ඉන්දියාව එකතැන පල්වීම හෝ අවපාතයක් ඇති වීම ගැටළුවක් නොවන බව ඉන්දියාවේ ලෝක් සභාවේදී ඇති වූ මිල ඉහළ යෑම පිළිබඳ විවාදයේදී මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මයි පැවසුවාය. ඉන්දියාවේ ආර්ථිකය වඩාත් ශක්තිමත් බව ජීඑස්ටී හා පීඑම්යි වාර්තාවල සඳහන් බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
“කොවිඩ් වසංගත තත්වයෙන් පසුව ගෝලීය ආර්ථික අර්බුදයකට මුහුණ දෙද්දීත් අපේ ජනතාව ඒ අභියෝගවලට ඉතා හොඳින් මුහුණ දීම ගැන අපි ඔවුන්ව අගය කරන්නම ඕනේ.. කොහොම වුණත් අපි වෙනත් රටවල්වලට වඩා හොඳින් මේ ගැටළුවලට මුහුණ දුන්නා..” අමාත්‍යවරිය පැවසුවාය.
ගෝලීය ආර්ථික කඩා වැටීමත් සමඟින් ඉන්දියාව ද පහතට වැටුණත් ඉතාම ඉක්මණින් වේගවත් වර්ධනයක් සහිත රට බවට පත් වෙන්නට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.