ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන කැසිනෝ ව්‍යාපාර සඳහා පළමු වතාවට විශේෂිත බලපත්‍රයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙරට ක්‍රියාත්මක වන සෑම කැසිනෝ ආයතනයකටම සිය බලපත්‍ර සඳහා රුපියල් මිලියන 500ක ගාස්තුවක් ( කෝටි 50ක්) අය කිරීමට තීරණය ව ඇති අතර එය ලබන ඔක්තෝබර් 30 වැනිදාට පෙර ගෙවන ලෙස දන්වා ඇත.
දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම නියමය නිවේදනය කර ඇත්තේ 2010 කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේය.
මෙම පනත යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා පළමුවරට අය කෙරෙන කෝටි 50ක බද්ද විශේෂයෙන් බලපානු ඇත්තේ මෙරට කැසිනො ව්‍යාපාරයේ රජු ලෙසින් සැලකෙන ධම්මික පෙරේරා ට අයත් කැසිනෝ ව්‍යාපාරයටය.
දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම කැසිනෝ පහෙන් තුනක්ම හිමිකම ඇත්තේ ඔහුගේ ව්‍යාපාර කලඹටය. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට පෙර ඔහු එහි අධ්‍යක්ෂ ධුරවලින් ඉවත්ව තිබුණද දැනටද එම ව්‍යාපාර පාලනය වන්නේ ඔහුගේ මෙහෙයවීම යටතේ බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි.
බේලීස් , එම්.ජී.එම් සහ බෙලාජියෝ යන කැසිනේ ව්‍යාපාර ඔහු යටතේ පවතින අතර මේ අනුව රුපියල් කෝටි 150ක් බලපත්‍ර ගාස්තු ලෙස ලබන ඔක්තෝබර් 30 වැනිදාට පෙර එම ව්‍යපාර ගෙවිය යුතු බවට දන්වා ඇත.







