බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවැනි එක් දින තරගය වැස්සට සේදෙයි….

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇදහැලුන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්  සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  දෙවන එක්දින තරගය අත්හැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ.

අත්හැර දමන අවස්ථාව වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 2.4ක් තුළ දී ලකුණු 10ක් ලබා සිටියේය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 02ක්, පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 03ක් සය අතිරේක ලකුණු 05ක් ලෙස එම ලකුණු 10 සටහන් විය.

පැවැත්වී නම් එය බොහෝ ආශ්වාදජනක තරගයක් වීමට ඉඩ තිබිණි.  මුලින්ම පිතිකරණයේ යෙදුනේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන් නායකයා පන්දුවට පහර දීම තේරුවේය.    පළමුව පන්දුවට පහරදීමට පැමිණියේ රහ්මනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන්ය.

සද්‍රාන් ලකුණු 10ක් ලබා සිටියදී  වේග පන්දු ක්‍රීඩක ළහිරු කුමාරට ගොදුරු විය.  මුළු ලකුණු සංඛ්‍යාව 27ක්ව තිබිය දී  පළමු කඩුල්ල දැවී ගියේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Afgan
රහ්මනුල්ලා ගුර්බාස් සමග රහ්මට් ෂා මනරම් පිතිකරණයක..

එහෙත්  එතැන් සිට ගුර්බාස් සමග එක්වූ රහ්මට් ෂා  දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 108ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූහ. දෙදෙනාම අර්ධ ශතක ඉක්මවා ගියේය. ඇෆ්ගනුවන් යෝධ ලකුණු ප්‍රමාණයකට යන බව සිතිනි.

ඔවුන් දෙපළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහර දුන්හ.   ගුර්බාස් සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේය.    ඊට හතරේ පහර 04ක් සහ  හයේ පහර 04ක් ද ඇතුළත් විය.  ෂා සිය එක්දින දිවියේ 22වැනි අර්ධ ශතකය වාර්තා කළේය. එම සම්බන්ධතාවය බිඳ දමන්නේ ධනංජය ද සිල්වාය. ඒ 27 වැනි ඕවරයේ තුන්වන පන්දුවේ දී ය. ලකුණු 135කි.

ඉන් නොබෝ වේලාවකින් රහ්මට් ෂා මහීෂ් තීක්ෂණට ගොදුරු විය. ලකුණු  28 වැනි ඕවරයේ තුන්වන පන්දුවේ දී ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 141කි.

එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දැඩි පීඩනයක් සහිතව පන්දු යවන්නට වූහ. මොහොමඩ් නබි ලකුණු 41 ලැබුවේය. අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු අතරට එන්නට ඉඩක් ලැබුණේ නැත. පන්දු යැවීමේ දී  විශිෂ්ටම පන්දු යැවීම කසුන් රාජිතගේ වාර්තා විය. කසුන් පන්දු ඕවර 09ක් තුළ දී නිලකුණු පන්දු ඕවර 02ද සමගින් ලකුණු 31කට කඩුළු 03ක් ලැබීය.

මහීෂ් තීක්ෂණ ලකුණු 49ට කඩුළු 02ක්, ලහිරු කුමාර ලකුණු 50කට කඩුළු 02ක්, වනිඳු හසරංග ලකුණු 39ට කඩුළු 01ක්, ධනංජය ද සිල්වා ලකුණු 37ට කඩුල්ලක් ලැබුවේය.  ඇෆ්ගනිස්ථානු කණ්ඩායමට පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන්ම දැවී  ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 228 ක් පමණයි.

මේ තරගය අත්හැර දැමීමත් සමග ඇෆ්ගනිස්ථානු කණ්ඩායම තරගාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් සිටී. දැන් ඇෆ්ගනුවන් තරගාවලි පරාජයකට මුහුණ දෙන්නෙ නැත. ඊලඟ තරගය දිනාගෙන අපට තරගාවලිය සම කරගත හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන අවුරුද්දෙ ආර්ථිකය දුවන්න දිනපතා රුපියල් බිලියන 13.6ක් ණය ගන්න වෙලා!

Next Post

විසඳුමක් නැති අද තරගයත් සමග ඇෆ්ගනිස්ථානය සුපර් ලීග් වටයට තවත් පියවරකින් සමීප වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.