ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනාධිපතිව වරණය සඳහා ඉදිරිපත් වූ තමන්ට පක්ෂව ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරුන් නව පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටු සඳහා චේතනාන්විතව නම් නොකිරීම අශිෂ්ට දේශපාලන හැසිරීමක් බවත් ඊට තම දැඩි පිළිකුල සහ විරෝධය පල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලිඛිතව දන්වා තිබේ.
පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව සහ රාජ්‍ය ගිනුම් කාරක සභාව සඳහා පත්වීම් සිදුකිරීමේ දී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ තමන් ද ඉවත් කර ඇති බව ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙයි.
එම තත්ත්වය තේරුම් ගත හැකි වුවත් මේ දිගු කාලය තුළ එම කමිටු නියෝජනය කළ විදග්ධයෙක් වූ ජී.එල් පීරීස් හා නීතිඥ ඩිලාන් පෙරේරාත් හිටපු කමිටු සාමාජිකයන්වන ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකරත් නෙරපා හැරීම ස්වාභ යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්ම ද උල්ලංඝණය කරන බව එම ලිපියෙන් ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.
ඔහු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ රට ගොඩනැගීම සඳහා සියලු භේද පසෙක ලා එකතුවන්නට යෝජනා කරන ජනාධිපතිවරයා මේ ආකාරයේ ස්වකීය මතවාදයට ප්රතිපක්ෂ වූ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම හරහා නැවත පෙන්නුම් කරන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව ගිලන්ව සිටින ලාංකේය කෛරාටික දේශපාලනයේ නශ්ඨාවශේෂ ද යන්නය.
එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.








