පසුගිය දා අනුරාධපුර තලාවේ දී රිය අනතුරකට ලක්ව බරපතල ලෙස ගිලන් වී සිටින ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනී ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ගියේය.
ඔහු ප්‍රතිකාර ගනිමින් සිටි කාමරයට ගිය ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි ගේ ප්‍රතිකාර සම්බන්ධව වෛද්‍යවරුන් සමග ද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
රෝහල් අධ්යක්ෂවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ පැන නැගී ඇති ඖෂධ හිඟය සම්බන්දව විමසා කඩිනමන් ඖෂධ හිඟය වළක්වා ගැනීමට පියවර ගන්නා බවත් රෝගීන්ගේ ජීවිත සම්බන්ධව තමාට විශාල වගකීමක් තිබෙන බවත් පවසා තිබේ.
ජැක්සන් ඇන්තනීගේ ඉක්මන් ප්‍රතිකාර කටයුතු සම්බන්ධ යම් අවශ්‍යතාවයක් ඇතිනම් නොපමාව දන්වන ලෙස ද ජනාධිපතිවරයා පවුලේ අයට දැනුම් දී ඇත.
වෛද්‍ය ප්‍රතිකාර සේම අධ්‍යාත්මික ආශීර්වාදය ද අවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඊට සිය උපරිම සහාය ලබා දෙන බවත් පවසා තිබේ.








