සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අවුරුදු අටයි… ජොර්ජ් කිට් ගේ චිත්‍ර හොරා තවමත් නිදැල්ලේ…

සිතුවම් දෙකට මිලක් නියම කර නෑ.... චිත්‍ර හොරකම් කරන්නෙ අධි ආරක්ෂිත කලාපයකදි

by editor
මාර්තු 16, 2021
in කලා
මව සහ දරුවා සිතුවම

මව සහ දරුවා සිතුවම

Share on FacebookShare on Twitter
  • චිත්‍ර දෙක හොරකම් කරන්නේ ලන්ඩන් චිත්‍ර ප්‍රදර්ශනයේ දි මීට සමාන චිත්‍රයක් ස්ටර්ලින් පවුම් 35000කට විකුණානට පස්සේ…

  • කොම්පඤ්ඤවීදිය පොලිස් පරීක්ෂණවලට අවුරුදු 05යි…  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී අවුරුදු 03

  • බඩුත් සමග හොරු තවමත් නිදැල්ලේ…

ලාංකේය චිත්‍ර කලාව නව මාවතකට යොමු කළ ජෝජ් කිට් ලොව සුපතල ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පීන් අතලොස්සක් අතර ඉදිරියෙන් ඇති නාමයකි.

සෝලියස් මැන්දිස්ගේ කැලණිය විහාරයේ සිතුවම්වලින් පසු නූතන විහාර සිතුවම් කලාවේ විශිෂ්ටයෙකු සේ සැලකෙන්නේ ද ජෝජ් කිට්ය. ඔහුගේ තෙලි තුඩින් නිර්මාණය වූ බොරැල්ල ගෝතමී විහාරගෙයි ඇති  සිතුවම් අදටත් ජාත්‍යන්තරයේ අවධානය නිරතුරුව ලක්වන්නෙකි. එම චිත්‍ර රස විදීමට ගෝතමී විහාරයට කලාවට ලැදි විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ එබැවිණි.

විසි අට වසරකට පෙර ඔහු මිය ගිය ද ඔහුගේ නාමය මියැදී නැත්තේ ඔහුගේ තෙලිතුඩින් සිතුවම් කෙරුණු නිර්මාණයන්ට පෙම්බැදි මිලියන ගණනක රසිකයන් අදටත් ලොව පුරා විසිරී සිටින නිසාය.

මේ විශිෂ්ට ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පියා ගැන මෙවන් සටහනක් තැබීමට සිදුවන්නේ ඔහුගේ තෙලිතුඩින් හැඩ ගැන්වූ මෙතෙක් මිල කර නැති සිතුවම් දෙකක් සොරා ගැනීමට ලක්ව වසර අටක් ගෙවී ගියද අදටත් එම සිතුවම් දෙක සොයා ගැනීමට සමත්ව නොමැති බැවිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිතුවම් දෙක සොරා ගැනෙන්නේ 2013 වසරේ ජූලි 12 වෙනිදාත් 19 වෙනිදාත් අතර කාලය තුළදීය.  මෙම සොරකම් සිදුවන්නේත් එසේ මෙසේ ස්ථානයකදී නොව, දැඩි ආරක්ෂාවක් සහිතව පිහිටි අංක 130 ගැලතිව් වීදිය, කොළඹ 02 දරණ ස්ථනයේ පිහිටි ජෝන් කීල්ස් ප්‍රධාන කාර්යාලයේදීය.

එසේ සොරා ගැනීමකට ලක්වන එක් සිතුවමක් ජෝජ් කිට් විසින් නම්කර  තිබී ඇත්තේ “මදර් ඇන්ඩ් චිල්රන්ඩි නොහොත් මව සහ දරුවා“ ලෙසිනි. අනෙත් සිතුවම නම්කර ඇත්තේ “ වසන්ති“කියාය. “මදර් ඇන්ඩ් චිල්රන්ඩ්“  ජෝජ් කිට්ගේ අතින් සිතුවමට නැගී ඇත්තේ 1953 වසරේදීය. “වසන්ති“ සිතුවම නිර්මාණය වන්නේ 1950 වසරේදීය.

මෙසේ සොරා ගැනීමට ලක්වන සිතුවම් දෙකට සමාන සිතුවමක් එකල ලන්ඩනයේ පැවැති චිත්‍ර ප්‍රදර්ශනයකදී වෙන්දේසි වී තිබුණේ ස්ටර්ලින් පවුම් 35000 කටය. මිල කළ නොහැකි වටිනාකමකින් යුතු වුවත් මේ සිතුවම් දෙකට මිලක් නියම කරන්නේ  අඩුම තරමින් එය  ස්ටර්ලින් පවුම් 70000 ඉක්මවන්නේය. එහෙත් මෙම සිතුවම් සඳහා මිලක් නම් ඒ වන විටත් නියම කර තිබුණේ නැත. මෙම චිත්‍ර සොරකම සිදුවන්නේද ලන්ඩන් චිත්‍ර ප්‍රදර්ශනයේදී ජෝජ් කිට්ගේ සිතුවම්වලට ඉහළ මිලක් නියම වීමත් සමගිනි. ඒ අනුව පෙනී යන්නේ මෙම සොරකම සිදුවන්නේ එහි නියම වටිනාකම දන්නා අයෙකුගේ මෙහෙයැවීමකින් බවකි.

