බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කතා කරන පුස්තකාලය ජීවත් කරවන දෑස් නොපෙනෙන මිනිසා 

by editor
මැයි 22, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල – 

 

බ්‍රේල් සහ කථන අංශය
බ්‍රේල් හෝඩිය
විමුක්ති

“ බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය”

ඒ පුවරුව මහනුවර මහජන පුස්තකාලය තුළ විසල් බිත්ති අතරින් දිවෙන පටු කොරිඩෝවක් පසෙක වූ අඳුරු කුටියක් වෙත අපව යොමු කරයි. පුස්තකාල ප්‍රවේශයේ සිට කුටිය තෙක් වූ පොළොවෙහි දෘෂ්‍යාබාධිත උදවියට මග කියන විශේෂ ඇතිරුමක් සකසා තිබේ.

විමුක්තිව අපට හමුවන්නේ “ බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය” ලෙස නම් කර ඇති මේ කුටියේ දී ය. හේ කඩිසරය. තියුණු  සංවේදනාවන්ගෙන් යුතුය. අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු සහිතය. එහෙත් මේ උපාධිධාරී තරුණයාට දෑස් පෙනෙන්නේ නැත. මහනුවර මහජන පුස්තකාලයේ මෙම විශේෂ අංශය භාරව සිටින්නේ විමුක්තිය.  

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔහු මහනුවර මහජන පුස්තකාලයට පත්වීම ලැබ එන්නේ මීට තෙවසරකට පෙරය. දෑස් නොපෙනෙන තරුණයෙක් පුස්තකාලයක සේවයේ යෙදවීම දෛවයේ සරදමක් වැන්න. එහෙත් ඔහු එය අවස්ථාවක් කරගෙන තිබිණි. ඒ තමන් වැනි දෘෂ්‍යාබාධිත වූවන් ගේ ජීවිතවලට වටිනාකමක් ලබාදීම වෙනුවෙනි. මහනුවර පුස්තකාලයේ “ බ්රේල් සහ කථන ග්‍රන්ථ අංශය” ඔහුගේ යෝජනාවකි. ඵල දරා ඇත්තේ ඒ සංකල්පය ය.

මම මෙම පුස්තකාලයට ආපු දවස්වල කරන්න වැඩක් නැතුව හිටියා. නමුත් මම කල්පනා කලා මොනවා හරි වැදගත් දෙයක් කරනවා කියලා. මම ඒ නිසාම මට ඇති වූ ප්‍රශ්නවලට විසදුම් ලෙස අනිත් අයට උපකාරයක් හොයන්න  උවමනා වුණා… ඒ නිසා තමයි මම බ්‍රේල් සහ කථන ග්‍රන්ථ අංශය පිළිබඳව යෝජනාව ගෙනාවේ. මගේත් දෘෂ්‍යාබාධිත පරපුරෙත් වාසනාවට මෙම අංශය ස්ථාපිත කරන්න අවශ්‍ය පසුබිම හැදුනා. මම අදටත් බලන්නේ මේ වගේ රටේ සෑම පුස්තකාලයකම අංශයක් ඇති කරන්න අවස්ථාව උදාකරන්න… විමුක්ති එසේ කියන්නේය. 

ඔහුට අනුව මේ වනවිට මහනුවර පුස්තකාලයේ බ්‍රේල් හා කථන අංශයට විශාල පාඨක පිරිසක් සම්බන්ධ වී සිටිති. මොකද අපි නුවර හිටියට අම්පාර අනුරාධපුර මාතලේ ගාල්ල ඇතුළු නන් දෙසින් මෙහි ඒනවා පොත් කියවන්න. අපි ලඟ තියෙන්නෙත් පරණ බ්‍රේල් පොත් විතරයි. ඒත් බොහෝ පිරිසක් අපව හොයා ගෙන ඒනවා. 

දෘෂ්‍යාබාධිත කියන්නේ පෙනෙන්නේ නැහැ කියන එක. දෙදහස් හයේ හතේ ආවට පස්සේ බ්‍රේල් පොත් ආවේ නැහැ. 

“උපතින් දෘෂ්‍යාභාධිත වූ වැඩි පිරිසක් බ්‍රේල් අධ්‍යාපනය ලබා තිබෙනවා. මේ පිරිස හරිම කැමතියි ස්වාධීනව තොරතුරු හොයාගන්න. මම ඒක අත්දැකීමේන් දන්නවා. අපි ජිවත් වෙන්නෙ සිතිවිලි එක්ක. සමහරවිට පෙනීම ලැබිලා තිබිලා විශේෂ හේතුවක් නිසා පෙනීම නැති වුණු, උදාහරණයක් විදිහට හමුදා ක්‍රියාන්විතයන්හිදී පෙනීම අහිමි වුණු අයට අපටත් වඩා දැනෙන පීඩනය වැඩියි. 

