වා දෙති.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති විද්වත් ආයතනයක් වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ විද්වතුන් මේ අදහස් පළ කළේ පසුගියදා කොළඹදී පැවති වරාය නගරයේ නීති පද්ධතිය පිළිබඳ යෝජනා පිළිබඳ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට මීට සම්බන්ධ විවිධ පාර්ශ්ව සහභාගි වී ඇති අතර එය මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය කළමනාකරණ සහ මහජන පවිත්‍රතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්.කේ.පී. දේවරාජා මහත්මියගේ මෙහෙයවීම යටතේ පවත්වා ඇත.

ඊට සහභාගි වූ විද්වතුන් පෙන්වා දී ඇත්තේ යෝජිත වරාය නගරය තුළ පවතින යටිතල පහසුකම්, පරිසර සංරක්ෂණ ක්‍රමවේද මහජනතාව සඳහා විවෘත ප්‍රදේශ ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇති අතර මෙම යටිතල පහසුකම් එම කලාපයේ සිදු කරන ව්‍යාපාර මෙහෙයුම් ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාතික ආරක්ෂාව පසුබිම් කරගෙන ඊට අදාළ ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට බොහෝ දෙනෙක් මත පළ කර ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එමෙන්ම මෙහිදී රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් දේවරාජා මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම වරාය ව්‍යාපෘතිය හුදෙක් ඉඩම් කට්ටියක් ලෙසින් නොව මෙය විශේෂ පහසුකම් සහිත ගැලපෙන ප්‍රතිපත්ති සහ භාවිතාවන් සහිත කලාපයක් ලෙස සලකා අදාළ තීන්දු තීරණ ගත යුතු බවයි.

එහිදී තවත් සාකච්ඡාවට ලක්ව ඇති කරුණක් වන්නේ දියකඩනයේ වගකීම ආරක්ෂාව සහ නඩත්තු මෙහෙයුම් සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

දැනට එවැනි අවශ්‍යතාවයක් නොමැති නමුත් මෙවැනි විශාල ව්‍යාපෘතියක දී එවැනි ආයතනයක අවශ්‍යතාවයක් පවතින බවද එහි දී සාකච්ඡා කොට ඇත.

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක් වූ විද්වතුන් අතර හිටපු ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කමල් රණතුංග, Need solutions ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කමාන්ඩර් ඩීවීසීවී සෝලිස් ඇතුළු පිරිසක් සහභාගී වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 11 පසු වේදිකාව මත යළිත් පෙළහර පාන මහාචාර්ය රංගවේදියා…

Next Post

චීනය සමග ගනුදෙණු කර ලංකාව වැටුණු වලේ වැටෙන්නෙ නෑ…බංගලාදේශය කියයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.