බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

උයන්පල්ලෙක් ගලවා දුන් හදතක් බද්ධ කළ ලොව පළමු හදවත් සැත්කම

by editor
ඔක්තෝබර් 17, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

වර්නන් ගුණසේකර –

  • ඉගෙන ගත්තෙ 6වැනි පන්තියට… රස්සාව කරන්නෙ උයන් පල්ලෙක් විදිහට
  • මුලින්ම ශල්‍යාගරයට එන්නෙ   ශල්‍යකර්මයට බඳුන්ව සිටි ජිරාෆ් කෙනෙක් තදින් අල්ලා ගන්න
  • ශල්‍යාගාරයෙ සුළු සේවකයෙක් ලෙස වැඩට එන්නෙ ශල්‍ය වෛද්‍යවරයා ඔහු ගැන පැහැදුණු නිසා…
  • සියල්ල ඉගෙන ගන්නෙ අත්දැකීමෙන්… පසු ක්ෂේත්‍රයේ  ඉන්න විශිෂ්ටම විද්වතෙක් වුණා…
  • 2002 දී කේප්ටවුන් සරසවිය ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය දුන්නා… . 2003 දි දකුණු අප්‍රිකාවේ වැදගත්ම පුද්ගලයට හිම සම්මානයෙන් පිදුම් ලැබුවා..

කේක් ගෙඩියක් මිලදී ගැනීම සඳහා ගමන් කරමින් සිටි විසි හය හැවිරිදි ඩෙනීස් ඩාවල් 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී මෝටර් රථයක ගැටී හිසට බරපතල තුවාල ලැබීමත් සමග දියත් වූයේ ලොව වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසගත වූ ශල්‍යකර්මයකි. රෝහලට පිවිසෙන විට ඇයගේ මොළය මරණයට පත්ව තිබුණද හදවත නීරෝගීව ස්පන්දනය වෙමින් තිබිණි. ඩෙනීස්ගේ සිරුර තැබුනේ   හැමිල්ටන් නකි ගේ දෑත් මත ය. විශේෂඥ කෘතහස්ත භාවයකින් යුතුව ඇයගේ හෘදය ඉවත් කළ නකි ඉක්බිති එය ක්‍රිස්ටිආන් බානාඩ් ට ලබා දුන්නේය. ඉන්පසු හෘද ශල්‍ය වෛද්‍ය බානාඩ් ඒ හදවත 57 හැවිරිදි ලුවී වොෂ්කන්ස්කි ට බද්ධ කළේය.

Dennis-Darvell
ඩෙනීස් ඩාවල්

නකි කළු ජාතිකයෙකු නිසාත් රෝගියා සුදු ජාතිකයෙකු වූ නිසාත් නකි ගේ දායකත්වය වර්ණ භේදවාදී නීති යටතේ සාපරාධී ක්‍රියාවක් විය. ඔහුට සුදු ජාතිකයන් සඳහා පමණක් වූ සැත්කම් ශාලාවට ඇතුළු වීමට ඉඩ දීම සහ සුදු ජාතික රෝගියෙකු අතගෑමට ඉඩ දීම සම්බන්ධයෙන් බානාඩ් ට ද නඩු පැවරීමට ඉඩ තිබිණි. ඊටත්, නකි මෙවැනි ක්‍රියාවකට සුදුසුකම් ලබා නොසිටීම තත්ත්වය තවත් බරපතළ කරවීය. 

හැමිල්ටන් නකි කේප්ටවුන් විශ්ව විද්‍යාලයට සහ ක්‍රොට ස්කීර් රෝහලට එක්ව සිටියේ උයන්පල්ලෙකු ලෙසිනි. එක්දහස් නවසිය පණස් ගණන්වලදී ජිරාෆ් සතෙකුට සැත්කමක් කරමින් සිටි එම සරසවියේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයෙකු වූ රොබට් ගර්ට්ස්, ශල්‍යකර්මයට බඳුන්ව සිටි ජිරාෆ් තදින් අල්ලා ගෙන සිටීම සඳහා රසායනාගාරයට පැමිණෙන ලෙසට නකිගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු සිටියේ සරසවියේ ටෙනිස් පිට්ටනියේ තණකොල සමතලා කරමිනි. යමක් පානය කිරීම පිණිස ජිරාෆ් සතුන් උන්ගේ හිස පහතට හෙළන විට උන් ක්ලාන්ත නොවන්නේ මන්දැයි සොයා ගැනීමට ගර්ට්ස් උත්සාහ කරමින් සිටියේය. නකි පිළිබඳව ගර්ට්ස් කොතරම් පැහැදුනාද කිවතොත් තම රසායනාගාරයේ සේවයට පැමිණෙන ලෙසට ඔහු නකි ට ආරාධනය කර සිටියේය.

