නවසීලන්තයේ 2022 විවාහක රූ රැජන ලෙස ශ්‍රී ලාංකික රූමතියක් වූ නිමක්ෂි සවීන්ද්රි රණතුංග අභිෂේක ලැබ තිබේ.
ඒ අනුව නවසීලන්තය නියෝජනය කරමින් ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන තරගයට නිමක්ෂි තරග වදිනු ඇත.
ශ්‍රී ලාංකික රූමතියක් නවසීලන්තය නියොජන කරමින් මෙවැනි තරගයට සහභාගී වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.
නිෂී නැමැති ආදරණීය නමින් හඳුන්වන නිමක්ෂි බෝමිරිය මැදිවිදුහලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශාඛා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත.
නිෂී නවසීලන්තයට පදිංචියට යන්නේ වර්ෂ 2015 දී ය. මේ වනවිට ඇය ඕක්ලන්ඩ් නුවර ගුරුවරියක ලෙස සේවය කරන්නීය.
නිෂී එවකට ශ්‍රී ලංකාවේ සිටි මිස් සිලෝන් රූ රැජනක් වන චිත්‍රා කාන්තා රණතුංගගේ සහ ව්‍යාපාරිකයෙක්වන ආර්.ඒ.ප්‍රේමරත්නගේ ගේ කණිටු දියණිය ය.








