බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝෂණ ගුණයෙන් කප් ගහපු ජනප්‍රිය එළවළු ජපන් බටු ළඟ පදිරි වෙන හැටි.

by editor
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්ය පරීක්ෂක -දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව

ජපන් බටු, සිංගප්පූරු කොළ, තවුසි කොළ ආදි ලෙස අපේ රටේ අය විවිධ නම් වලින් හඳුන්වනු ලබන මෙම ශාකය ශ්‍රී  ලංකාව පුරා ව්‍යාප්තව ඇති ඉබේ වැවෙන ශාකයකි.  Sauropus androgynus යනුවෙන් විද්‍යාත්මකවත්, Sweet Leaf ලෙස ඉංග්‍රීසි භාෂාවෙනුත්, දෙමළ භාෂාවෙන් ‘තවසි මුරුංගායි” ලෙසත් හඳුන්වනු ලබන මෙම ශාකය මීටර් 2-3ක් පමණ උසට වැඩෙන සදාහරිත බහුවාර්ෂික පඳුරකි.

ජපන් බටු

එහි තද කොළ පැහැති, සංයුක්ත, ඔවාලාකාර පත්‍ර හට ගන්නා අතර, පත්‍ර මධ්‍යයට වන්නට අලංකාරවත්  සුදු පැහැති පැල්ලමක් පිහිටයි. සංයුක්ත පත්‍රයේ මැද නාරටිය දිගේ රතු දම් පැහැති මල් හට ගන්නා අතර, රෝස සුදු පැහැති ගෙඩි හට ගනී.

මෙම ශාකය අග්නිදිග ආසියාව පුරා දක්නට ලැබෙන අතර, චීනය, ජපානය, මැලේසියාව තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව වැනි ආසියාවේ බොහෝ ප්‍රදේශවල මෙම ශාකයේ ලා රිකිලි, නොමේරූ පත්‍ර සහ ඇට ඉවත් කළ ගෙඩි ද ආහාරයට ගනී. දඩු කැබලි සහ බීජ මගින් ප්‍රචාරණය කළ හැකිය. සිරියාවන්ත, අලංකාරවත්, නඩත්තුව පහසු, ආක්‍රමණශීලී නොවන, අනිකුත් ශාකවලට බාධා නොකර පාඩුවෙි වැඩෙන ශාකයකි.

ජපන් බටු යනු ආහාරයට මෙන්ම භූමි අලංකරණයට ද ගැළපෙන, කාබනික පොහොර සකස් කර ගැනීමට මෙන්ම සත්ත්ව ආහාර සඳහා ද වැදගත්වන ගෙවත්තකට පරිපූර්ණ එකතු කිරීමක් වෙයි. වගා කරනු ලබන ප්‍රධාන පෙළේ උඩරට එළවළුවලට තරම් ජනප්‍රියතාවයක් සහ වැදගත්කමක් නොලැබුන ද ශ්‍රී ලංකාවේ ජනතාව ද ජපන් බටු කොළ මැල්ළුමක් ලෙස ආහාරයට ගනී.

අපමණ පෝෂණ අගයක්.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජපන් බටු කොළවල පෝෂණ සංයුතිය පිළිබඳව සිදුකර තිබෙන විද්‍යාත්මක අධ්‍යයනවලට අනුව මෙම කොළ විටමින්, ඛණිජ ලවන, ඇතුලු ක්ෂුද්‍ර පෝෂක වර්ග රාශියකට සහ ආහාරමය තන්තු, ප්‍රෝටීන්වලින් ඉතා පොහොසත් ආහාරයක් බවට තහවුරු වී තිබේ. පෝෂණයෙන් අතිවිශිෂ්ට හරිත එලවළු ලෙස පෝෂණ ලොවෙි කිරුළු පලන් ප්‍රකට හරිත එළවළු භෝග හා සැසඳීමේදී මෙහි තිබෙන පෝෂණ ගුණයන් ඉහළ මටිටමක තිබෙන නිසා මුරුංගා කොළ, නිවිති සහ කේල් ද (අතුගෝවා)  ඉක්මවා යන ‘බහු පෝෂණීය හරිත එළවළුවක්‘ ලෙස ජපන් බටු හැඳින්වේ.

