බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගර සභාව ශ්‍රී දළදා පෙරහර දැකීමේ මහජන අයිතිය ජාවාරමුන්ට විකුණයි…

by editor
අගෝස්තු 5, 2022
in පුවත්
perahara
Share on FacebookShare on Twitter

සිංහලයේ අති උතුම් සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ශ්‍රී දළදා පෙරහර මහනුරව නගර සභාව විසින් කූඨ ජාවාරම් කරුවන් හා එක්ව  විකුණාගෙන කන ජාවාරමක තොරතුරු ලංකාසරට හෙළිදරවු වේ.

හෙළිදරව් වන  පරිදි සිද්ධිය මෙසේය.

හිසට සෙවනක් සහිතව මහනුවර ශ්‍රි දළදා පෙරහර  සාමාන්‍ය ජනතාවට නැරඹිය හැකි  එකම ස්ථානය ක්වීන්ස් හෝටලයේ කොරිඩෝවය. එය මහජනයාට අයිති පොදු පදික වේදිකාවක් සේ සැලකෙන කොටසකි.

පොදු ඉඩක් පෙරහර දා අලෙවි කර මුදල් සෙවීම සම්බන්ධව මින් පෙරද ප්‍රශ්න පැන නැගුණ අතර මහ මළුවේ පුටු වෙළෙඳාම නැවතී ගියේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

කෙසේ වෙතත් මෙම කොරිඩෝවේ පුටු දමා එම පුටු නගර සභාව මගින් නියමකළ මිල ගණන්වලට අලෙවි කර නගර සභාවට ආදායමක් ගැනීමට යෝජනා වී තිබිණි. බොහෝ විට එය සාපේක්ෂව සාධාරණ මිලක් විය.  මෙවර ඒ මිල රුපියල් දෙදහස් පන්සියයක් පමණ වනු ඇතැයි අපෙක්ෂා කෙරිනි.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පදිකවේදිකාව මුළුමනින් වසා ලෑලි වේදිකා සකසා ඇති ආකාරය…

එහෙත් පෙරහර පුටු මිලට ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකතන අංක වලට කතා කිරීමේදී ඔවුන් අපට පැවසුවේ  පුටු සියල්ල අළෙවි වී අවසන් බවයි. මහනුවර පුද්ගලයින් කිහිපදෙනෙකු පුටු සියල්ල මිලට ගෙන තිබෙන බැවින් ඔවුන් ගෙන් පුටු මිලට ගන්නා ලෙස නගර සභා සේවකයින් අපට  දැනුම් දුන්නේ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකද ලබා දෙමිනි.

එම අංක වලට කතා කිරිමේදී කුඹල් පෙරහර නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 7000 ක්ද රන් දෝලි පෙරහරක් නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 9000 ක්ද අය කරන බව ඔවුහු අපට කීහ.

රුපියල් නව දහසකට විකුණන්නේ මේ පුටුවක්…

පුටු විකිණීම ජාවාරමක් ලෙස විතැන් වන්නේ  අවසන් මොහොත වනතුරුත් නගර සභාව විසින් මේ ස්ථානය කළමනාකරණය කරන බවට නිගමනය කර සිටියදීය.

මේ සම්බන්ධව සොයා බැලීමේ දී හෙලිදරවු වන්නේ පරෙහර ආරම්භ වීමත් සමග ක්වීන්ස්  හෝටලය ඉදිරිපිට පොදු ජනතාවට අයත් පදික වේදිකා භූමිය        පුද්ගලයින් කීපදෙනෙකුට  විකුණා ඇති බවය.

මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත්  තමන් මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්නා බව   ප්‍රකාශ කළේය.    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ   කීවේ පෙරහර සංවිධානය කරන සාකච්ඡාවල දි කිසිම පිටස්තර පුද්ගලයෙකුට පුටු විකිණීමේ ඉඩ ලබා නොදීමට තීරණය කළ බවය.     මහනුවර පුරපති කේසර සේනානායක    මේ සම්බන්ධව වහා සොයා බලා පියවර ගන්නා බව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF යෝජනාවලට කවුරු කැමති අකමැති වුනත් අපට පිළිගන්න වෙනවා. – ජනපති

Next Post

අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්… ජනපති අරගලකරුවන්ට කියයි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.