දිනසේන රතුගමගේ –
දින දෙකක් පාසලට නොපැණීම නිසා තඩි පොල්ලකින් ගුරුවරයෙකු විසින් කිළිනොච්චියේ පාසල් සිසුවෙකුට සිසුවෙකුට පහර දීම නිසා එම සිසුවා බරපතල ලෙස තුවාල ලබා 2 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
එස්.සෙල්වදන් නැමති දහතුන් හවිරිදි පාසල් සිසුවාගේ පාපැදිය ඊට පෙර දිනයකදී පාසලේදී කවරෙකු හෝ සොරා ගෙන ඇති නිසා ඔහු දින දෙකක්ම පාසලට පැමිණ නැත.
මේ පිළිබඳව විමසමින් ගුරුවරයා විසින් සිසුවාට අමානුෂික අන්දමට පහර දීම නිසා පාසල් සිසුවා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් කිළිනොච්චිය පොලීසියට මානව හිමිකම් කාර්යාලයට හා කිළිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාට සාධාරණයක් ඉටු කොට දීම සදහා කිළිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඉදිරිපත් වී සිටිති.
ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ එම පාසල ඉදිරිපිටදී 4 වෙනිදා විරෝධතාවයක් දියත් කිරීමටද කටයුතු සූදානම් කොට ඇත.