ඒත් මේ කිසිම කෙනෙකුට තොරුතුරු සොයාගෙන යන්න තියන ඉඩ කඩ ඉතාම අඩුයි. ඔබ දන්නව ද. මහනුවර පුස්තකාලයේ   “ බ්රේල් සහ කථන ග්‍රන්ථ අංශයෙ” පොත් බලන්න, හුවමාරු කරගෙන යන්න ගාල්ල, අම්පාර, දඹුල්ල, අනුරාධපුරේ ඉඳන් කට්ටිය එනවා. මේ අවශ්‍යතාවය මොනතරම් ද කියලා වැටහෙනව ද. හැම පළාතකම මෙහෙම අංශයක් එක්ක එක පුස්තකාලයක් ගොඩ නැගුවොත් දෘෂ්‍යාබාධිත ප්‍රජාවට මොන තරම් පහසුවක් වේවි ද?. මගෙ ඉලක්කය ඒ යෝජනාව ප්‍රායෝගික කරගන්න එක.

විමුක්ති කීවේය. ලංකාවේ දෘෂ්‍යාබාධිත පිරිස ලක්ෂ තුනකට වඩා ජීවත් වෙති. සමහරු තවමත් ජීවත් වන්නේ සමාජයෙන් වසං වී ගෙනය. දෘෂ්‍යාබාධිත උපාධිධාරීහු තුන්සියයක් පමණ රජයේ සේවයේ නිරතව සිටිති. මේ කිසිවෙක් රටේ පුරවැසියෙකු ලෙස තමන්ට හිමි අභිමානයෙන් ජීවත්  නොවේ. විමුක්ති හුදකලාව සටන් කරන්නේ ඒ අභිමානය මිනිසුන් ලෙස දිනා ගැනීමටය.   

පුස්තකාලයේ තමන්ගේ ඒකකයේ ඇති පොත් පත් ගැන ඔහු කියන්නේ මෙවැනි කතාවකි.

“ බ්‍රේල් පොත් ලංකාවේ මුද්‍රණය කරන්නේ විශේෂිතම අවශ්‍යතාවයක් උදෙසා විතරයි. කවුරුත් බ්‍රේල් පොතක් මුද්‍රණය කරන්නේ නැහැ. මුද්‍රණ වියදම රජයට දරන්න බැරි බව තමයි අදාල උදවිය කියන්නේ.   දෘෂ්‍යාබාදිත ප්‍රජාව  මේ රටේ පුරවැසියන් ලෙස ප්‍රතිපත්ති රටේ සම්පාදකයන් කල්පනා කළා නම්   අඩුම තරමේ අපට බ්‍රේල් පොත්වත් ලැබෙනවා. දැන් දැන් බ්‍රේල් පොතක් අලුතින්  මුද්‍රණය වන්නේත් නැහැ. ඒ නිසා දැන් කළයුතු හොඳම දෙය    ශ්‍රව්‍ය පොත්   සකස් කිරීම. ලෝකයේ හැම දියුණු රටක්ම ඒ ප්‍රවේශය අරන් තියනවා. ඒත් අපට තවම ඒ අවස්ථාව ලැබී නෑ.

දෑස් නොපෙනෙන විමුක්ති සිය අංශය මනාකොට  කළමණානාකරණය කරගෙන ඇත. ඕනෑම පොතක් විමසූ විට නිවැරදි තැනින් නිවැරදිව   ලබා දීමේ මතකය හා පරිචය ඔහු සතුය. දියුනු ලෝකයේ පරිමිතීන් ඔහු නුවර අඩ අඳුරු කුටියක හුදකලාව හිඳිමින් ප්‍රායෝගික කරයි. 

එය අපූරු ප්‍රවේශයකි. ඒ හඬ රටට ඇසිය යුතුය.

 

    

Tags: නවතම
Share74Tweet43
Previous Post

  ඊ.පී.එෆ් සහ සමෘද්ධි සල්ලි ඖෂධ නිෂ්පාදන  ආයෝජනයට

Next Post

ආනයනික ආහාර වර්ග රැසක  බදු ඉහළට

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.