ඩෙංගු රෝගය ආසාදිත වී සිටින ගල්වැව සිරිධම්ම හිමියන් අනියමින් ඝාතනය නොකර වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද සවස කොළඹ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකක ඉදිරියේ උණුසුම් විරෝධතාවයක් පැවැතිවිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය විය.
අන්තර්විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ලය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් එම විරෝධතාවයට එක් වී සිටියහ.
ජල ප්‍රහාරක රථ සහිතව මේ භූමිය අවට ඉතා විශාල පොලිස් සහ කැරළි මර්ධන ඒකකයේ භට පිරිස් යොදවා ආරක්ෂාව තර කර තිබිණි.







