බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

සවිර - ප්‍රවීණ පුවත් පත් කතුවරයකුගේ සති පතා දැක්ම

by editor
ජනවාරි 5, 2021
in කොලම
Share on FacebookShare on Twitter

ගේම් ඇතුළෙ ගේම්… ඩීල් ඇතුළෙ ඩීල්…..

නව වසර එළඹෙන්නේම තිගැස්මක් සමගිනි. ගතවූ වසර ගෙවුනේ බොහෝ දුර්භෝගම අත්විඳිමිනි. ලෝක වසංගතයටත් වඩා යහපත් රටක් වෙනුවෙන් අහස උසට ගොඩ නැගුණු මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් වීමේ වේදනාව බලවත් විය.

දැන් රටම මුහුණ පා ඇත්තේ ඉතාම බැරෑරුම් තත්වයකටය. එය විසඳෙන බවක් කිසිම අයුරකින් පෙනෙන්නට නැත.   මිනිස්සු දෙ ආකාරයකින් අසරණව සිටිති. එක්කෝ ඔවුන්ගේ ආදායම සීමා වී හෝ නැත්තටම නැති වී ගොස්ය. අනෙක් පැත්තෙන් අසීමාන්තිකව ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේය. ගැසට් ප්‍රකාශ මගින් පමණක් බඩු මිල පාලනය වන්නේ නැත. ආණ්ඩුව කටයුතු කරන්නේ ගැසට් පත්‍රය ප්‍රකාශ කිරීම පමණක් ස්වකීය වගකීම ලෙස සලකමිනි.

මේ රටින් අඩක් එදා වේල හම්බරගෙන කන අසරණයන්ය. මේ මිනිසුන්ගේ ආදායම සම කිරීමට ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙළක් නැත. එවැනි පිරිසක් මේ රටේ ජීවත්වන බවට හෝ ඔවුන්ට තක්සේරුවක් නැත. අපව විශ්මයට පත් කරන්නේ මේ වගකීම් රහිත හැසිරීමය. ලෝකය දියුණු වන්නේ ආර්ථිකව පමණක් නොවේ. මිනිසුන් සම්බන්ධව ඇති වගකීම් හා වගකීම් වල මානුෂීය ස්වරූපයන්ගෙනි. මේ රටේ මිනිසුන් මේ මුනිවත රකිමින් අසරණව ඉන්නේ ස්වකීය මූලික අයිතිවාසිකම් පිළිබඳව හෝ අවබෝධයක් නැතිවය. ඒ සාක්ෂරතාවයවත් අපේ සමාජයට නැත. සියල්ල කර්මය හෝ කර්මඵලය නොවන බව මේ මිනිසුන් වටහා ගනු ඇතිදැයි නොදනිමි.

අප එක දිගටම වසර 72ටත් වැඩි කාලයක් රැවටී ඇති මිනිසුන්ය.  කොටින්ම කියනවා නම් අප රෑ වැටුණු උදේ  වැටී දවලුත් වැටී හවසත් වැටෙන මිනිසුන්ය. රැවටීම ජීවිත පුරුද්දක් කරගත් මිනිසුන්ය. පක්ෂ පාට සහිත අනුගාමික චර්යාවෙන් මිදී අනාගතය වෙනුවෙන් රටට අවශ්‍ය නායකයෙක් තෝරා ගැනීමේ මානසික පෞරුෂය තවමත් අප තුළ පරිනාමය වී නැත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අද රට ඇත්තේ විශාල ණය අර්බුදයක ය.  අප ණය ගෙවන්නට ණය ගන්න රටකි. මෙහෙම රටක  ඉදිරි ගමන ගැන හීන දකින්නට යහපත් මනෝභාවයක් ඇති අයෙකුට හැකි වේ දැයි නොදනිමි. අප ඉන්නා අගාධය තේරුම් ගන්නට විශේෂඥ ආර්ථික දැනුමක් අවශ්‍ය නැත.

විසර්ජන පනතට අනුව යෝජිත ආදායම් විස්තර 2020 සහ 2021 වර්ෂ වලට අදාල වන්නේ මෙසේය .

  • 2020 වර්ෂය සඳහා ආදායම රුපියල් බිලියන 1558 කි. අපේක්ෂිත ණය මුදල රුපියල් බිලියන 2830 කි.
  • 2021 වර්ෂය සදහා ආදායම රුපියල් බිලියන 2028 කි. අපේක්ෂිත ණය මුදල රුපියල් බිලියන 2900 කි.

රටේම තත්ත්වයන් වෙනස් වන්නට පුළුවන. එසේ වන්නේ අපේ ආදායම් සහ වියදම් කොවිඩ් වසංගතයත් සමග වෙනස් වී ඇති හෙයිනි. ඒ කෙසේ වෙතත් මෙම වර්ෂ දෙක සඳහා අපේක්ෂිත ණය ප්‍රමාණය රුපියල් බිලියන 6000ට ආසන්නය. මේ වසර දෙකක ණය ප්‍රමාණයයි.

මේ තත්වය තේරුම් ගත යුත්තේ මේසේය.  වර්ෂ 1948 නිදහසින් පසුව වර්ෂ  2013 දක්වා වර්ෂ 65 ක කාලයක් සඳහා අප රට ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 6000 පමණ ණය ප්‍රමාණයකි. අනතුර තේරුම් ගැනීමට මෙම දත්ත පමණක් ප්‍රමාණවත්ය.