Hamilton-Naki
හැමිල්ටන් නකී

සිරුරට දියර දීමට හෝ ඉවත් කිරීමට යොදා ගන්නා කැතීටරය නමැති නළය ඇතුළු කිරීම සහ තුවාල මැසීමේ සිට ශ්වාසනාලයට බටයක් ඇතුළු කිරීම හා  නිර්වින්දනය දක්වා වන ශල්‍යකර්ම ක්‍රියා පිළිවෙලේ පුළුල් පරාසයක ඉක්මනින් ම දක්ෂයෙකු වීමට නකි ට හැකි විය. සැත්කමකට ලක්වන සතුන් එම සැත්කමෙන් පසුව රැකබලා ගැනීමේ කාර්යය ඔහු බාර ගත්තේය. වැඩි කල් යන්නට මත්තෙන්, ඌරෙකුට අක්මාවක් බද්ධ කිරීම තනි අතින් සිදු කිරීමට  නකි සමත් විය. ශල්‍ය වෛද්‍යවරුන්ට කළ හැකි එහෙත් නකි ට කළ නොහැකි දෙයක් තිබුණේ ම නැති තරම් ය. තමාගේ වැදගත් ම ගුරුවරයා ලෙස නකිගේ පැසසුමට ලක්ව සිටියේ නාසි ජර්මනියෙන් ගැළවී පැමිණි ගර්ට්ස් ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගර්ට්ස් අමෙරිකාවට ගිය විට ක්‍රිස්ටිආන් බානාඩ් එම රෝහලට පැමිණියේය. නකිගේ කුසලතා හඳුනා ගත් බානාඩ් පළමුව තම නිර්වින්දක වෛද්‍යවරයා ලෙසත්, පසුව තමාගේ ප්‍රධාන ශල්‍ය සහායකයා ලෙසත් නකි යොදා ගත්තේය. 

ක්‍රිස්ටිආන් බානාඩ්

එක්දහස් නවසිය පණස් ගණන්වලදී බානාඩ් විවෘත හදවත් ශල්‍යකර්ම තාක්ෂණය අත්හදා බැලීමේ යෙදී සිටියදී නකි ඔහු සමග වැඩ කළේය. පුදුම සහගත බුද්ධියක් සහ ප්‍රබල මතකයක් තිබුණු නකි අනෙක් අය දෙස බලා සිටිමින් ඉගෙන ගත්තේය. බානාඩ්ගේ අතේ ආතරයිටිස් රෝගය හටගත් විට නකිගේ දායකත්වයේ වැදගත්කම තවතවත් වැඩි විය.

තාක්ෂණික ශිල්පියා ලෙසටත්, ඉන්පසුව ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පියා ලෙසටත් නකි උසස් කරවනු ලැබූ අතර එකළ දකුණු අප්‍රිකාවේ තිබූ වර්ණ භේද නීතිවලට අනුව මෙය විශ්ව විද්‍යාලයක් විසින් නකි ට ලබා දිය හැකි උපරිම උසස් වීම විය. බානාඩ් 2001 වසරේ මිය යාමට ටික කලකට පෙර පැවැති  සම්මුඛ සාකච්ඡාවකදී ඔහු නකි පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය. “හදවත බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ හැමිල්ටන් නකි යනු සදාකාලික ශ්‍රේෂ්ඨ පර්යේෂකයෙකි. විශේෂයෙන්, විවෘත කෙරුණු ශරීරයක් මැසීමේදී ඔහු මට වඩා දක්ෂ ශිල්පියෙකි.“

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටිආන් බානාඩ් ශල්‍යකර්මයට ලක් කළ ලුවී වොෂ්කන්ස්කි සමග

ලොව ප්‍රථම හදවත බද්ධ කිරීම සිදුකළ වෛද්‍යවරයා දැක ගැනීමට අමුත්තන් පැමිණෙද්දී ඔහුගේ සෙවණැල්ලට මුවා වී සිටි හැමිල්ටන් නකි නමැති මේ ප්‍රශස්ති නොගැයුනු වීරයා, රෝහලේ සිටින උයන්පල්ලා සහ පිරිසිදු කරන්නා ලෙසින් තමන් පිළිබඳව හඳුන්වා දීමට තරම් නිහතමානී විය. වර්ණ භේදයට තදින් ම විරුද්ධ වූ බානාඩ්, ආරක්ෂිතව කතා කළ හැකි සෑම අවස්ථාවකදී ම නකි ට ඔහුගේ ප්‍රශංසාව පුදකර සිටියා පමණක් නොව සිය නිවෙසට කැඳවා නකි ට සංග්‍රහ කිරීමටද අමතක නොකළේය. උසස් ලෙස පෙනී සිටීමට කැමති, මාධ්‍ය ප්‍රචාරයේ කුසගින්නෙන් පෙලුණු බානාඩ්ගේ ඇසුරේ නකි යනු සන්සුන් මිනිසෙකු විය.

බානාඩ් යටතේ අධ්‍යාපනය ලැබීම සඳහා කේප් ටවුන් විශ්ව විද්‍යාලයට රංචු පිටින් පැමිණි ආධුනික හෘද ශල්‍ය වෛද්‍යවරුන් සිය ගණනක් පුහුණු කිරීමෙහි ලා නකි ට තිබුනේ ලොකු කාර්යභාරයකි. ගුරුවරයෙකු ලෙසින් තම කාර්යය ආදරයෙන් වැළඳ ගත් ඔහු ශල්‍ය වෛද්‍යවරුන් තුන් දහසකට ඉගැන්වීය.