ජපන් බටු කොළ අවුන්සයක ඇස්කෝබික් අමිලය (විටමින් සී) අපගේ දෛනික අවශ්‍යතාවයෙන් සියයට 100 ක පමණ ප්‍රමාණයක් ලබා ගත හැකිය. ජපන් බටු පරිණත පත්‍ර ශාකමය විටමින් ඒ ප්‍රභේදයක් වන බීටා කැරොටින් (β-Carotene) සහ විටමින් ඊ ප්‍රභේධයක් වන ඇල්ෆා ටොකොපෙරෝල් (α-Tocopherol) සඳහා මෙන්ම බී කාණ්ඩයේ විටමින් වර්ග සඳහා ද ඉතා පොහොසත් ප්‍රභවයක් වන බව සොයා ගෙන තිබේ.

ජපන් බටු කොළවල බීටා කැරොටින් අන්තර්ගතය, කොළ ග්රෑම් 100ක බීටා කැරොටින් ජාත්‍යන්තර ඒකක (IU) 7400 සිට 9250 දක්වා අතරත් , විටමින් ඊ 17.6 සිට 15.6 දක්වා පරාසයකත් පවතින බවත් සොයාගෙන තිබේ. මෙකී විටමින් සී, ඒ සහ ඊ යන විටමීනයන්ගේ සුසංයෝගය ඉතා බලගතු සංයෝජනයකි. මක් නිසාද යත්, මෙම විටමින් වර්ග තුනම විටමීනවලට අමතරව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයන්ද වන බැවිනි.

ජපන් බටුවල ඛණිජ ලවන සංයුතිය පිළිබඳ අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇත්තේ මෙහි පරිණත පත්‍රවල යකඩ, කැල්සියම් පොස්පරස් සහ සින්ක් ප්‍රමාණයන් ඉහළ අගයන්ගෙන් වාර්තා වන බවයි. විශේෂයෙන් යකඩ මෙහි පත්‍රවල බහුලව දක්නට ලැබෙන ඛණිජලවනයක් වන අතර, එහි සාන්ද්‍රනය අමු කොළ ග්‍රෑම්  සියයක මිලි ග්රෑමි 10 ක් පමණ වෙයි. එම ප්‍රමාණය සාමාන්යයෙන් වැඩුණු පිරිමියෙකුට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය ඉක්මවන අගයක් වන අතර, වැඩුණු කාන්තාවකගේ යකඩ අවශ්‍යතාවයෙන් සියයට 75 ක් පමණ වෙයි. එහි සින්ක් ප්‍රමාණය කොළ ග්රෑම් 100 ක මිලි ග්රෑමි 1.26 සහ 1.48 අතර අගයක වෙයි. එය වැඩිහිටි පිරිමියෙකුගේ දෛනික සින්ක් අවශ්‍යතාවයෙන් 11%ක් පමණ වෙයි. සින්ක් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයට උපකාර කරන අතර, තුවාල සුව කිරීමට, රසය සහ ගඳ සුවඳ දැනීමට, අක්මාවේ  විස හරණ ක්‍රියාවලියට මෙන්ම ලිංගික සරුභාවය සදහා ද සින්ක් වැදගත් වේ.

පෝෂණ ගුණවලට අමතරව ජපන් බටුවල පිළිකා හෘදරෝග ආතරයිටීස් වැනි ඇතැම් බෝ නොවන රෝග කිහිපයක්ම වැළැක්වීමට ඉවහල් විය හැකි ප්‍රබල ජෛව ඖෂධීය රසායනික වර්ග රාශියක්ම හඳුනා ගන්නට අධ්‍යයනවලදී හැකිව තිබේ.

ජපන් බටු කෑමට ගන්නේ මෙහෙමයි.

දකුණු සහ අග්නිදිග ආසියාවේ රටවල්වල ජපන් බටු කොළ විවිධ සුප් වර්ග සෑදීමේදී සුලභව භාවිත කෙරේ. දකුණු ඉන්දියානුවන් සහ ලාංකිකයින් ජපන් බටු කොළ මැල්ලුම පිස ආහාරයට ගනී. අඹරන ලද ඌරු මස්, වියළි ඉස්සන්, කුකුල් මස්, පීකුදු, බිත්තර, බිමිමල් සහ මාළු සමග ජපන් බටු කොළ මිශ්‍ර කර පිසිනු ලබන රසවත් ආහාර වර්ග රාශියක් ජපනුන්, මැලේසියානුවන්, තායි ජාතිකයින්ගේ මෙන්ම ඉන්දීය ආහාර වට්ටෝරුවල තිබේ.

