බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?

අනගාරික ධර්මපාලතුමාගේ 158 වෙනි ජන්ම දිනය නිමිත්තෙනි...

by editor
සැප්තැම්බර් 17, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

පාඨලී චම්පික රණවක –

අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල ආදි නාහිමිවරුන් සමඟද, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා සමඟද, 19 වැනි සියවසේ අග භාගයේ ඇති වූ බෞද්ධ පුනරුදය එකට ගැට ගැසී ඇත.

ආනන්ද ගුරුගේ මෙන්ම පසුව ආචාර්ය සරත් අමුණුගම ද ධර්මපාල චරිත කතාව විස්තරාත්මකව ලියා ඇත. හාවර්ඩ් හිඟින්ස් හා කිංස්ලි ද සිල්වා විසින් විස්තරාත්මකව ජේ ආර් ජයවර්ධන චරිතාපදානය ලියා ඇත. මේ කෘතීන් කියවීමෙන් පමණක් විසිවෙනි සියවසේ ලාංකීය දේශපාලනයේ සැලකියයුතු කලාපයක් විධිමත්ව හඳුනාගත හැකිය.

1960 ගණන්වල මාර්ටින් වික්‍රමසිංහද, 1980 ගණන්වල ගුණදාස අමරසේකර ද බෞද්ධ ආර්ථික හා සමාජ ක්‍රමයන්, මාක්ස්වාදී සමාජවාදයට ඇති සමාන්තර බව පෙන්වීමට කෘතීන් ගණනාවකින් උත්සාහ කර ඇත. නමුත් බලගතු ලිබරල්වාදී ශාස්ත්‍රීය අධ්‍යයනයක්, ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන ක්‍රියාවලිය හා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක් මා විසින් කියවා නැත.

බටහිර ලිබරල් වාදී මුල් පදනම වූයේ, සමාජමය ලෙස මානවයා සමානය. ඔහුට සියල්ල දත හැකිය. පුද්ගල නිදහස සියලු නිදහසේ පදනමය යන තර්කයක් මත ය. ලිබරල් වාදය විසින් වැඩවසම් සමාජ බෙදීම් (උස් – පහත්), රාජකීයත්වය ආදිය අභියෝග කළ අතර පුද්ගල කුසලතාවාදය පදනම් කර ගත්තේ ය. ජනතාවගේ ස්වෛරීත්වය, ඡන්ද අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් හා මානව අයිතීනුත්, පසුව එහි ජනප්‍රිය මූලිකාංග විය.