අපේ ණය උගුල නතර වන්නේ කොතැනදැයි නොදැනේ.  මේ මොහොතේ රට කරන කිසිවෙකුට රට මුහුණ දී ඇති ණය උගුලෙන් බේරීමට කිසිම සැලසුමක් නැත.  මේ නිසාම ශ්‍රේණිගත කිරීම්වල අප   අපේ රටේ ඇත්තේ ඉතාම ඛේදජනක තැනකය. තව එක ශ්‍රේණියක් පහළට වැටුනොත් අපි බංකොලොත් රටකි. එවැනි දුක්ඛිත අඩියකට ඇද නොවැටෙතැයි සිතන්නට තක්සේරුවක් නැත. දැනටමත් ලෝකය අපව හඳුනාගන්නේ ණය ගෙවා ගැනීමට අපොහොසත් රටක් ලෙසිනි.

මේ තරම් බිහිසුණු අගාධයකට ඇද දැමූ රටක් පාලනය කරන නායකයන් මේ ගතකරන නිර්වින්දිත ස්වරූපය අපව කම්පනයට පත් කරන්නේය. රටේ ඛේදවාචකය ඇස්පනාපිට පෙනෙනෙන්ට ඇත. එය ඕනෑ තරම් සංවාදයටත් ලක්වෙමින් තිබේ. එහෙත් ඒ කිසිම දෙයක් ඇසෙන්නේ නැත. ජීවන වෘත්තිය ගොඩනගා ගත නොහැකිව දරුපවුල් සමග අසරණව මහ මගට වැටුණු ස්වකීය ජනතාවගේ වේදනාව පිළිබඳ අසංවේදී නම් එවැනි නායකයන්ගෙන් සමාජයට අත්වන ඉදිරිගාමී ඵළයක් නැත. හෘද සාක්ෂියක් නැති රොබෝ මිනිසුන් රටට හතරමහා නිධානය පහළ කරන්නේ නැත.

එහෙත් මේ නායකයන් තේරුම් නොගන්නේ මේ කුසගින්නේ පීඩා විඳින අසරණයින් බහුතරය ඔවුන් මේ තැන්වලට ඔසවා තබන්නට ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ 69යේ සාමාජිකයන් බවය.

වර්ෂ    1970 -77 වකවානුව තුළ අපි මෙවැනි යුගයක් පසුකර ආවෙමු. මිනිස්සුන්ට සීනි නැතිව තේ බොන්නට යෝජනා කළේය. සහල් නැතිව බත් කන්නට යෝජනා කළේය. රෙදි පෝළිම් සැදුණි. එහෙත් ඒ පීඩාව මිනිසුන්ගේ අපේක්ෂා නොතකා ආර්ථික න්‍යායක් බලහත්කාරයෙන් ගොඩනගන්නට යෑමේ ප්‍රතිඵලයකි. විරෝධතාව නොසළකා හැර රට කරගෙන යෑමේ ප්‍රතිඵල ඒ රජය 1977 දී අත් වින්දේය. අප මේ ගත කරන්නේ පදනම් සැලසුමක් හෝ න්‍යායක් දැක්මක් රහිත ආණ්ඩුවක් සමගය. එබැවින් මේ තත්වය 1970 -77 ආණ්ඩුවට වඩා වෙනස්ය. දේශපාලනිකව අපරිණත වුවද  මිනිස්සු බලහත්කාරය ඉවසන්නේ නැත. නොසලකා හැරීම් ඉවසන්නේත් නැත.    69 ලක්ෂයෙන් ලක්ෂ 35 ක් විපක්ෂයට ගියොත් මීළඟ මැතිවරණයේ ප්‍රතිඵලය කෙසේ වෙත්දැයි අධි තක්සේරුවකින් තොරව සිතනවා නම් මහපොළොවට පය ගැසීම මේ නායකයන්ට පහසුය.

ආණ්ඩු පක්ෂයේම ඇතැම් ඇමැතිවරු අද තත්වය මෙසේ සමාලෝචනය කරති.

මේක හරිම වෙනස්…  ‘ගේම් ඇතුලේ ගේම්…. ඩීල් ඇතුලෙ ඩීල්’ ඔවුහු කියති.

මේ  ඇමැතිවරුත් අසරණය. මේ එඩිතර ප්‍රකාශ නෙවේ. ප්‍රකාශ වෙමින් ඇතේ ඉංචාභංගත්වයේ වේදනාවය. මොවුන් කියන පමණට නිර්භීත නම් රට අද මෙවැනි අගාධයක නැත. හෘදසාක්ෂියට අවලංගු ප්‍රකාශන හිස් ප්‍රලාප පමණි.

ඒ ප්‍රලපා අසා සිත සනසාගත යුතු නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේනය නව කොරෝනා වෛරස ප්‍රභේද  05කින් බැට කනවා…

Next Post

අලුත් අවුරුද්දට යළිත් දෙදාහේ නෝට්ටුවක්

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

Comments 1

  1. Lalith says:
    වසර 5ක් ago

    Great Upali sir

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.