කොහොම සකස් කර ගත්ත ද ආහාරයට ගන්නා තෙල් සමග පිස ගැනීමෙන් පෝෂණ අගය ඉහළ යන බව ද අවදාරණය කළ යුතුව තිබේ.

අගුණ වන අවස්ථා.

ජපන් බටුවල පෝෂණ හා චිකිස්සක ගුණය කොපමණ ඉහළ අගයක පැවතිය ද මෙය දිනපතාම ආහාරයට ගැනීම සහ වැඩි ප්‍රමාණයක් එකවර ආහාරයට ගැනීම නොකළ යුතු බව  පැවසේ. අධික පරිභෝජනය ස්වශන ආබාධවලට හේතු විය හැකි බව පෙන්නුම් කර ඇත.

ජපන් බටු අමුවෙන් ආහාරයට ගැනීම සහ අමු යුෂ ආහාරයට ගැනීම (බර අඩු කර ගැනීමේ ප්‍රතිකාරයක් ලෙස) නොකළ යුතුය. එබැවින් හොඳින් පිසූ ජපන් බටු වෑන්ජනයක් සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීම සුදුසුය.

ආහාරවල අගය වැඩි කිරීම සහ පෝෂණයෙන් ශක්තිමත් කිරීම සදහා ජපන් බටු කදිමයි.

යම් ප්‍රධාන ආහාරයක වැදගත් පෝෂ්‍ය පධාර්ථයක හෝ කිහිපයක ඌනතාවක් පවතින අවස්ථාවක එම ආහාරයේ පෝෂණ අගය උසස් කිරීම සඳහා එකී පෝෂ්‍ය පධාර්ථ බාහිරව එකතු කර එම ආහාරය ශක්තිමත් කිරීම පෝෂණ විද්‍යාවෙිදී භාවිත වන වැදගත් ක්‍රමයකි. (Food fortification) ආහාර ශක්තිමත් කිරීමේ ක්‍රමවේදය විශේෂයෙන් ජනගහනයේ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් ඵලදායී ලෙස අඩු කිරීම සඳහා උපකාරී වේ.

ජපන් බටු කොළ ද එලෙස ආහාර ශක්තිමත් කිරීම සඳහා ඇතැම් රටවල්වල භාවිතා කර තිබේ. මඤ්ඤොක්කා පිටිවලින් නිෂ්පාදනය කරනු ලබන කුකීස්වල ඛනිජ ලවණ, මේද හා ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා මුරුංගා කොළ, කේල් ගෝවා (අතු ගෝවා) සහ ජපන් බටු කොළ පවුඩර් භාවිත කිරීම ඒ සදහා කදිම නිදසුනකි.

එමෙන්ම, ඉන්දුනීසියාවෙි දී ජපන් බටු කොළ, මාළු තෙල් සහ මාළු ප්‍රෝටීන සමග මිශ්‍ර කළ නූඩිල්ස් සාර්ථකව අත්හදා බලා ඇත.

අඩු වියදම් එමෙන්ම, ලෙහෙසියෙන් සොයා ගත හැකි, පෝෂණීය එහෙත් ඌණභාවිත ආහාර වර්ග සමග ශක්තිමත් කොට නව තාක්ෂණික සූපවෙිදීමය ක්‍රම ශිල්ප වලට අනුකූලව නිෂ්පාදනය කෙරෙන අති පෝෂණීය ආහාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

https://journalofethnicfoods.biomedcentral.com/articles/10.1186/s42779-022-00125-8#:~:text=Tetradecanoic%20acid%20(myristic%20acid)%2C,-preventive%20properties%20%5B136%5D.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොපමණ නියාමනය කළත් විස කැස්ස පැණිය රටට ඒම සියයට සීයක් නවත්වන්න බෑ!

Next Post

ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක්… අයර්න්තය ලකුණු 128කට සීමාවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.