සූරියවැව නුවන් ජයසේකර –
රැදවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ අද (14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරීන් යටතේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි ඔහු මේ මස 18 දින තංගල්ල මහේසත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරීන්ට නියෝග කර තිබේ.
රැදවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනි සිටින නිතීඥ වරුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය 10 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
එහිදි වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතීඥයින් පිරිසක් විසින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සළකා බැළු විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසන්ත මුදලිගේ මහෙස්ත්රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට පමුණුවා සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන් අතර අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහිදී නියෝග කර තිබුණි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දි තිබූ නියෝගයට අනුව රැදවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාවක් සමගින් ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි ත්‍රස්ත මර්ධන ඒකකයේ නිළධාරීන් කටයුතු කර තිබුණේ.
ඒ අනුව ඊයේ (14) සවස වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදි මහේස්ත්‍රාත් වරයා නියෝග කෙරුණේ රැදවුම් භාරයේ සිටින වසන්ත මුදලිගේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු යළි මේ මස 18 වන දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.







