ජංගම දුරකථන සේවා සපයන සමාගම වෙනස් වුවද තමන් භාවිත කරන දුරකථන අංකය වෙනස් නොවන ආකාරයේ ක්‍රමවේදයක් එනම් දුරකථන අංකය තමන් සතු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අදාල මූලික පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.
මෙම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ මේනක පතිරණ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ මුලික පියවර මේ වනවිට ගෙනඇති බවය.
ජංගම දුරකථන අංකය රැගෙන යාම එනම් Mobile Number Portability MNP නැමැති පරිගණක ගත ජාලයක් මඟින් ක්‍රියාත්මක වන අතර එක් සේවා සපයන ජංගම දුරකථන සමාගමකින් තව එකකට මාරු වීමේදී එම අංකය ජංගම දුරකථන අංකය එම ජාලය හරහා හුවමාරු කිරීමක් සිදුවෙයි.
මේ වනවිට ඇතැම් පුද්ගලයන්ට තම දුරකථන සේවා සපයන සමාගම විවි හේතු නිසා මාරුකිරීමේ අවශ්‍යතාව තිතිබුණ ද තමන්ගේ දුරකථන අංකය හදිසියේ මාරුකිරීමේ පවතින ප්‍රායෝගික අපහසුතා නිසා ඔවුන්ට එම කටයුත්ත සිදුකර ගැනීමට නොහැතිව තිබේ.
නව ජාලය ක්‍රියාත්මක කිරීම තුළින් මෙම බාධාව මඟහරවා ගත හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම විශ්වාසය පළකරයි.







