සූරියවැව නුවන් ජයසේකර –
ජීවන වියදම ඉහළ ගොස් ඇති හෙයින් තමන්ට ද ජීවත් වීමට අපහසු බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද සූරියවැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් සඳහා සිය පුද්ගලික වියදමින් වියලි ආහාර ලබා දීමේ අවස්ථාවකට එක් වෙමිනි.
මේ වනවිට සෑම තලයකම ජීවත්වන පුද්ගලයින්ට ජීවත් වීමට අමාරු බවත්, ජීවත් වීමට පහසු කොටසක් නම් කළ නොහැකි බවත් කී ඇමතිවරයා කඩේකට බඩු ගන්නට ගියාට පස්සේ ඒ අමාරුව දැනෙන බවත් ගෙදරදී ජීවන වියදම ගැන තමන්ට දැනෙන ප්‍රමාණය ගැන කතා වෙන බවත් ඇමතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා මෙසේද පැවසීය.
දුප්පත් මිනිහා පොඩි මිනිහා කියලා එකක් නෑ. අද තියෙන මේ තත්වය අපි හැමෝටම දැනෙනවා. හැමෝටම දරා ගන්න අමාරුයි. මේ තියෙන තත්වය එක කට්ටියකට හොදයි. තව කට්ටියකට හොද නෑ කියන්න බෑ.
ඒ නිසා ඇති වී තියෙන තත්වයට ප්‍රදේශයේ නිළධාරීන්ට හෝ දේශපාලඥයින්ට බැනලා වැඩක් නෑ. කවුරු වගකියන්න ඕනි වුනත් මේ වෙලාවේ කළ යුත්තේ මේකට වගකියන්න ඕනි අය සොය සොයා ඉන්න එක නෙමේ. අපි කවුරුත් එක්ක එකට එකතු වෙලා මේ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කිරිමයි.
ආහාර ඌණතා බහුතරයකට තියෙනවා.මේ බඩු මිල උහුලා ගන්න බහුතරයකට බෑ කියලා අපි දන්නවා. ඒ නිසා තමයි අපිත් අපිට පුළුවන් විදියට ජනතාව වෙනුවෙන් මේ විදියේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නේ.
අපි දන්නවා මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න එක ලේසි නෑ කියලා. අපි දේශපාලඥයෝ විදියට කරන්න ඕනේ තියෙන කුමක් හෝ ආණ්ඩුවක් එක්ක එකතු වෙලා මේ අසරණ ජනතාවට සේවයක් කිරිමයි. හැමදාම විපක්ෂයේ ඉදගෙන කෑ ගැහිම අදට ගැලපෙන්නේ නෑ.
මේ අවස්ථාව සදහා සූරියවැව ප්‍රාෙද්ශීය ලේකම් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.







