මහියංගනය මාපාකඩ වැවේ දිය නාන්නට ගිය තරුණ වෛද්‍යවරයෙක් ඊයේ දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගන රෝහලේ සේවය කරන තරිඳු විජේරත්න නැමැති 31 හැවිරිදි වෛද්‍යවරයෙකි.
ඔහු දිවුලපිටිය වෙළඟානේ පදිංචිකරුවෙකි. ඊයේ උදෑසන රාජජකාරි කළ වෛද්‍යවරයා සවස සේවය නිමා කර තවත් තරුණ වෛද්‍යවරයෙක් සමග මාපාකඩ වැවේ ලාකාව සොරොව්ව අසලට දිය නාන්නට ගොස් ඇත.
වැවේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් එක්වරම වෛද්‍යවරයා දියේ ගිලී ඇත. ඔහු සමග සිටි අනෙක් වෛද්‍යවරයා අසීරුවෙන් දියෙන් ගොඩට පැමිණි කෑ ගසා තිබේ.
ඔහුගේ හඬ ඇසී ගමේ පුද්ගලයින් පැමිණ වෛද්‍යවරයා ගොඩට ගෙන රෝහල්ගත කර ඇත.
වෛද්‍යවරු ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් දිවි ගලවා ගැනීමට නොහැකි වී ඇති බව මහියංගනය පොලිසිය පවසයි.
මේ වනවිට දේහය මහියංගනය රෝහලේ තැන්පත් කර ඇත.