බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

by editor
ජූනි 28, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

දැන් මොකක් නැතත් අපට ක්‍රිකට් ඇත. ඒ මදිවට උහු තරඟත් දිනති. ලංකාව වල පල්ලටම වැටී සිටින මේ මොහොතේ සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම මෙරටට පැමිණීමම අගය කළ යුතුය. පෙට්‍රල් ඩීසල් ගෑස් සියල්ල තිබියෙදී බෝම්බ බියට උන් 1996 ලෝක කුසලානයට ලංකාවට ආවේ නැත.

“දැන් බලනවා ඔස්ට්‍රෙලියා කණ්ඩායම අපට දෙන ඒ පණිවිඩේ. තෙල් ගෑස් වලට වඩා බෝම්බ භයානකයි. පෝළිමේ ඉන්න හරි රටක් ඉතිරි වුණේ මෙයාලා නිසානේ. ඔසියොන්ගෙ පැමිණීමෙන්ම තේරෙනවා රට එදා තිබුණු තත්වෙට වැඩිය හොද තැනක තාමත් තියෙන්නේ කියලා”

පෙට්‍රල් නැති දුකට කියන කවි සීපද මෙන් මෙයද පෝළිමේ රැස්ව හිඳින අය කුපිත කිරීමට මා මිතුරා කියූ කතාවක් වග අමුතුවෙන් නොකිව මනාය. එහෙත් ක්‍රිකට් යන මැජික් පදය ඇසීමෙන්දෝ ජනයා කලබල නොවූහ.

“ඔසියොන්ට සහයෝගෙට කහ ඇදගෙන ගිය එකට මගේ නම් සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි අපි 3ට 1 ගානේ සීරිස් එක දිනලා හිටියෙ නැත්තං ඔය සහයෝගෙ ලොවෙත් නෑ. එහෙනම් ඔසියො වගේම ලංකා ටීම් එකත් ‘පන්දු කෙළින අමනයෝ’ ගාණට වැටෙනවා ශුවර්”

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

තෙල් මිල ඉහළ ගිය බව බ්‍රේකින් නිවුස්එකක් ආවේය.

“ඒක ඇත්ත. ආණ්ඩුවත් ක්‍රිකට් ටීම් එකෙන් ඉගෙන ගන්න ඕන පාඩම ඒක. පොඩ්ඩක් හරි අපිව දිනවලා පෙන්නුවොත් අපිටත් පුළුවන් පොඩි සහයෝගයක් දෙන්න. ඉන්දියාවට වරාය තෙල් ටැංකි බලශක්ති ව්‍යාපෘති බාර දෙන කොට ‘ජන මන අබිනයක ජයහේ’ කියලා ගායනා කරන්න උනත් බැරිය අපිට”

අද පැමිණීමට නියමිතවූ තෙල් නැව දින නියමයක් නොමැතිව මුහුදේ අතරමං වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

“කොහොමටත් ඒක අපේ ජාතික ගීයට වඩා ලස්සනයිනේ. එක්කො රට පිටින්ම ඉන්දියවට දීලා දැම්ම නම් ඉවරනේ. ක්‍රිකට් ටීම් එක විතරක් ලංකාවෙ නමට තියාගෙන. හරියට එංගන්තෙයි වේල්සුයි වගේ”

දින ගණනක් පෝළිමේ සිටි අයෙක් රටම ඉන්දියාවට දී තෙල් ලබා ගැනීමට සිතීම පිළිබඳ එහි කිසිවෙක් විරෝධය නොපෑහ.

“පිස්සුද මනුස්සයෝ මෙච්චර වටින රටක් ඉන්දියාවට පාවලා දෙන්න? මොළේ හොඳ නැද්ද? එතකොට කොහොමද අපේ අහිංසක දේශපාලුවෝ ටික හොරා කන්නේ?   හොරා කන්නත් ඉන්දියාවෙන් ටීම් එකක් බස්සයිනේ”

රට වෙන රටකට බාර දීමට ඇති නොහැකියාව දැන් ජනතාවට ප්‍රශ්නයකි.

“රට ඉන්දියාවට දුන්නොත් අපේ දේශපාලකයන්ට පුළුවන් ආයේ අපිව අන්දලා නිදහස් සටනට බහින්න. අපට නිදහස දියව්! කියපුවම අපි දැන් දැනගන්න ඕන උන් කියන්නේ, “අපිට හොරකම් කරන්න දියව්!’ කියලා. ඕවට අහුවෙයි අපි ආයෙත්”

නැවත නිදහස් සටන් ද නැත.

“ඉන්දියාවෙන් නිදහස් නොවුණට කමක් නෑ. අපිට මුන්ගෙන් නිදහස් වෙන්න මුකුත් කරන්න බැරිද?”

“ඔව් අපිට මෙහෙම හරි පෝළිම්වල ඉඳලා තෙල් ටික දෙනවට කොහොමද අපි ආණ්ඩුවට කෘතගුණ සලකන්න ඕන?”

“හැබැයි අනේ විරෝධය පාන්න එක එක පාට අදින්න නම් යෝජනා කරන්න එපා. මොකද අපි මොන පාට ඇන්දත් උන් ඉන්නෙ හෙළුවෙන්නේ. උන් හෙළුවෙන් බව අපි දන්න වග උන්ට දනවලා එලවන්නයි ඕනේ. ඒකට හොඳ යෝජනාවක් කරනවකෝ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

Next Post

පාකිස්ථානය පුරා හිතේ හැටියට කැමරා සවිකරන චීන සමාගම්

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

රටක් වෙනුවෙන් අටක් හිරේ!

ජූනි 24, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.