ශ්‍රියානි විජේසිංහ –
-
විදුලිය විසන්ධි කර ඇත්තේ නොදන්වා… රෝහලින් අඩක් අඳුරු වෙයි… මාස තුනක හිඟ විදුලි බිලෙන් අඩක් ගෙවූ පසු යළි විදුලිය ලැබෙයි..
-
දරුවො දාහක් ප්‍රතිකාර ගන්නා තැනක්… බරපතල සැත්කම් කරන තැනක්… මීට වඩා වගකීමකින් වැඩ කරන්න… රෝහල් පරිපාලනය රාජ්‍ය ආතයනවලින් ඉල්ලයි..
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස තුනක විදුලිබිල නොගෙවීම හේතුවෙන් ඊයේ (26) දිනයේදී රෝහලේ එක් කොටසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
විදුලිය විසන්ධි කිරීමත් සමග රෝහලේ ආපනශාලව ඇතුළු රෝහලේ අංශ කීපයක කටයුතු අඩාල වීම හේතුවෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජකයින් දැඩි අපහසුවට පත්වු බව හෙතෙම පැවසීය
.ජූනි , ජූලි සහ අගෝස්තු මාසයක සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පෙර දැනුම් දීමක් නොකර විදුලි විසන්ධි කිරීම බලවත් අසාධාරණයක් යැයි ඔහු පෙන්වාදේ.
කෙසේ නමුත් විදුලිය විසධිකර පැය කිපයකට පසුව විදුලි බිලෙන් මිලියන 16ක මුදලක් ගෙවීමෙන් අනතුරව නැවත විදුලිය ලබා දීමට ක්‍රියා කළ බව ඒම ප්‍රකාශකයා පැවසී.
පසුගිය ජූනි සහ ජූලි මාස වලදී මිලියන 8 බැගින් මිලියන 16ක විදුලි බිලක් ලැබුනු නමුත් අගොස්තු මාසයේදී රෝහලේ විදුලි බිල රුපියල් මිලියන 13ක් වූ බව ඔහු පැවසීය.
විදුලි බිල ගෙවීම ප්‍රමාද වුවහොත් මින් ඉදිරියට රෝහලේ විදුලි විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවට කල අනතුරු ඇගවීම මෙය යැයි එම ප්‍රකාශකයා පැවසීය.
අප මේ සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ විසන්ධි කළ විදුලිය බිලෙන් කොටසක් ගෙවීමේ පසුව නැවත ලබා දීමට කටයුතු කළත් මෙය ඉතා බරපතල කරුණක් බවය.
රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන වැඩි නොවුවත් රෝහල් ප්‍රතිකාර සේවාවන් වැඩි වීම සහ විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් ඉදිරියේදීත් විශාල විදුලි බිලක් රෝහලට ගෙවීම සිදුවන බවය.
කෙසේ නමුත් රෝගී දරුවන්ගේ ජීවිත සමග කටයුතු කිරීමේදී අනෙකුත් රාජ්‍යආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය සන්තුෂ් සඳහන් කරයි.
කෙසේ නමුත් දෛනිකව ළමා රෝගීක් 1000ට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන් බවත් නේවාසිකය රෝගීන් 600ක් පමණ දෛනිකය ප්‍රතිකාර ලබන බවත් බරපතල මෙන්ම සාමාන්‍ය සැත්කම්ද විශාල සංඛ්‍යාවක් දෛනිකව සිදුරන බැවින් මෙම රෝහල කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම වගකිවයුතු කණ්ඩායම්වල යුතුකමක් යැයිද හෙතෙම පෙන්වාදේ.