හැමිල්ටන් නකී

ට්‍රාන්ස්කේ හි සෙන්ටානි නගරය අසල නැගන් නමැති ගම්මානයේ දුප්පත් පවුලකට දාව උපන් හැමිල්ටන් නකි අධ්‍යාපනය ලැබුවේ හය වැනි ශ්‍රේණිය දක්වා පමණි. වයස අවුරුදු 14දී පාසලෙන් ඉවත් වූ ඔහු සෙන්ටානි හි රැකියාවක් නැති තැන මහමගට පිවිස වාහනවල නොමිලයේ යමින් කේප් ටවුන් පැමිණියේය. සිය ජීවිතයේ ඉතිරි කාලය එහි ගතකළ ඔහු තමන් ඉපයූ මුදලින් වැඩි ප්‍රමාණයක් 11 දෙනෙකු දක්වා වැඩි වී තිබූ සෙන්ටානි හි තම පවුල ජීවත් කරවීම සඳහා යැවීය.

ඔහු ජීවත් වූයේ කේප් පෙදෙසේ ලැංගා නමැති කළු ජාතිකයන්ගේ නගර ප්‍රදේශයේ සංක්‍රමනික කම්කරුවන් සඳහා වූ නිවාස පේළියක කුඩා කාමරයකය. විදුලිය හෝ ජලය ඔහුට නොතිබිණි. සෑම උදෑසනකම ඔහු වක් වූ ගැට්ටක් ඇති තොප්පියක්, ඇඳුම් කට්ටලයක් හා ටයි පටියක් සහ ඔප දැමූ පාවහන් පැළඳ රැකියාවට ගියේය. ඔහුගේ පවුල ඔහු ඉපදුනු ගමේ නතර වූ අතර ඔහු තම වැටුපෙන් ද, පසුව එංගලන්ත ස්ටර්ලිං පවුම් 70කට සමාන වූ සිය විශ්‍රාම වැටුපෙන්ද ඔවුන්ට ආධාර කළේය. තම අඩිපාරේ යාම සඳහා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ප්‍රමාණවත් මුදලක් ඔහුට නොතිබිණි. 

කුඩයක්, පුවත්පතක් සහ බයිබලයක් රැගෙන සෑම දිනයෙකම උදෑසන 6.00 ට සිය රසායනාගාරයට පිවිසෙන නකි පස්වරු 4.30 වන තෙක් එහි සේවය කළේය. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණව සිටින පුද්ගලයන්ට වෛද්‍ය විදුහල පිටුපස පිහිටි සුසාන භූමියේ සිට බයිබලය කියවමින් තමාගේ දිවා ආහාර විවේකය ගත කළ නකි, මත්පැන් සහ කංසා භාවිතයෙන් සිදුවිය හැකි විපත් පිළිබඳව ඔවුන්ට කියා දුන්නේය.

විශ්‍රාම යෑමෙන් පසුව ඔහු, සෙන්ටානි නමැති සිය උපන් ගම වෙත ජංගම රෝහලක් යාමට මං විවර කිරීම සඳහා මුදල් රැස් කළේය. සෙන්ටානි ගම ට සමීපතම වෛද්‍යවරයා සිටියේ හෝ රෝහලක් තිබුනේ සැතපුම් 50ක් ඈතිනි. නැගෙනහිර කේප් පලාතේ ගම්බද පාසලක් පවත්වා ගෙන යාම සඳහා මුදල් රැස් කිරීම පිණිස ඔහු සෑම වසරකම, තමන්ගෙන් ඉගෙනුම ලැබූ ශල්‍ය වෛද්‍යවරුන් හමුවීමට ගියේය. 

ජීවිතයේ පසු කලෙකදී නකි ට, ඔහුට හිමි හා සුදුසු පිළිගැනීම ලැබුණු අතර ඔහු දැන් දකුණු අප්‍රිකාවේ වීරයෙකි. කේප් ටවුන් සරසවිය 2002 වසරේදී ඔහුට ශල්‍යකර්ම ගෞරව උපාධියක් පිරිනැමුවේය. 2003දී ජනාධිපති තබෝ එම්බෙකි ඔහුට ‘මපංගුබ්වේ‘ නමැති දකුණු අප්‍රිකාවේ වඩාත් ම ගෞරවනීය සම්මානය ප්‍රදානය කළේය. 

හැමිල්ටන් නකි නමැති දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි ක්‍රොට ස්කීර් රෝහලේ උයන්පල්ලා, සත්ව ශිල්පියා, ශල්‍ය වෛද්‍යවරයා සහ ශල්‍යකර්ම ගුරුවරයා 2005 මැයි 29 වැනි දින හෘදයාබාධයකින් මිය ගියේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝක සෞඛ්‍යය සංවිධාන නිර්දේශ අනුව වැඩ කරනවා… රට වහන ඉල්ලීම් නෑ…

Next Post

බූස්ස බන්ධනාගාරයෙ පොඩි ලැසීගෙ කුටියෙන් කිලෝ පහක මේක්අප් සෙට් එකක්

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.