ලෝකයේ සිතුවම් සොරකම් සුලභය. ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම පවා අධි ආරක්ෂිත සේප්පුවල බහා ආරක්ෂාකරන්නේද සොරුන්ගෙන් එය ආරක්ෂාකර ගැනීම සඳහාය. එහෙත් අපේ රටේ මෙයට පෙර ඉතිහාසයේ සිතුවම් සොරා ගැනීමක් වාර්තා නොවූ නිසාදෝ ජෝජ් කිට්ගේ සිතුවම් වලට ලෝකයේ මෙන් අධි ආරක්ෂාවක් ලැබී තිබුණේ නැති බව පෙනේ.

මෙම චිත්‍ර දෙක තිබී ඇත්තේද ජෝන් කීල්ස් ආයතනයේ බිත්ති සැරසිල්ලක් ලෙසිනි. ජෝජ් කිට් පදනම වාර්ෂීකව සංවිධානය කරනු ලබන කලා පොලට අනුග්‍රහය දක්වන එකම ආයතනය වන්නේද ජෝන් කීල්ස් ආයතනය වීමද විශේෂිතය. එ‍සේම  ජෝජ් කිට් පදනම වෙනුවෙන් ජෝජ් කිට් මහතා විසින් සිතුවම් කළ නිර්මාන විස්සක් පමණ සංරක්ෂණය වන්නේද ජෝන් කීල්ස් සමාගම හරහාය. එම සිතුවවල දුහුවිලි පිස දමන්නට පවා සමාගම විශේෂඥයින් කැඳවන බවද සඳහන්ය.  ඒ අනුව ගත් කල ජෝජ් කිට් පදනම සහ ජෝන් කීල්ස් ආයතනය යනු දෙකක් නොව, එක්ක් යැයි සඳහන් කළහොත්ද වරදක් නැති තරම්ය.

මෙම චිත්‍ර සොරකම සිදුවන්නේ එම චිත්‍ර දෙක ප්‍රදර්ශනයට තබා තිබුණු ගොඩනැගිල්ලෙහි සිදුකළ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එහි තිබුණු භාණ්ඩ තාවකාලිකව වෙනත් ස්ථානයකට රැගෙන යාමක් අතර තුරදීය.

මෙම සොරකම ගැන මුල්ම පැමිණිල්ල ලැබෙන්නේ කොම්පඤ්ඤවීදිය පොලීසියටය. ඒ සොරකම සිදුවූ දිනවලදීය. ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් ඒ ගැන භාණ්ඩ ප්‍රවාහන කොන්ත්‍රාත් සමාගමේ කම්කරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළත්   කිසිදු තොරතුරක් සොයා ගන්නට නොවීය. එවන් තත්වයක් මත පොලීසිය අධිකරණයට මෙම සොරකම ගැන තොරතුරු වාර්තා කරමින් ශ්‍රී ලංකා රේගුව දැනුවත් කරන්නේ මෙම චිත්‍ර පිටරටකට රැගෙන යාම වලක්වන්නටය.

ලෝකයක් ආදරය කරන ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර දෙකක සොරකමක් ගැන වසර 05 ක් තිස්සේම පරීක්ෂණ පැවැත්වූයේ කොම්පඤ්ඤවීදිය පොලීසිය මගිනි. මුල් වකවානුවෙන් පසු කොම්පඤ්ඥවීදිය පොලීසිය ඒ ගැන නිසි විමර්ශනයක් පැවැත්වූයේදැයි ඇත්තේ ගැටලුවකි. එසේම මෙවන් සොරකමක් ගැන පූර්ණ කාලීනව විමර්ශනය පැවැත්වීමට කොම්පඤ්ඤවීදිය පොලීසියට හැකියාවක් තිබේදැයි බලධාරීන් එකල සිතුවේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ භාර දෙන්නේ අනතුරුවය. ඒ 2018 වසරේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම චිත්‍ර සොරකම ගැන පරීක්ෂණ භාරදී දැන් වසර 03 කි. ඒත් චිත්‍ර හොරා තවමත් නිදැල්ලේය. ඒ චිත්‍ර දෙකද සමගිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවක උපවාසයේ දී සිහි සුන්වූ කාන්තාවන් 03ක් රෝහලේ…

Next Post

නින්දවූර්වල හොර සල්ලි මුද්‍රණ මධ්‍යස්ථානයක්  වටලයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.