දෙවැනි කාලීන ලිබරල් වාදීන් විසින්, පුද්ගලික දේපල ක්‍රමය පිළිගැනීම විසින් සමාජවාදීන්ගේ විවේචනය ද, නූතන ධනවාදීන්ගේ පිළිගැනීමට ද ලක්විය. නිදහස් වෙළඳපොළ ක්‍රමය එහි ආර්ථික පදනම විය. දෙවනුව රාජ්‍ය හැකිතාක් දුරට හැකිලිය යුතුය යන ලිබරල් වාදීන් දැරූ අදහස විසින් සමාජ ස්ථාවරත්වයට බාධා පැමිණෙන බව ප්‍රකාශ කළ සම්ප්‍රදාය වාදීන්ගේ ද, ජාතික රාජ්‍යක අවශ්‍යතාවය පිළිගත් ජාතිකවාදීන්ගේ ද විවේචනයට ලක් විය. කෙසේ වෙතත් ලිබරල් වාදය මේ විවේචන හා දේශපාලන බලවේග අතර පරිණාමය වෙමින් ක්‍රමයෙන් සිය චින්තනය තුළට සමාජ සාධාරණත්වය, වෙළෙඳපොළ ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම, සමාජ වෙළඳපොල ක්‍රමයන් පිළිගැනීම හා ජාතික රාජ්‍යයන්ගේ පැවැත්ම පිළිගැනීම ආදී ලෙස පරිණාමනය විය. නමුත් මේ පිළිබඳ වූ ලාංකේය සංවාදයක් ඇති වී නැත්තේ, ලිබරල් වාදය යනු කන, බොන, නිදන තෙරුවන අදහන, බටහිර අධිරාජ්‍යවාදයේ දර්ශනයක් ලෙස බරපතළ ලෙස හංවඩු ගැසී ඇති නිසාය.
සමාජමය ලෙස බෙදී තිබූ බමුණු සමාජයට මිනිසුන් සමානය යන විප්ලවකාරී අදහස බුදු දහමින් ලැබුණු අතර තම විමුක්තිය තමාටම සොයා ගත හැකිය යන චින්තනයත් සමග නිදහස් විවෘත සමාජයකට මාවත විවර කරනු ලැබීය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ධර්මපාලතුමාට කටයුතු කිරීමට සිදු වූයේ, ‍ බ්‍රිතාන්‍ය කිරීටය විසින් සිංහල බස ද, බෞද්ධ දර්ශනය හා සාසනය ද, පාගා තිබූ පසුබිමකය. එහෙයින්ම එතුමාගේ බස ද, ක්‍රියාකාරීත්වයද බොහෝ සෙයින් රළු වූ අතර අධිරාජ්‍යවාදීන් පමණක් නොව දේශීය ප්‍රභූ පන්තිය ද බිය ගන්වනු ලැබීය. ජපානය මෙන්, බටහිර කර්මාන්ත හා දැනුම ආර්ථිකයේ පදනම කරගත යුතු බවට වූ ධර්මපාල මතයද මුල් යුගයේ සේනානායක වැනි “ගොවිකම” මුල්කරගත් නායකයින්ට වැටහුනේ නැත. වාමාංශිකයන්ගේ ආදර්ශය වූයේ සෝවියට් සමාජවාදයයි.

ජේ ආර් ජයවර්ධන මහතා මුල පටන්ම කාර්මිකකරණයේ අදහස මත සිට ගත්තේය. රාජ්‍ය මුල්කරගත් කර්මාන්ත ගැන ද මුලදී අදහස් පළ කළේ ය. පසුව ආර්ථිකය නිදහස් කළේය. නමුත් දේශපාලනමය ලෙස අධිකාරිවාදී වූ අතර, ලූම්පන් පන්තියක ආර්ථික හා දේශපාලනික නැගීමට, චේතනාන්විතව ඉඩ දුන්නේය. ඒ නිසාම නූතන ධර්මපාල වාදීන්ට ජේ ආර් ගේ ධර්මිෂ්ඨ සමාජය පිළිකුලක් විය.

20 වැනි සියවසේ ලාංකීය දේශපාලනයේ දමිල හා මුස්ලිම් ප්‍රජාවන්ගේ දේශපාලනය බල වාදය අත්හළ විට, ධර්මපාල තුමා, ජේ ආර් ජයවර්ධන හා බණ්ඩාරනායක යන චරිත අර්ධ ලිබරල් වාදීන් ලෙස දාර්ශනිකව ඇතමෙකුට පෙන්නා දිය හැක.

වත්මන් ආර්ථික බංකොලොත්භාවය ජය ගැනීමට ලිබරල් වාදී උපක්‍රමවලට හැකිද යන්න ඉදිරි මාස කීපය තුළ තීරණය වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිබරල් උපක්‍රම සාර්ථක නොවුන හොත්, සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන දැන්ම සංවාදයක් ඇති කරගත යුතුය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නොඑසේනම් මනෝරාජික ජනකාන්තවාදීන්ට රට ගොදුරු වී කබලෙන් ලිපට වැටීමට රටට සිදු වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

E7 වීසා කාණ්ඩයේ දකුණු කොරියානු රැකියා වෑද්දුම්කරුවන්ට පමණයි…

Next Post

අප නොදන්න කොල රත්තරන්…. හැම වාරයකම ගස් යට කුණුවෙන  පෝෂණ නිධානයක කතාව…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.