ලලිත් චාමින්ද –
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රමිතියෙන් තොර ටින් මාළු නිෂ්පාදනය කරනු ලැබු සමාගම් 05කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එහෙත් නියදි පරික්ෂාවේ දි අනාවරණය වු තොරතුරුවලට අනුව ප්‍රමිතියෙන් තොර එම ටින් මාළු අලෙවි කළ කඩ හිමියන්ට එරෙහිව පමණක් නඩු පවරා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ 61 (3)(ආ) වගන්තිය ප්‍රකාරව යම් භාණ්ඩයක් ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පාරිභෝජනය සඳහා නුසුදුසු තත්වයකට පත්ව ඇති බව අනාවරණය වු අවස්ථාවක ,අවස්ථාචෝචිත, පරිදි, එම භාණ්ඩ හෝ භාණ්ඩ තොගය තහනමට ගෙන නිතිමය පියවර ගතයුතු බව විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ පරික්ෂාකොට වාර්තා ලබා ගැනිම සඳහා වෙළඳ අමාත්‍යංශය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති වරයා හරහා යොමුකරනු ලැබු ටින් මාළු සාම්පල් 06න් සාම්පල් 05ක්, ප්‍රමිතියෙන් තොර බව වාර්තා අනුව තහවුරු වි ඇති බවය.
එහෙත් එම සාම්පල් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්‍රමවේදයට අනුව වෙළඳ පොලින් ලබාගත් සාම්පල් නොවන බැවින් නඩු පැවරීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවට කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ පාරිභෝගික පනත ප්‍රකාරව කටයුතු කළයුතු බවය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.







